ඩයලොග් මොබයිල් ර්‍බෝඩ්බෑන්ඩ් පෙරේදා (23) මධ්‍යම රාත්‍රියට ආසන්න වෙලාවක සිට නව පෙරෙගෙවුම් පැකේජ සක්‍රීය කිරීම් නවත්වා ඇත.සදුදා (23) මධ්‍යම රාත්‍රීයට පෙර සක්‍රීය කර තිබු පැකේජ මගින් අන්තර්ජාල සබදතාවය බාවිතා කල හැකි වුවද ඒවා මගින් සම්බන්ධ වු විටද මිනිත්තු කිහිපයකට සැරයක් සමබන්ධතාවය Idle.
ඉවසලා ඉවසලා බැරිම තැන ගත්තා මේගොල්ලොන්ගේ පාරිහෝගික සේවය call එකක් ඊයේ (24) උදේ 9.00ට විතර.විනාඩි 5ක් 6ක් විතර ඉදලා ඉදලා කතා කරා මේ ගොල්ලොන්ගේ නියෝජිතයෙක්.මිනහට කිවිවම HSPA Signal stemp 3-4 ක් තියෙද්දිත් connection එක idle වෙනවා කියලා, මිනිහා කියනවා මට මොඩම් එක වෙන තැනක තියලා connect වෙන්න එතකොට හරියයි කියලා.(මිනිහා හිතිගෙන ඇත්තේ භූමි දෝෂයක් හින්දා බහිරවයා connection එක Idle කරනවා කියලද කොහෙද..අනේ මගේ කට..:D)
අන්තිමට මු අහනවා වෙන මුකුත් කියනවද දැනගන්න කියලා..මුගේ පරම්පරාවටම පුණ්‍යාණුමොදනා කරන්න හිතුනත් ඉවසගෙන මුට කිවිවා අලුත් packages activate කරගන්න බැරි ලෙඩේ ගැන..එතකොට මු කියනවා උන්ගේ network Override වෙලාලු.ඒ හන්දා මේ වෙලාවේ network Upgrade එකක් යනවලු.දවල් 12න් පස්සේ try කරලා බල්න්න එතකොට හරියයිලු..ඒ ටික කියලා ඉවරවෙනකොට මු ළගක හියානම්…….ඇයි යකෝ මු ඉස්සරලා ඹච්චර මුසාවාදා තොගයක් අතාරින්නේ නැතුව ඇත්ත තිවිවා නම් ඉවරයිනේ උන්ගේ Network fault එකක් කියලා.ජිවිතේකට මුන් හිනෙන් වත් වරද පිගිගන්නන නෑ.කොහොමහරි customer ගේ ඇගේම වරද පටවනවා මිසක්.
අයේ අන්තිමට ඊයේ 12.30ට විතර try කලා..වැඩ නෑ..ඹහොම ඉදලා 3.00ට විතර try කලා අයෙත්..වැඩ නෑ..ඒ පාර අයේ ගත්තා කෝල් එකක්.එතකොට කියනවා system maintain process එකක් තියනවා රෑ 8.00ට විතර බලන්න කියලා..dialog අයිතිකාරයාගේ පරම්පරාවටම පුණයානුමොදනා කර කර හිටියා රෑ 8.00 වෙනකම්.ඇයි දෙයියනේ මුන් කිව්වා නම් උදේ කථා කරපු වෙලාවෙම Network එක ගොඩ දාන්න අද දවසම යනවා කියලා මං මගේ වැඩ ටික cyber cafe එකකට ගිහින් හරි කරගන්නවනේ.
කොහොම හරි 8.00 වෙනකම් ඉදලා try කරන කොටත් වැඩ නෑ.ලබන ආතක්මේ dialog අයිතිකාරයගේ පරම්පරාවේ එකෙක්ටවත් broadband Connection එකක් ලැබෙන්න එපා කියලා හිතාගෙන මුලකට විසක්කරලා තිබිබ හද්ද පරණ suntel CDMA එක හොයලා අරගෙන දුවිලි එහෙම පිහදලා පැය දෙක තුනක් charger එකට ගහලා on කරලා බලද්දි එලට වැඩ.connection එක නම් suspend කරලා.ඊට පස්සේ suntel Customer Care එකට කතා කලාම පැය කාලෙන් Activate කලා.ඊට පස්සේ suntel chat card එකක් එහෙම හොයාගෙන දාලා එකෙන් connect උනා.slow උනත් වෙන කරදරයක් නැතුව මරැවටම වැඩ.(දැන් මුල්ලක තිබිබට SLT dialup වලට සමු දුන්නට පස්සේ mobile broadband එනකම් (2005-2008)විතර කලේ මගේ අන්තර්ජාල සගයා තමා suntel ZTE Cdma එක)
දැනුත් අන්නර්ජාලෙට රිංගුවේ suntel එනකන්.තමාත් Dialog Broadband වැඩ නෑ.
Flickr Tags: Dialog Internet Kit Mobile Broadband Suntel
මගෙත් තියෙන්නේ Dialog Broadband තමා.දැනුත් මේ යන්න ගියා.ඒ වේලාවට ඩොන්ගල් එක ගලවලා ගහන්න.මගේ එකේ නම් එහෙම කරාම වැඩ.තව දෙයක් මොබිටෙල් නම් ගන්න එපා ඔය වගේ හැම වේලේම ඩිස්කනේට් වෙනවා..මං ඇහුවම කිව්වේ වින්ඩෝස් වලින් බ්ලොක් කරනවළු මගේ ජෙනුවින් නැති නිසා..අනේ මන්දා මුං පච කෙළින්න නම් හොදට දන්නවා...
ReplyDeleteඩොංගල් එක ගලවලා ගැහැව්වහම වැඩ නම් ප්‍රශ්නේ තියෙන්නේ Machine එකේ හරි OS එකේ හරි. Connection එකේ නෙමේ. ඔය ප්‍රශ්නේ මම පාවිච්චි කරපු Laptop එකකත් තිබ්බා. Laptop මාරු කරපු ගමන් වැඩ.
ReplyDeleteMACHAN DAN CASE EKA HARI MAMA DAN MEE NET AWE DIALOG MODAM EKEN
ReplyDelete@Anonymous
ReplyDeleteදැන්නම් වැඩ තමා මචන්..මාත් දැන් ආවෙ ඩයලොග් එකෙන්.
ඔය ඔක්‍කොම එකයි බන් කස්ටම කෙයා වලට කිව්වට වැඩක් නැ හරියන වෙලාවට තමා හරියන්නේ. කස්ටම කෙයා වල ඉන්නේ මැට්ටෝ උන්ට මොලේ නැ
ReplyDelete@Panhida
ReplyDeleteඒක නම් ඇත්ත..මුන් කට ඇරියොත් කියන්නේ බොරැ
ඇත්ත ඇතිහැටියේ සේවාදායකයන්ට කියන්නේ නැති අයට කොහොමද හොඳම customer service awards හම්බවුනේ කියලත් හිතෙනවා. කැත වැඩ.
ReplyDelete@Tharaka Weerasekara
ReplyDeleteඒක නම් කියලා වැඩක් නෑ..මුන්ට සම්මාන දෙන්නේ ජිවිතේට මුන්ගේ කස්ටම කෙයා වලට කෝල් එකක් අරන් නැති උන් වෙන්න ඇති
පාරිභෝගික අංශයෙ ඉන්න අය කියන විදියට නිතරම වැරැද්ද පාරිභෝගිකයගෙ.උන් ළඟ වැරදි තියාගෙන නැහැ නැහැ කියනකොට තමා මල පනින්නෙ
ReplyDelete@සඳුන්
ReplyDeleteඒක නම් ඇත්ත සහෝ
ඕකුන් ඔක්කොම එකයි බන්... සේවය කෙසේ වෙතත් පාරිභෝගිකයගේ තුට්ටුදෙකට කෙලවන්න තමයි ඕකුන් බලන්නේ........
ReplyDelete@Anonymous

ReplyDelete