Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Wednesday, 14 April 2010

සුභ අලුත් අවුරුද්දක් හැමෝටම.....

සෑහෙන කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ..වැඩ ගොඩක් තිබුනා පහුගිය දවස් වල...
දන්නවානේ ඉතින් අවුරුදටත් ටිකක් ලෑස්ති වෙන්න එපැයි :D
කො‍හොම කොහොම හරි අවුරැද්දත්  නොදැනිම ඇවිත් දැන් ගෙවිලා යන්නත් ලගයි..
නෑදැපරපුරේ ගෙවල් වල එහෙම දවල් යන්න හිතාගෙන නැකතට කිරිබත් ටිකක් එහෙම කලා දැම්මා රේඩියෝ එක...දාපු ගමන් මෙන්න පොරක් කියනවා ‍ලග්න වලට මේ අවුරුද්ද කොහොමද කියනවා..ඒ පොර කියපු ඒවා කිරිගහට ඇන්නා වගේ හරි ගිහින් තියනවා කියලා රේඩියේ එකේ නිවේදක අය්යා ගිරිය කඩාගෙන කෑගහපු හන්දා මාත් ඔහේ අහගෙන හිටියා..අම්මට සිරි...ඊළගට ‍මගේ ලග්නේ..මේ අවුරුද්දේ අය වැය කෙලවෙලාලු..ලව් කේස් දාගෙන වල  බහිනවලු..හොද සහකාරියක් සහර අවසානේ ලැපබනවලු...අධ්‍යාපනේ කචල්ලු..

මට නිකන්  ගහෙන් වැට්ලා ගොනත් ඇන්නා වගේ..ඇයි දෙයියනේ මූ කියන විදියට කසාදයක් කරගන්නවා ඇරෙන්න මේ අවුරරුද්දේ වෙන අහවල් දෙයක්වත් කරගන්න බෑනේ..
ඒ ලෙවල් වලට තව මාස 4යි..මු පිස්සු කියෝනවා..මල් පොකුරු පිට වෙන්නේ..ගියා එවෙලෙම කාම‍රේට...ඒ වෙලේ ඉදන් දැන් වෙනකම් වැඩ..නෑදැගමන් නෑ..
ඇයි ඉතින් තරු මල් යායක් මට කෙලවන්න බලාගෙන ඉන්නවලුනේ..‍ලග පාතක තියනවනම් තරු ගලවලා බල්බ් එකක් හරි දලා ෂේප් එකක් දාගන්න තිබ්බා..ඒත් දුර වැඩිනේ..ඒ හන්දා ‍පොත් ටිකට පින් දීලා අම්බානක වැඩ දැන්..

ඒ කියන්නේ දැන්  තරුVsමම මැච් එකක් තියෙන්නේ..මැච් එකේ රිසාල්ස් කියන්නම්කෝ දෙසැම්බර් ව්තර...දැන් ඉතින් ආයෙත් මෙසෙට යන්න වෙලාව හරි...
                                       
14 Apr 2010

2 comments :

  1. ගනන් ගන්න එපා මිත්‍රයා.. ඕවගෙන් අපිට වාසි වෙන විදියෙ ටික අරන් අනික් ටික අමතක කරන්න. උත්සාහයට ඔය හැම එකම යටයි. හොඳින් විභාගෙ කරන්න..

    ReplyDelete
  2. අයියෝ ඕවා වැඩිය හිතන්න එපා මළයෝ. ( හැබැයි එහෙම හිතන එකත් හොඳයි. මොකද එතකොට උඹ වැඩ කරනවනේ ඉස්සෙල්ලට වැඩිය..)

    ReplyDelete

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.