Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Monday 14 May 2018


කාලෙකට පස්සෙ අහම්ඹෙන් හම්බුන නිවාඩුවක් නිසා  නිදහසේ ඉස්සර ආසවෙන් එකතු කරලා තියාගත්ත  සිංදු ටිකක් ඇහුවා,නිදහසේ..
දැං ඉන්න පොඩි උන්ට ෆිලුමක් උනත් විනාඩි ගානකින් ඩවුන්ලොඩ් කරගන්න පුලුවන් පහසුකම් තිබ්බට,අපේ පොඩි කාලේ 12kbps SLT DIAL UP එකකින් පැය තුනක් විතර බලන් ඉදලා අමාරුවෙන් ඩවුන්ලොඩ් කරගන්න 64bits mp3 එකතු කරේ පුදුම ආසාවෙන් ඒ කාලේ.
කොහොම හරි,
අපි අහන දකින සමහර දේවල් අපි එක එක කෙනාට දැනෙන්නෙ අපි අපේ ජිවිත ඇතුලේ හිරකරගෙන ඉන්න අත්දැකිම් වලට සාපේක්ෂව..ආදරය විරහව සතුට වේදනව මේ හැමදේම..

යෞවන ප්‍රේමයේ උණුසුමින්  හිත් බැදුන ප්‍රේමවන්තයෝ වගෙම..ඒක පාර්ශවික වගේම විවාහයට ත් ඉන් මත්තටත් දිවුණු ආදර කථා වගේම හිමි වෙලා වෙන් උන මිනිස්සු,වෙන් වෙලා ඕන උන මිනිස්සු, හිත් ඇතුලේ හිරවෙච්ච ආදරය කියාගන්න බැරිවෙච්ච මිනිස්සු ජිවිතෙත් එක්ක පොරබදන මිනිස්සු..

හමුවෙන්න වාසනවන්ත උන හිමිවෙන්න වාසනවාන්ත නොවුන ප්‍රේමයක් උරුමයක් කරගත්ත තරුණයක්..ඇත්තටම මැදි වියේ අවාසන බාගෙ ගෙවමින් ඉන්න ආදරණිය ස්වාමියෙක්..
වෙනත් පුරුෂයෙක්ට ආදරණිය බිරිදක් උන සිය තරුණ වියේ පෙම්වතියට ආරධනා කරනවා,
හමුවෙන්න..ඉස්සර වගෙම අත්අල්ලං ඇවිදින්න..මොහොතකට
මද අදුරෙ තනි වෙන්න..හිත් වෙල හිරවෙච්ච හැගුම් වචන වලට පෙරලන්න..
මතුභවයේ හිමිවෙන්න පෙරුම් පුරන්න.එන්න රාත්‍රියේ..
ඇගේ වර්තමාන ස්වාමියාටත් ඔහුගේ වර්තමාන බිරිදටත් නොදැනි හමුවෙන්න කරන ආරාධනාවක්..
කෙනෙකුට අහන්න පුලුවනි එහෙම ආරාධානවක්  ඇතිලේ සාදාචරාත්මක ප්‍රේමයක් තියනවද කියලා.
ඉතිං උත්තරය ඔවි.. ඒ ප්‍රේමය තේරුම්ගන්න තරම් ඔබත් මමත් අපේ සමාජයත් ආකල්පමය අතින් සංවර්ධනය වෙලා නෑ..

“ #අපි_හැගුම්_වලට_ඉඩදී_මොහොතක්‌
#ඉඩ_ලබා_ගනිමු_තරමින්_වියතක්‌.....
#හදපානේ_මද_අදුරේ.....
#අත්_පටලා_යමු_ආයේ......
#ඔබ_ඔබෙ_සෙවනැල්ලෙන්_මිදී....
#මම_මගෙ_සෙවනැල්ලෙන්_මිදී....
#අවුදින්_සෙමින්_රහසින්_මුමුණා...
#හදපානේ_මද_අදුරේ.....
#සිරකර_හසරැල්ලෙන්_හැඩුම්....
#අපි_හිනහෙමු_සපුරා_පැතුම්.....
#මතු_ආත්මයේ_හමුවෙන_පැතුමෙන්
#යමු_වෙන්_වී_හිමිදිරියේ....

(https://www.youtube.com/watch?v=muc6Tq2JNC4)


තවත් එක්තරා නව යොවුන් තරුණියක් තරුණයෙක්ට ආදරය කරනවා කුළුදුලේම...
මේ අපි මේ හැමොම වගේ අත්දකින සරල ආදරයකට වඩා එහා ගිය කතාවක්..
කොටින්ම මල්සරාට උතුර දකුණ මාරුවෙච්ච ඒකපාර්ශවි ආදරයක් ජිවිතයම කරගත්ත තරුණියක්..
මේ තරුණිය ඇගේ හිතේ තෙරපෙන ආදරය වචන වලට පෙරලන්න උත්සහ කරන නොඉවිසිලිවන්තියක්
,
ඒත් ඔබත් මමත් ජිවත් වෙන සමාජ සම්මතයන්ගෙන් හිරවෙච්ච ලෝකය ඇතුලේ එහෙව් ආදරයක් වචන පෙරලන්න තරම් හයියක් මේ නව යොවුන් තරුණියට නෑ..
ඉතිං මේ තරුණිය ඉගියෙන්,පුංචි පුංචි කථා වලින් ‍මේ ආදරය ඒ තරුණයාට දැනෙන්න අරිනවා..තේරෙන්න අරිනවා..
මේ කථාවේ තරුණයා,
ඇයත් ඔබත් මමත් දකින ලොකයෙන් එහා යථාර්තය බලා ගමනක..ඔහුට ඇයගේ ආදරය බාරගන්න පුලුවන් කමක් නෑ..ඔහු තරුණ භික්ෂුවක්..කොපමණ තුරුණු හැගුම් පිපිදුනත් චීවරය අතහැරිමට ඔහුට පුලුවන් කමක් නෑ..
ඉතිං ඔහු මේ තරුණියගේ ඉගි බිගි නොවැහැටුනවාක් මෙන් ඉන්න ගමන්
,
මේ තරුණියට ජිවිතයේ නිස්සාරත්වය වගෙම ඔහු සසර ගමනින් එතරවෙන්න යන මේ ගමනට ලෞකික දේවල් වලින් මිදුන ජිවිතයේ නිදහසේ වැදගත්කම අභිමානත්වයෙන් යුතුව ධර්ම දේශානා
,බණ කතා තුලට කැටි කර දේශනා කරනවා තරුණියට..
කෙමෙන් යතාර්තය අවබෝධ කරගන්නා මෙම තරුණිය පසු කලක වෙනත් තරුණයෙක් හා විවාහ වෙනවා.ඒ විදියට කල් ගත වෙද්දි අර භික්ෂුන් වහසේ අපවත් වෙනවා..දරු මුනුබුරන් සමග අවමගුලට සහභාගිවෙලා ආපසු යද්දි ජිවිතේ සැදැ සමයේ සිටින මේ කාන්තාවට  වැටහෙනවා ඇගේ හිරිමල් නාඹර වයසෙ ඇතිවෙච්ච ආදරයේ විරහව වගෙම එදා උන්වහන්සේ ඇගේ  සිතුවිලි වටහාගෙන නොවැහැටුනාක් මෙන් ඉදිමින් ජිවිතයට ඇතිවෙන්න තිබු කැලැල් වලින් ඇය මුදාවාගෙන බව..ඉතිං ඇගේ සිතේ රාගයෙන් තොර නිරාමිස ආදරයක් පැහැදිමක් ඇතිවෙනවා උන්වහන්සේ ඇය වෙනුවෙන් කරපු  කැපකිරිම ගැන..

“ #බෝසත්_ඔබ_සිත_ලග_උවැසිය_වී_දැහැනට_වී...
#සිටියා_මිස_නොදනිමි_කොයි_සිටියා_දැයි_මලවී
#පුදසුන්_මත_මිය_යද්දී_සහසක්_මල්_පරවී...
#නොපිදූ_මල­_තවමත්­_ඇත_ඔබ_ගැන_බැති_බරවී
#සිනා_තොටක්_විය_ඔබ_පාමුල_මා_ලද_සරදම්...
#මහෝගයක්_විය_ඔබෙන්_ලැබූ_අපමන_අබිමන්
#නොහඩා_ඉන්නම්_ගිලිහුනදා_පෙම්_ලොව_මල්දම්..
#දුටුව_නිසා_ආදරයේ_දෙව්‍_රුව_ඔබගෙන්_මං


ඒ වගේ ප්‍රේමය ජිවිතය කරගත්ත උන් අතරේ ආදරේ විහිලුවක් කරගත්ත, ආත්මාර්ථකාමිත්වය මුල් තැන හම්බුන චපල තරුණියකට පෙම් කරපු තරුණයෙක් දකිනවා ඔහු  පෙම් කරපු තරුණිය වෙන පිරිමියෙක් තුරුලේ නැලවෙන හැටි..
හිතට තරහක් කෝපයක් නැගඑන්නටත් මත්තෙන් ඔහුගේ සිතුවිලි දිව යන්නෙ අතිතයට..ඹහුට ඇය හමුඋන මුල් දින කිහිපයේ ඇය කියු කෝල කතාබහ මතකයේ රුව් පිලි රැව්දෙනවා ඇගෙ වදන්..
ඹහුට සිහිවෙනවා ඔහුට ඇය ඔහුට ඇය ප්‍රේමය ගැන කියපු අයුරු..ඇගෙන් ඔහු සැනසෙන මොහොතක ඇගේ වරදට ඔහු සමාව දුන් අයුරු..සයුරු තෙර...අදුරු රගහල තුල ඔවුනොවුන් ප්‍රේමයේ උණුසුම විදපු හැටි..නුරාවෙන් මත් උන ඇගේ දැසින් ආදරයකියපු හැටි..
ඔහුට වැටහෙනවා ඇගේ වත්මන් ප්‍රේමවන්තයත් ඔහු මෙන්ම ඇගේ නුරාගික වදන් කෝල බස් හමුවේ ප්‍රේමයෙන් මුසපත්ව බව..මේ ඔහුගේ ප්‍රේමය..නුතන මනමේ කුමාරියක පෙම් කල ඔහුගේ කථාව..

“  #ඔබ_පෙම_ කරනා_ඔබේ_කුමාරි 
#ඔබට_ආදරේ_කියලා_අයුරින් 
#පෙර_දවසක_මා_පෙම්_කරනා_සඳ 
#මටද_ආදරේ_කියා_තිබේ 

#සාගර_වෙරළේ_සොඳුරු_සැන්දෑවක 
#රඟහල_කෙලවර_අඳුරු_නිමේෂෙක 
#අද_ඔබ_ලග__සනසාලන_ඇය 
#පෙර_දවසක_මා_තුරුලට_වී_ඉඳ 
#මටද_ආදරේ_කියා_තිබේ 

#සක්මන්_මළුවක_දෙපා_ගෙවෙද්දී 
#දොඩමලු_පෙම්_බස්_ගොළු_වී_යද්දී 
#මා_සමුගෙන_ඔබ_වෙතට_ඇය 
#සෙනහස_සඟවා_දෙනෙත_හෝරාවෙන් 
#මටද_ආදරේ_කියා_තිබේ 

තවත් ප්‍රේමවන්තයෙක්..අහිංසකාවක් විදියට දැකපු ඔහු දැකපු ආදරවන්තියක්..
ඔහු දකිනවා
,දැනගන්නවා ඔහුගේ ඒ පෙම්වතිය වෙනත් තරුණයෙක් සමග පෙම් බදින හැටි
අන්තිමට චපල ප්‍රේමයක නටඹුන් අතරේ ඹහු ට සිහිවෙනවා ඇය සමග ඔහු දුටු සිහන..බලපොරොත්තු
සසර පුරා එක්ව දිවි ගෙවන්න දැකපු හීන විතරක්ම නෙවේ..
අත්දෙකින් අල්ලගෙන ආදරේ කියපු හැටි...කෝල බස් හැමදේම අතරේ සිහිවෙනවා
කරුණාවෙන් වගේම සැරෙන් කියලත් යලි යලිත් ඇය
,
රහසේ වෙනත් තරුණයෙක්ගෙ උණුසුම හොයපු හැටි..
තවත් ඇය වෙනුවෙන් සමාවක් ඔහුගේ හිතේ ඉතුරුවෙලා නෑ
ඉතිං,
ඔහු ප්‍රාර්ථන කරනවා
,
ඔහුගේම කරගෙන ඉන්න පැතුව ඇය
,
රහසේම ප්‍රේමයට චපල උන ඇය,
මතු කිසිදිනක ඔහුට දකින්න නොලැබෙන්න
“#අයදින්නේ_නෑ_අනුකම්පාවක්
#තුන්_හිතකින්වත්_ඔබෙන්_කුරිරු_ලඳුනේ...
#මතු_කවදාවත්_හමුවන්නෙ_නෑ
#අප_සිහිනෙන්වත්_ඉතින්_සසර_ගමනේ...

#අහිංසකාවක්_ලෙසින්_සිතා_ගෙන
#නොකැලැල්_හදවත_ඔබට_පිදූ_හින්දා..
#දෙතුන්_වතාවක්_සමාව_දුන්නෙමි
#වැරදි_කලත්_මගේ_සිත_රිදවා_පෙරදා...

#මලින්_මලට_යන_බිඟුන්_පැතූ_ඔබ
#කුළුදුල්_සෙනෙහස_කිලිටි_කළා_නොසිතා
#පෙරුම්_පිරුනු_වත_මිලාන_වනු_ඇත
#කඳුලු_නෙතින්_ඔබ_තනිවෙනව_මතුදා
(https://www.youtube.com/watch?v=aZ5a55l27pI)


-ලහිරු සිරිවර්ධන

#lahiru777


Next
This is the most recent post.
Previous
Older Post

0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න