සාමාන්‍යයෙන් මේ දවස් වල IT magazine එකක් ගත්තොත් එකේ වැඩිපුරම තියෙන්නේ e-money ගැන ඇඩ්ස්..තියෙන්නෙත් අයේ බැලුවොත් ගොගිහින් බැරිවෙන විදිහේ income ගැන දාලා.

ගෙදර ඉදන් මාසෙට Rs.100000ක් උපයන්න…එහෙම නැත්නම් තියනවා නොමිලේ debit card ගන්න විදිහ දැනගන්න එන්න අපේ පංතියට.. මේ විදිහේ එකී මෙකී නොකී හැම විදියටම මේ විදියේ ads තියනවා..මේවාගේ තියන විදිහට ගෙදර ඉදන් ආතල් එකේ හෙන ගානක් හොයාගන්න පුල්වන්නේ..එහෙව් එකේ මොන එහෙකට මෙහෙම පත්තර ගානේ ads දාගෙන වාත වෙනවද මන්ද කියලත් හිතෙනවා ඔව්වා කියවද්දි..කොහොම හරි ඔය කියන ක්‍රමේ කියලා දෙන්න මේ පංති කරන අය Rs.4000-10000 දක්වා වගේ මුදලකුත් අයකරනවා..අවුලක් නෑනේ ඉතින් පංති ගියාට පස්සේ හැම මාසේම Rs.100000 විතර හම්බෙනානම්..
අෆොයි…මෘතෘකාවෙන් පිට හෑල්ලක් නේද මං කියෙව්වේ..සාමාවෙන්ඩ ඕනේ ඕං..ආයෙත් මාතෘකාවට..

මටත් සෑහෙන කාලෙක ඉදලා හෙන උනක් තිබ්බා ජංජාලෙන් සල්ලි හොයන්ඩ..එත් ඕක කරලා බලන්ඩ මට වෙලාවක් හම්බුනේම නෑ ඒ කාලේ..හැබැයි උන අඩු වුනෙත් නෑ..ගිය මාසේ අග හරියේ විතර බැස්සා ගේමට..හැබැයි ඕං අපේ සේරිවාණිජ අයියලාගේ class නම් ගියේ නෑ ඕං..පත්තර ගානේ ads දාගෙන මේ අයියලා කෑගහන bux site,referral advertisement ,bux mail, වගේ හැම විදියක්ම try කලා..හැබැයි ඉකින් මට data entry වගේ එකක් නම් try කරන්න හම්බුනේම නෑ..මොකද ජංජාලෙන් මට එහෙම එකක් හම්බුනේම නෑ…හැබැයි අනිත් හැම විදියක්ම මම දැන් මාසයක් විතර තිස්සේ try කලා..හැබැයි මටනම් පත්තර ඇඩ්ස් වල තියන income තියා Rs.1000ක් වත් හම්බුනේ නෑ..උන එකම දේ එක එකාගේ script හිනදා මගේ blog එකේ loading time එක වැඩි උන එක විතරයි.. අන්කිමට ඉතින් එක එාගේ scrip කැලි සේරම අද ගලෝලා විසිකරලා සුද්ද කරා බ්ලොග් එක..infolinks text ads ටික විතරක් තිබ්බා.ඒක තිබ්බේ ඒක ගලෝලා දාන්න දුකයි වගේ නිසා..මොකද infolinks දාගන්න සෑහෙන ගේමක් දුන්නනේ.කොහොම හරි දැන් blog එක සරලයි සුන්දරයි ඕං..:D

කොහොම හරි මට අන්තිමටම කියන්න තියෙන්නේ මෙච්චරයි කෂ්ටියට..සැහෙන ලොකු online project එකක් වගේ දෙයක් නැත්නම් අන්තර්ජාලෙන් සැලකිය යුතු ලොකු ආදායමක් ඔය පත්තරවල ඇඩ්ස් දාගෙන කෑ ගහන සේරිවාණිජ අයියලා කියන විදියට හොයනවා බොරැ..ඒ හන්දා අතේ තියන සල්ලි සේරිවාණිජ අයියලාගේ පංති වලට පූජා කරන්ඩ එපා..මොකය ඒ යක්කු කියන විදියට සල්ලි හොයන්ඩනම් එලිවෙනකම් bux කෙටුවත් මදි.හැබැයි bux site වලින් ලැබෙන ගානෙන් ebay පැත්තෙන් පොඩි පොඩි දේවල් ටිකක් ගෙන්න ගාන්න සෑහෙන ගානක් හොයාගන්න බැරි නෑ..ඒ හන්දා සැලකිය යුතු ගානක් නොගෙවා භාවිතා කරන්න පුලුවන් අන්තර්ජාල සම්බන්ධතා තියන අයට bux site වලින් පොඩ් පුයෝජනයක් ගන්න බැරි නෑ..ඒ හන්දා වෙලාව හොයාගන්න පුලුවන්නම් bux site click කරන්න..එකේ අවුලක් නෑ…එත් සල්ලි ගරන්න බාලාගෙන ඉන්න සේරිවාණිජලාගේ පංති වලට යන්න එපා.කාටහරි bux site ගැන දැනගන්න ඕනේනම් පොඩ් google පාරක් දාලා හොයාගන්න.ලංති යනවට වඩා දැනුමක් එකෙන් ලබන්න පුලුවන්.හුගක් වෙලාවට සිංහලෙන්ම පුලුවන්.
එහෙනං ඕං අදට ඇති..දැං ඉතිං නිදිත්මතයි වගේ ටිකක්..:D
ඕව ගනන් ගන්න එපා,හොද කඩ්ඩ බ්ලොග් එකක් කරන්න,ඒකට මුලින්ම ඇඩ්බ්‍රයිට් වගේ එකක් දාලා ඊට පස්සෙ ටිකක් කට්ටිය අන්න ගත්තම ඇඩ්සෙන්ස් දන්න,එතකොට පොඩි ගානක් නිකන්ම ඒවි
ReplyDeletebux වලින් නම් ඔය කියන විදියට මුදල් හොයන්න බෑ තමා. නමුත් නෙට් එකෙන් සල්ලි හොයන්න බෑ කියල අත ඇරල දාන්න එපා. bux,adsense නැති වුනාට සල්ලි හොයන්න පුලුවන් තව ඕනේ තරම් ක්‍රම තියෙනවා. හැබැයි ඉතින් ලසිදු මලය කිව්ව විදියට කඩ්ඩ බ්ලොග් එකක් තියෙන්න ඕනා. ලංකාවේ අයට marketing කරන්න ටිකක් අමාරුයිනේ.usa,uk,canada traffic තියෙන site එකක් හදාගත්තොත් ගොඩ යන්න පුලුවන් ගේමක් නැතුව
ReplyDeleteලහිරු මටත් ඔයාගෙ වගේම අත්දැකීමක් තියනවා!
ReplyDeletei agree with u....!!!
මේ ඇඩ් ඔබන වැඩේ නම් මෙලෝ රහක් නෑ.........
ReplyDelete@Lasindu Nadishan | Admin - www.Slbloggs.com
ReplyDeleteතැන්කූ ඔත්තුවට..කරලම බලන්ම්කෝ ඕං
@L2K
අයිඩියා පාර නම් එල..europe පැත්තෙන් කෂ්ටිය ගෙන්නගන්නවා කියන එක කරන විදියක් ගැන
@Ravinrosh
අනිවා..:D
@ර ත් ග ම යා
මේලො රහක් නෑ කියන්නේ ඉතින් ලොවෙත් නෑ
උඹ හරි රත්ගම මාත් පේන්න බෑ ඕක...
ReplyDeleteඋඹ හරි ලහිරු අයියා !
ReplyDeleteඇඩ් කිලික් කරලා කරලා ගානක් හම්බකරයි කියමුකෝ ඒකෙන් මාසෙ ඉන්ටර්නෙට් බිල් එක වත් කවර් නැත්නම් එකේ වැඩක් තියේද ?
ජයවේවා !!
@prasanna86k

ReplyDelete@හිස් අහස
එකනේ මල්ලි කියන්නේ..මේක නිකන් 1000ට අරන් 100ට දෙනවා වගේ වැඩක්නේ.කම වෙනස් අපිට වැඩේ තේරන්නේ නෑ
Mcn Lanka Comunication Service eke Leased line eka gena Wisthara tikak Hoyala Dipanko00.
ReplyDeleteAtha
ටික දවසක් හොදට දුවන බ්ලොග් හිටි ගමන් ඇඩ් ලෝකයක් වෙනනේ මේ නිසා ද?
ReplyDelete@wath
ReplyDeleteඒක තමා හේතුව හුගක් වෙලාවට සහෝ...
infolink walin gewanawada machan? eka dbrite walata wada hoadada? payment method eka mokakda?
ReplyDelete@nelik
ReplyDeleteසාමාවෙන්න පරක්කු උනාට ටිකක්..:D
infolinks විශ්වාසවන්ත අඩවියක්
infolinks වල payment method කිපයක් තියනවා..
1.paypal
2.Infolinks Prepaid Mastercard®
3.Bank transfer(මේක ලංකාවේ බැංකුවලෙ වැඩ නෑ)
සල්ලි අතට ගන්නම ඕනේ නම් master card එක use කරන්න.එත් ඒක පාඩුයි හැබැයි.සෑහෙන ගානක් නැති වෙනවා service charges කියලා.ඒ හන්දා මං නම් පේද්ගලිකව කැමති paypal වලට