Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Monday 9 October 2017

දුම්රිය හරස්පාරක දුම්රියක් ධාවනය වෙද්දි මොටර් රථයක් නතර විය හැකිද?
==============================
තාක්ෂණික කරුණු සාකච්චා වෙන ගෘප්  එකක සහොදරයෙක් අහලා තිබ්බ ප්‍රශ්නයක්..මොටර් කාර්මික දැනුම වගේම මේක ටිකක් මගේ විෂය කේෂ්ත්‍රයටත් ආදාලයි වගේ නිසා හිතුනේ මේක ගැන පොඩ්ඩක් කථා කරන්න රාජකාරි අස්සෙම පොඩි වෙලාවක් අරන්.. 

ඒ  ප්‍රශ්නෙ අහලා තිබ්බ සහොදරයා ඇතුලු ඒ ගැන උනන්දුවක් දක්වපු හැමොම වෙනුවෙන් මේක ලියන්නෙ, පරිදි අකුරු ව්‍යාකරණ වැරදි ඇති.

හරි දැං අපි යමු ප්‍රශ්නෙට;
මේක ටිකක් සරලව පැහැදිලි කරන්න අමාරුයි.නමුත් න්‍යායත්මකව ඒක වෙන්න පුලවනි ඉතාමත් කලාතුරකින්.
මෙතන විද්‍යාත්මක පැහැදිලි කිරිම පුලුවන් සරලම ආකරයෙන් කියන්නම්. මුලින්ම කියන්න ඕන මෙතන ඇත්ත වශයෙන්ම EMF එහෙම නැත්නම් මැග්නට් කතාවක් නැ කොහෙත්ම..

වෙන්නෙ පුලුවන් මෙහෙමයි.
අපි හැමොම දන්නවා යාන්ත්‍රික හො ඉලෙක්ට්‍රොනික සංවෙිදක තියනවා.ඒ වගේම එංජිම ධාවන තත්වයේ පවතින්න යම් යම් නිස්චිත සංඛාත වලින් චලනය විය යුතු කොටස් තියනවා. තව පැරණි වාහන වල ටියුබ් ෆියුස් (විදුරු බටයක් වැනි එවා)

දැං සරලම ආකරයෙන් උදාහරණයක් සදහා අපි ගමු අපේ මොටර් රථයේ තෙල් පොම්පය විදුලියෙන් ක්‍රියාකරන මාදිලියේ එකක්. මේකට විදුලිය සපයලා තියෙන්නෙ අර විදියේ ටියුබ් ෆියුසයක් හරහා.
උපකල්පනය කරන්න,මේ ටියුබ් ෆියුස් එකේ තියනවා දෙපැත්තෙන් තදට සවිකරපු 2cm එක චුටි කම්බි කැල්ලක් සමාන්‍ය වායුගොල පිඩනයේ තියන සාමන්‍ය වාතය පිරුණු සංවෘත්ත විදුරු නලයක් ඇතුලේ. මෙ කම්බියේ ස්භාවික සංඛ්‍යාතය 500Hz.
දැං හිතන්න තියෙන්නෙ රේල් පාර මැද.ලග එන කොච්චියේ චලනය ⁣වෙන මොකක් හො කොටසක්  500Hz සංඛ්‍යාතයකින් අදික විස්තාරයක් ඇතුව චලනය වෙනවා.

දැං අන්න අර කලිං කිව්ව ෆියුස් එකේ   ඇතුලේ කම්බියත් අනුනාද වෙන්න ( Resonance) පටන් ගන්නවා අර සංඛයාතයෙන් ,හැබැයි අධික විස්තාරයක් එක්ක. ප්‍රථිඵලෙ විදියට කම්බිය කැඩෙනවා.එඑකියන්නෙ ෆියුස් එක බිදවැටෙනවා.පොම්පය නතර වෙනවා.එංජිම නතරවෙනවා.

පැහැදිලි කරන්න ලෙසිවෙන්න මෙහෙම සරල උදාහරණයක් ගත්තට, නවින වහනයක තියන දාහක් sonsor ඇතුලේ ඕන තරම් තියනවා  මේ වාගේ කුඩා ශක්තියකින් අනුනාදවෙන්න පුලුවන් කොටස්..එහෙම අනුනාද වෙන කොටස අධික විස්ථාරය නිසා බිද වැටුනොත්,එමගින් පාලනය වන කොටස අනිවාර්යෙන්ම බිද වැටෙනවා.එංජිමේ ක්‍රියාකාරිත්වය ඍජු බලපැමක් එල්ල වන කොටස් බිදවැටුනොත් එංජිම නතර නොවෙන්න කිසිම හේතුවක් නැ..

තව දුරටත් මේක පැහදිලි කරගන්න, මතක් කරල බලන්න අකුණු ගසන අවස්ථාවල් වලදි නිවාස වල තියන ජනෙල් ග්‍රිල් දෙදරනවා.. පොලව බිත්ති කිසිම දෙදරිමක් නැතුව මේ විදිය අර ග්‍රිල් එක විතරක්ම දෙදරුවේ අර අකුණෙ ධ්වනි සංඛ්‍යාතයට සමාන අනුනාද සංක්‍යාතයක් තිබ්බෙ අර ග්‍රිල් එකට විතරක් නිසා.

තව ඔබ දැකලා අැති, අධික ශබ්ධයක් විටවන ස්පිකර අසල ජංගම දුරකතන නිතර නිතර තැබිමෙන් ජංගම දුරකතන වල ඇති කුඩා ස්පිකර් අක්‍රිය වෙනවා.

පහල පිංතුර අතරෙ තියන කාඩාවැටෙන  Tacoma Narrows පාලමත් අනුනාදය හේතුවෙන් බිදවැටිමට ලක් වූ පාලමක්.


මෙ වගේ නොයෙකුත් උදාහරණ තියනවා අනුනාද අවස්ථා පැහැදිලි කරන්න.

දුම්රියකින් අනුනාද සංඛ්‍යාත සමාන සංඛ්‍යාතයක් ලැබිම,අධික විස්තාරයක් ලැබිම, විරලයි මුත් නමුත් න්‍යායාත්මකව සිදුවිය හැකි දෙයක්.

හොදම දේ තමා තමන්ගෙ ජිවිතේ වාසනවට  බාර නොදි  ,දුම්රිය හරස් පාරක් ලගදි දුම්රිය ඉඩ දිලා ගේට්ටු ඇරුනට පස්සෙ යන එක.


උනාට පස්සෙ,අර කලින් යන්න හදපු විනාඩි කිහිපය වෙනුවට මාස අවුරුදු ගනන් වලින් නෙවේ ජිවිත වලින් පවා වන්දි ගෙවන්න වෙන්න පුලුවන්.
-#lahiru777-

0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න