හැමදාම ආදරේ විරහව වගේ සංවේදි දේවල් ගැන කථා කරලු නිසා අද ටිකක් ජීවීකේ ගැන කථා කරන්න හිතුවා...
අද උදේම අපේ සෙට් එකේ එකෙකුට පොඩි ආරංචියක් ඇවිත් ළග පාත තියන වෙල් වලට අම්බානක තඩි ඉස්සො වගයක් ඇවිත් කියලා.දන්නවනේ ඉතින් අපේ උන්ගේ හැටි..උදේම ඉතින් මාත් ගියා උන් එක්ක..ගිහින් බලද්දී වැඩේ ඇත්ත..අපි යනකොටත් වෙන සෙට් දෙක තුනත් බැහලා වැඩේ පටන් අරන්..නුවර වැවේ හොරොව්වට දාලා තියන දැල ඉරිලා ඉස්සො ටික එලියට පැනලා
අපේ උනුත් අතට පොඩි හාල් උරයක් ග්ලව්ස් එකක් වගේ දාගෙන ඉස්සො අල්ලන්ඩ පටන් ගත්තා..
අම්මට සිරි...අපේ උන්ගෙන් ආයේ ඉස්සෙක් තියා මැස්සෙක්වත් බේරෙනවා බොරැ..ඔන්න ඉස්සියයක් වත් හිටියොත් පොඩි සමාවක් දෙයි..ගෙදර ගෙනත් ටැංකියක හරි දලා තියාගන්න බැරියැ ඉස්සියක් ඉන්නවානම්..
කොහොමහරි අපේ උන් 12 විතර වෙනකොට ඉස්සො 100කට වඩා ගොඩ දාල...හැමතැනම අපේ උන් අපේ උන් කිව්වට උන්ට මාත් අයිතියි ඉතින්..:D
ඇල්ලුවට අපේ උන් ඉස්සෝ හදන්න දන්නවැය ඉතින්..ගියා අපි ළග තිබ්බ යාලුවෙක්ගේ ගෙදර..උන්ගේ මොනව උනත් උයනවා එලට..අම්බානක මිරිස්..ලුණු ඇබුල් ගානට..කොහොම හරි කියලා බත් අම්බානක දෙසලා දැනුයි ගෙදර ආවේ.ඇයි ඉතින් unlimited ඉස්සොනේ..
ෂා... මරු කෑමක් නේ සෙට්වෙලා තියෙන්නේ ! ඔයවීදීහට තමුන්ම අල්ලලා කනකොට අමුතුම ගතීයක් එනවා නේ !
ReplyDeleteකෙළ ගිල්ලා මම..
ReplyDeleteදැන් ඉවරයි, උඹ කාපු ඔක්කොම ඉස්සෝ ටික..
ඉස්සෝ අල්ලලා, රසට කාලා මදිවට පුරාජේරුවත් කියවනවා..
හෙ හේ..
හ්ම්ම් ! එච්ච්රම හොඳ දෙයක් නම් නෙවෙයි!
ReplyDeleteඉස්සො .... හොදා හොදා....
ReplyDeleteහෙට පෝය නිසා අද කෑව එක හොදා .....
ReplyDeleteශික් මටනම් අල්ලගෙන කන්න අප්පිරියයි

ReplyDeleteඅනික අපි කැරට් & උදුපියලිය only
සිරාවටම මරැ කැම මචන්..
ReplyDeleteකොබා උබත් කලා බලපන් දවසක් ඉස්සෝ මචන්..එල
බඩත් රිදෙනවා වගේ පිස්සා කෙල ගිලලා...:D
එකනේ බන් අදම කන බොන දෙයක් කලා ඉවර කරේ..හෙට පොයනේ.පිනක්වත් කරගන්න ඕනේ හැමදාම කෙලවෙන එකවත් නැතිවෙන්න කියලා හිතාගෙන
ආ..අප්පිරියා හිතෙන්නේ අපිම අල්ලලා අපිම උයන්නත් තියාගත්තොත්..කවුරැහරි උයලා දෙනකොට ගාණක් නෑ වැඩිය