එන්න..අපි අද ගමනක් යමු…
කොහෙද? ගාලු කොටුවත් දැන් අපිට තහනම් කරලානේ..
ඉතින් අපි යමු කොහේ හරි නිදහස් තැනකට
කොහෙද යන්නේ
යමුකො කියන්න..
මේ කොහෙද? ඇයි මෙහෙට අවේ..
මෙතන අපිට ටිකක් නිදහසේ ඉන්න පුලුවන්..
අපිව අදුරන කේලං කාරයෝ එන්නේත් නෑනේ මෙහෙට…
හ්ම්…ඒත් මට බයයි බබා
බය වෙන්න එපා..ඔයාට මාව විශ්වාසයි නේද?
හා ඉතින් එන්න… අපි මේ room එකට යමු..
*
*
*
අර..අර කවුද..අර කවුද අර ජනෙලේ එහා පැත්තේ phone එකක් තියන් ඉන්නේ
කෝ මමට පේන්නේ නෑනේ..
කෝ කොහෙද…
ආ…අර එහා පැත්තේ ඉන්න කෙනාද?
ඔවි එයා තමා..
අයියෝ…එයා එතනට වේලා call එකක් ගන්නව නේද?භය වෙන්න එපා ඔයා
එත් අනේ…
කිව්වනේ ළමයෝ බයවෙන්න එපා කියලා…
*
*
*
දැන් ගොඩක් වෙලා ගිහින් නේද බබා?
ඹවි..වෙලාව යනාව දැනුනෙත් නෑ..අපි දැන් යමු නේද?
හ්ම්..යමු අපි…
*
*
*
(එදින ඔවුන් පිටවී යයි)
*
*
*
(වසර 8-10කට පසු)
*
*
අම්මේ..අම්මේ..
ඇයි චූටි දුව…ඇයි මේ කෑ ගහන්නේ..
මට ආයේ ස්කොලේ යන්න බෑ අම්මේ..
ඇයි දුව..අද මොකද ස්කෝලේ උනේ..ටීචර් බැන්නද මගේ දුවට
අම්මේ..අද අම්මාගේ photo එකක් පත්තරේ තියනවලු..
ස්කෝලේ ටීචර්ලා ඒක පෙන්නලා මගෙන් ඇහුවා අම්මා නේද කියලා..
මම ඔව් කිවිවම මට බැන්න අම්මේ..
මගේ යාලුවා..අර සචිනි..එයාගේ අම්මා එයාට කියලා මාත් එක්ක කථා කරන්නත් එපා කියලා..
ඇයි අම්මේ ඒ? ට්චර් මට හොදටම බනිනවා අම්මගේ photo එකක් පත්රේ තියනා කියලා
එත් අම්මේ ජනාධිපති Uncle ගේ photo හැමදාම පත්තරේ තියනවනේ
ඉතින් ඇයි ජනාධිපති Uncle ට ටීචර් බනින් නැත්තේ…
මට බෑ අම්මේ අයේ ස්කෝලේ යන්න…
therune na...
ReplyDeleteසුන්දර කම්මුල් පහරක්! එල යාළුවා.
ReplyDeleteඇයි දන්නෙ නෑ මෙහෙම මිනිස්සුන්ගෙ නිදහස සීමා කරන්නෙ.වෙලාවකට හිතෙනව එංගලන්ත යටත් විජිත යුගය තිබුනනම් කොච්චර හොදද කියල.මේ කොහෙවත් නැති සංස්කෘතියක් ඔළුව උඩ තියාගෙන අපිට දාහක් නීති දානව.දැන් ඔය කැසිනෝ ,සමාජ ශාලා වලට වෙනම පැත්තක් වෙන්කරන්න යනව වගේ ඔය අහවල් දේටත් වෙනම ප්‍රදේශයක් වෙන් කරල ඕක නීති ගත කොරල දැම්මනම් අහවරයිනෙ.මෙහෙම ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නෙ නැතුව.
ReplyDeleteelaaaaaaaaaa niyameta dela thiyenawa..
ReplyDelete@මධූ විරකෝන්
ReplyDeleteආයේ කියවන්න
@Prashan Fernando
ස්තූතියි සහෝ
@dinesh
ඒක ඇත්ත සහෝ..කාලයත් එක්ක සංස්කෘතිය අලුත් වෙනවා..ඒ ඇත්තට මුන දෙන්න බැරි මිනිස්සුව දාල ලෝකේ ඉස්සඑහට යනකොට ඒ තනි වෙන මිනිස්සු බලන්නේ අනිත් මිනිස්සුගේ නිදහසට සීමා දාල හරි හිර කරලා තියාගන්න..ඒ හන්දා තමා ඔය වැඩිහිටි පරම්පරාවේ ඇතැම් අය අපිට තිබුන් නැති ආතල් තොපිටත් දෙන් නෑමයි තියලා කෑ ගහන්නේ සංස්තෘතිය ඉස්සරහට දාගෙන..මං කලින් දවසක ඒ ගැන දිග ලිපියක් ලිව්වා..ඒක මෙතන තියනවා.
http://www.lahiru777.info/2010/10/blog-post.html
@Anonymous
ස්තූතියි යාළුවා..
සම්පූර්ණයෙන්ම එකඟයි!
ReplyDelete@budhajeewa

ReplyDeleteස්තුතියි සහෝ..
Good Idea....and good selected photography
ReplyDelete@Anonymous
ReplyDeleteස්තූතියි..
ඇත්තටම පහු ගිය දවස්වල ගොඩක් අයට ඔහොමම හැගීමක් දැනෙන්න ඇති. ඒත් ඉතිං කාට කියන්නද ?
ReplyDelete@හිස් අහස
ReplyDeleteඒක ඇත්ත මලයා...කාට කියන්ඩද මේ අවනඩුව වැටත් නියරත් ගොයම් කෑ නම්