Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Friday 29 October 2010

ඊයේ හැන්දෑවරුවේ පරණ පොතක් හොයන්න කම්මැලි කමට කියවන්න..මේ පොතේ නම “සදුගේ දියණිය”..හුගක් කාලෙකට කලින් මං කියවපු හුගක් ලස්නසන පොතක්..මේක විද්‍යාප්‍රබන්ධයක්.ඒ වුනාට ඇතුලින් ගාලාගෙන යන ලස්සන ආදර කථාවකුත් තියනවා.මේක ලියලා තිබුනේ ACL cables ආයනයේ වැඩ කරපු කෙනෙක් මගේ මතකේ හැටියට..ලියපු කෙනාගේ නම නම් මතක නෑ.කොහොම හරි මට ඊයේ හැන්දෑවේ මේ පොත කියවන්න හිතිලා මගේ තිබ්බ කබඩ් ‍එකේ කොනක ඉදන් හොයන්න ගත්තා..මේක හොයාගෙන යනකොට මට හම්බුන පරණ photo albums වගයක් දැක්කට පස්සේ හිතුනා ගෙවුන අතීතෙට ආපහු යන්න පුලුවන්නම් කියලා..මේ මගේ ඒ ගෙවුන මතකයන්ගේ සුන්දර අතීත ආවර්ජනය ගැන මට හිතුන දේවල් ටිකක්..

 

මුලින්ම මේ photo එක බලලා ඉන්නකෝ..

Lahiru Udayanga 1994 @ Haggala Garden. ®

මේ photo එක ගත්තේ 1994 දී විතර..එකියන්නේ මට අවුරුදු 4ක් විතර කාලේ..අපි නුවර එලියේ ගියපු trip එකක දී ගත්ත එකක් මේත.මතක විදියට නම් මේක අරන් තියෙන්නේ අපේ තාත්තා.මේ trip එකේ හුගක් විස්තර නම් පැහැදිලි මතකයක් නෑ..පුංචි කාලෙනේ ඕං..කොහොම උනත් ඒ කාලේ හරිම සුන්දරයි..කිසිම වගකීමක් නෑ..හීනා වෙවි සෙල්ලම් කර කර ජීවත්වෙද්දි ඒ කාලේ ගෙවිලා යනවා දැවුනේවත් නෑ..

 

මේ තියෙන්නේ ඊළග photo එක..

Lahiru Udayanga 1996. ®

මේ photo එක ගත්තේ මං එක වසරේ ඉන්න කාලේ..ඒ කියන්නේ 1996 අප්‍රියෙල් මාසේ 20 වැනිදා..ඒ කියන්නේ ඕං හරියටම ඒ මගේ උපන් දිනේ දවස..උදේම අම්මා කිරිබත් එමෙ හදලා කවලා එහෙම ඉස්කෝලේ යන්න ලෑස්ති උනාට පස්සේ තාත්තා තමා මේ photo එක ගත්තේ උදේ 6.30ට විතර..Digital Cmaras,Photo shop…ඒවා මේවා මුකුත් නැතිව සාමාන්‍ය ඇනලොග් කැමරවකට රීල් එකක් දාලා ගක්ක මේ Photo එක ඇතුලේ digital effects 1000ක් දාලාවත් ගන්න බැරි අමුතු සුන්දරත්වයක් මට දැනෙනවා..උදේ ඉර එලිය ගස් උඩට වැලා මවන්නේ අකුරු කරන්න බැරිතරම් සුන්දරත්වයක්..සමහරවිට මට එහෙම දැනෙන්නේ මේ මගේම මතකයන් නිසා වෙන්න ඇති..

 

මේ ඊළග photo එක…

Lahiru Udayanga 2000 @ Anuradhapura Niwaththaka Chethiya MV-Primary Devision. ®

මේ photo එකේ ඉන්නේ 2000 අවුරුද්දේ මාත් එක්ක පහ වසරේ ශිෂ්‍යත්ව විභාගෙන් අපේ ඉස්කොලෙන් පාස් උන set එක..උඩ ඉදන් දෙවෙනි පේලියේ දකුණු පැත්තේ ඉදන් දෙවෙනියට ඉන්නේ මං ඕං..මේ අවුරුද්දේ පහ වසරේ ශිෂ්‍යත්ව විභාගෙන් ලංකාවේ දෙවෙනියත් අපේ ඉස්කොලේ හිටියේ..එයා උඩම පේලියේ දකුණුපැත්තේ ඉදන් පස්වෙනියට ඉන්නේ.කියන්න බැරි උනානේ මං පුංච් කාලේ ඉස්කොලේ ගියේ අනනුරාධපුර නිවත්තකචේතිය මහ විද්‍යාලෙට..ඒක නම් කියන්න බැරිතරම් සුන්දර කාලයක්..නොකරපු දෙයක් නෑ වගේ අපේ සෙට් එක..ඔළු පලා පග්ගා ගහගත්තා..මේ මොනදේ ඒ උනත් කවදාවත් අපේ සෙට් එකේ කවුරුත් අපේ සෙට් එකේ කාත් එක්කවත් දවසකට වඩා තරහා වෙලා ඉදලා නෑ.මොනදේ උනත් පහුවදා ඉදලා ආයෙත් යාළුයි..දැන් නම් මේ photo එකේ ඉන්න අපේ සෙට් එක ඉන්නේ ලංකාවේ හතරවටේට විසිරිලා..සමහර උන් ලංකාවෙත් නෑ..සමහරුන්ට දැන් පොඩ් උනුත් ඉන්නවා බැදලා.කොහොම කොහොම හරි අපේ සෙට් එකේ හැම එකෙක් ගැනම අවුරුද්දකට සැරයක් හරි පුංචි හරි ආරංචියක් ලැබෙනවා ලොකේ කොහේ හිටියත්…

 

smile_sadඑත් මේ photo ඉන්න එකම එක්කෙනෙක් ගැන කිසිම ආරංච්යක් නෑ අද වෙනකම්..එයා ගැන නම් මං හුගක් හෙව්වා..එත් හොයගන්න කිසිම විදියක් නෑ…එයා තමා මේ photo එකේ පහලම පේලියේ දකුණුපැත්තේ ඉදන් පස්වෙනියට ඉන්නේ..දැන්නම් මෙයාගේ හැඩරුව photo එක ගත්ත කාලෙට වඩා හුගාක් වෙනස් ඇති.මේ Phoo එක ගත්ත දවස් වල නම් එයයි මායි වැඩිය අදුරන්නෙත් නෑ..එත් අපි පහ වසරෙන් පස්සේ හය වසරට ආවම එයා මගේ හොදම හොද යාළුවෙක් උනා..මං එයත් එක්ක මුලින්ම කථාකලේ එයා ලග තිබුන පත්තරයක් ඉල්ලගන්න මතක විදියටනම්.කොහොම උනත් හිතාගන්න බෑ එච්චර හොද යාලුවෙක් උනේ කොහොමද කියලා...ඒත් වැඩිකාලයක් අපිට ඒ පංතියේ ඉන්න හම්බුනේ නෑ.හරියටම දවස් 5යි..එයා අපි හිටපු ඉස්කොලෙන් අස්වෙලා ගියා..අඩුම තරමේ එයාගේ නමවත් මට අහගන්න හම්බුනේ නෑ.ගියේ නම් කොලඹ විශාඛා එකට මතක විදියට ගියේ..කොහොම උනත් විශාඛා එකට හරි දේවිබාලිකා එකට හරි තමා..හුගක් විට විශාඛා තමා..මේක කියවන කවුරැහරි එයාව දන්නවානම් පොඩ්ඩක් කියන්න මතක් කරලා... එක්කො පහල comment එකක් දාන්න..නෑත්නම් මට email එකක් දැම්මත් කමක් නෑ…

හරි හරි දැං ආයෙත් කථාවට එමුකෝ..මේ කාලේ අපේ පංති භාර මිස් වෙලා හිටියේ වැලිවිට කියලා මිස් කෙනෙක්.හරිම ආදරෙයි මේ මිස් ළමයින්ට..ඒත් ටික කාලෙකින් මේ මිස්ට ට්‍රානසර් එකක් අවා තලාවේ ඉස්කොලෙකට..ඊළගට අපේ පංති භාර මිස් උනේ මාලා රමණි ළමයි ගැන පුදුම විදිය හොයලා බලපු මිස් කෙනෙක්..ඒ දවස් වල අපේ ගෙදරට වැඩියෙන්ම calls ආවේ මේ මිස්ගෙන් තමා..නිවාඩු කාලෙට උනත් ගෙදරට call කරලා හරි පාඩම් කරවනවා.ඒ වගේම තව මිස් කෙනෙක් හිටියා ඥානා මිස් කියලා..මේ මිසුත් ළමුයිට පුදුම ආදරෙයි..මේ වගේ ගුරුවරු දැන නම් හුගක් අඩුයි..ඒකාලේ අපිට මේ ගුරුවරු අම්මලා වගේ..එ නිසාම අපි අදටත් ඒ ගුරුවරුන්ට අම්මලාට වගේම ආදරෙයි..හැබැයි දැන්නම් මේ ස්කෝලේ primary classes නෑ. හය වසරේ ඉදන් විතරයි පංති තියෙන්නේ

 

මෙන්න ඊළග photo එක…ශිෂ්‍යත්වයෙන් පාස් උනාට පස්සේ අපේ තාත්තා ම‍ට දීපු තෑග්ග..

Lahiru Udayanga 2003 @ my room. ®

 

මේ තියෙන්නේ මගේ කාමරේ..ඒවගේම මගේ මුල්ම computer එක..මේත තාත්තා අරන් දුන්නේ ශිෂ්‍යත්වයෙන් පාස් උනාට 2001 අග විතර..ඒ වගේමයි මං මේකේ නොගලවපු කෑල්ලක් නෑ හොයාගන්න..මේ ‍පේනවා නේද මොනිටරේ පොඩ්ඩක් ඇද වෙලා වගේ..ඒවත් මගේ වැඩ වල side effect තමා..

smile_tongue

මේකේ brand එක compaq deskpro..මේකේ configuration නම් Intel 333/66Mhz Slot A type processor,6GB HDD,64 MB ram,8MB VGA,USB1.0,8x CD drive,17 inch display..Operating system එක windows 98se.මේකේ විශේෂම දේ තමා මේකේ system Unit එක desktop හා tower (vertical & Horizontal) ආකාර දෙකටම තිබ්බ හැකි.ඇතුලේ තියන මදේ rotate කරගන්න පුලුවන් ඕනේ විදියට.පස්සේ කාලෙක මේකට 40GB hard එකක් ගැහුවා..ඒක කිසිම අවුලක් නැතුව  detect කලා.2003දී විතර XP දැම්මා.

දරන්නම් මේක තියෙන්නේ පෙට්ටියක..ඒත් එලියට අරන් හයිකරගත්තොත් අදටත් මේක වැඩ ගින්දර වගේ..

 

මෙන්න ඊළග photo එක..

Lahiru Udayanga 2005@ anuradhapura Cental College. ®

මේ photo එකේ නම් මම නෑ ඕං..මේත ගත්තෙ මමනේ..smile_regular

මේක ගත්තේ 2005 මාර්තු විතර..අපේ ස්කොලේ sport meet එක කාලේ..මේකේ ඉන්න උන් ගෙන් එකෙක් දෙන්නෙක ඇර අනිත් සේරම උන් අපේ අතිජාත සෙටි එකේ උන තමා..මේ කාලේ අපි 10වසරේ..ඒ කාලෙත් මාරම fun ගත්ත  කාලයක්..දැන් නම් අඩුම තරමේ මේ building එකවත් ඉස්කොලේ නෑ.මේ පහල තියෙන්නේ මේ අවුරුද්දේ තිබ්බ(2005) sport meat එකේ parade එක practice වෙන කාලේ photo එකක්..

Lahiru Udayanga 2005. ®

දැං ඉතින් අහන්ඩ එපා මේකේ ඉන්න මේ ගෑනු ළමයා කවුද කියලා..එයාව නම් අපි දන්නේ නෑ ඕං..මෙයා අනවසරෙන් අපේ photo එකේ frame එක cross over කරපු කෙනෙක්….

 

මේ photo ‍‍දෙකේනම් පොඩ් අතුරු කථාවකුත් තියනවා..මේ කාලේ (2005දී) මාත් නිකන් ආසාවට වගේ දන්න සෙල්ලම් දාලා මං හැදුවා මටම කියලා වෙබ් අඩවියක්..මුලින්ම මේක හැදුවේ මගේ personal යදපැ ච්ටැ එක විදියට…පස්සේ හිතුනා මේකට පොඩ් developing පාරක් දාලා sport meet එකේ විස්තර update කරන්න.. එසේ මෙසේ උනක් නෙවේ ඒක නම්..උවමනාව තිබ්බේ live streaming transmission එකක් කරන්න..ඒ උනාට ඒ දවස්වල online video streaming ගැන මෙලෝ දෙයක් දන්නෑ..ඕං ඒ දවස් වල ටෙක්කථා වත් තිබුනානම් කොහොම හරි වැඩේ ගොඩදාගන්න තිබුනා කාගෙන් හරි අහගෙනවත්..

 

අන්තිමට ඉතින් live photo updates තාමා..ඒතත් live කිව්වට පැයක විතර photo එක පාරකට upload කරනවා.අයේ පැයකින්.. කොහොම හරි මේ සයිට් එක host කරලා තිබ්බේ my2gig කියලා free hosting එකක.ඒ කාලේ hosting මාර ගනන්නේ..මෙිකට තිබුනේ පතරංග ජාතක දෙකක් විතර දිග URL එකක්..හැබැයි ඒක නම් free URL redirection එකක් site එකක් පිහිවටන් කොටකර ගත්තා.. හැබැයි අන්තිමට site එක හදලා මාස 8ක් විතර යන කොට hosting server එක අතුරුදහන්..මෙන එකක් තියා free hosting දීපු ඒ official site එකත් වාෂ්ප වෙලා..ඊට පස්සේ මට ඔය SITE එක අමතක වෙලාම ගියා..

 

ආයේ ඕක උනේ ඊයේ මේ චයදඑද දකිද්දී..ඒ පාර මං පොඩ්ඩක් හොයලා බලද්දි ඒ SITE එකට url redirection ගත්ත site එකේ මගේ account එකයි guest book එක හදලා තිබ්බ සයිට් එකේ account එකයි තාම වැඩ..ඒ පාර මං URL එකත් මේ blog එකට redirect වෙන්න හදලා Guest book එකත් blog එකට දැම්මා…මේ link එකෙන් ගිහන් බලන්නකෝ..නෑත්නම් උඩ තියන GUEST BOOK කියන tab එකෙන් යන්නත් පුලුවන්..

දැන් ඉතින් අහන්ඩ එපා මෙච්චර මේ comment box එකක් තියෙද්දි ඇයි Guest Book එකක් දැම්මේ කියලා ඕං..

 

අතුරු කථාව ඉවරයි…ආයෙත් සුපුරුදු මාතෘකාවට…

 

බලන්ඩකෝ මේ photo එක..

Lahiru Udayanga 2007 @ Anuradhapura Central College. ®

 

මෙක ගත්තේ ඊට පස්සේ අවුරුද්දට පස්සේ අවුරුද්දේ..ඒ කියන්නේ 2007..අපි O/L කරලා ගෙදර හිටපු කාලේ..ඒ කාලේනම් දැනුනා අපි ඉස්කොලෙන් ඈත්වෙලා වගේ..ඉස්සර අපි කරපු දේවල් දැං පොඩි උන් කරනවා..අපි නිකම්ම එලියට තල්ලුවෙලා වගේ..කරන්ඩ දෙයක් නෑ..හැමදාම එක විදියට ස්කොලේ යන්න බෑනේ..

 

මෙන්න ඊළග photo එක…මේක තමා ඉතින් දැනට අවසන එක..අවසාන එක කිව්වේ  කාලයත් එක්ක පහුකරපු අවසාන කඩඉම…ඒ කියන්නේ මෑතකදිම පහුකරපු එක..

Lahiru Udayanga 2008@ Haggala. ®

මේ photo එකේ මං ඉන්න තැන පේනවනේ නේද….හරි හරි මං කවුද කියලා දන්න නැති කෙනෙක්ට මාව හොයාගන්න අමාරුවෙයි කියලා හිතුන නිසා මංම කියන්නම්කො..උඩම පේලියේ දකුණු පැත්තේ ඉදන් පලවෙනියා..

මේ photo එකත් ගත්තේ හග්ගල මල්වත්තේ..මේ ඉන්නේ අපේ A/L’s math’s කරන සෙට් එකෙන් ටිකක්..මේ අපේ annual batch trip එක ගිහින් 2008 දී..

 

Lahiru Udayanga 2008 World's End. ®

මේකේ නම් ඉතින් කියන්න ඕනේ නෑනේ…හොයාගන්න පුලුවන්නේ නේද? මේත්  ර කලින් කියපු trip එකේම දෙවෙනි දවස..ලොකාන්තෙට යන ගමන්තතහෝටන් තැන මැද ඉදන් ගත්තේ..

ජීවීතේ ‍කරපු පිස්සු fun වැඩ වැඩිවයන්ම කලේ මේ කාලේ තමා..A/L කාලේ කියන්නේ ජීවීතේ සුන්දරම කාලේ මගේ නම්..අපි ජීවිතෙත් එක්ක දුවලා දුවලා අපහු හැරිලා බලද්දී ඒ මතකයන් තමා අපට ඉතුරු..

smile_regular

 

 

 

4 comments :

  1. මම මෙක මුල ඉඳන් අගට යනකම් කියෙව්වා. ෆොටෝ සේරමත් බැලුවා. මට මගේ අතීතය මතක් උනා. බොහෝම ස්තූතියි. නියමයි.

    ReplyDelete
  2. @මහසෙන්
    පුංචි කාලෙනුත් අපිට වැඩියෙන්ම මතක පාසල් කාලේ..ඒ කාලෙනුත් වැඩියෙන්ම මතක A/L කාලේ..ඒ කාලේ අපි හැමෝගෙම සුන්දරම කාලේ වෙන්නැති සහෝ..

    ReplyDelete
  3. cool bro! by the way did you find the girl in the photo?

    ReplyDelete
    Replies
    1. Na appaaa..aye dakketh nadda koheda..dakkath adurannath ba

      Delete

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න