Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Thursday 8 September 2011

47834_149091241779669_100000363837603_339965_1038181_n

කාලේ හිමිට ගෙවිලා..දැනුතේ නෑ..ජීවිතේ එපාම කරපු වැඩේ උදේ නැගිටලා ස්කොලේ යන එක කියලා හිතපු අපිට දැන් පාරේ යද්දි ස්කොලේ දැක්කමත් නැවතිලා බලන් ඉන්න හිතෙනවා..මොනා කරන්නද දැං මේ ගේට්ටුව අපිටත් වැහිලා.

 

47834_149091238446336_100000363837603_339964_2194586_n

 

මේ ඔක්කොම දැං අපිටම කියලා යන්න ස්කෝලයක් නැති නිසා..A/L විභාගෙත් ඉවරයි..ඔලුවේ තිබ්බ බර නැත්තටම නැතිවෙලා නැති උනත් නෑ වගේ තමා ඉතින්…ආයේ මොන කතාද ඉතින්..

මේ පහුගිය දවස් වල ඇති වෙන්ඩ නිදා ගත්තා..අවුරුදු ගානක් බලං හිටියේ ඕකටනේ..ඊලග ඇති වෙන්ඩ යාලුවොත් එත්ත ඇවිද්දා..දැං ඒකත් එපා වෙන ගානට ඇවිත්..

දැං ඕනේ ආයෙත් ස්කෝලේ යන්න..ඒත් ආයේ බෑ..ගිය කාලේ ආයේ එන්නේ නෑ කියලා දැන දැනත් ආයේ යන්න හදන්නේ ඒ කාලෙටමයි..A/L කාලේ ස්කොලේ cut කරපු හැටි මතක් වෙද්දි මාරම දුකයි..

 

47883_149090695113057_100000363837603_339955_8291434_n

 

ඒ දවස් වල අපි ස්කොලේ cut කරේ පොරවල් වගේ..දැං විදවනවනවා ඒවට හරි යන්ඩ ස්කොලේ යන පොඩි උන් දිහා බල බල…පොඩි උන් තිව්වට දැන් ඉන්න පොඩි උන් ඒ කාලේ හිටපු අපිට වඩා නම් සැහෙන්ඩ ලොකුයි..A/L කාලේ පංති වල සෙට් වෙලා බුල කෙලපු හැටි මතක් වෙද්දි ආයේ යන්න හිතෙන්නේ ඒ කාලෙටමයි.

 

cam_Stick (3)

 

principal ට හොරෙන් පංතියේ මු‍ල්ලේ ඡනෙල් වලින් girls band එක practice කරන හැටි බලන්න දීපු ගේම මතක් වෙනකොට තාමත් හිනා යනවා.ඇත්තටම ඒ ජීවිතේ පුදුම සුන්දරයි..

 

DSC00002

 

ඒ කාලේ bus stand එකට ගියොත් දන්න කියන උන් පිරිලා..අය්යා කියලා කට ඇරලා කඨා කරන්ඩ පොඩි උන් රංචු පිටින්..

එත් දැං bus stand එකට ගියාම ඒකේ ඉන්න බල්ලෙක්වත් ගනන් ගන්නේ නෑ..කාලයක් පොරවල් කියලා හිතාගෙන හිටපු අපිට  දැං තේරෙන්නේ කරපු ගොන් කං.පොඩි උන්‍ට දාපු පොර පාට් නිකන්ම ගොං පාට් විකරයි කියලා තේරෙන්නේ දැං.

දැන් පාරේ bus stand එකේ පොර‍වල් වෙනම පොඩි උන් ටිකක්..කාලෙක් එක්ක අපි හිටපු තැන් අපිට නැති වෙන්නේ නිකම්ම..

A/L කාලේ මැතට ක්ලාස් ගියේ නිමල් සර්ගේ..මේ සර් ඒ ජිවිතේ හම්බුන සුපිරිම ගුරිවරයෙක්.. පංතියත් සිරා..පොස්ටර් කටවුට් නැති තරම්..පහල තියෙන්නේ ඒක.අදටත් පාරකින් දැක්කත් උබ බං බොලං කියලා යාලුවෙත් වගේ තථා තරන සර් කෙනෙක්..අපේ උං engineering select උන දවසේ ඉදන් දාන්නේ අනිත් උන්ට ලොකු ටෝක් උනත් මේ සර් සුපිරි ඉංජෙක් වෙලත් පුස් පාට් නෑ.කෙලින් වැඩ කරන සුපරිම චරිතයත්..අදට උනත් A/L ඉවර උනත් දවසක් උනත් අපිට ගිහින් කථා තර තර ඉදලා ඉන්න පුලුවන්..

 

Image0201

 

කපුගේගේ සිංදු සර්ගේ ජිවිතේ වගේ..ක්ලාස් වලදි පාඩම කලින් ඉවර වුනොත් සර් කවුගේ ගැන වචනයක් හරි කියනවම තමා..2009දි සර් mass class කරන එක නැවත්තුවා.‍එ වෙනුවෙන් සර් සිංදු නියපු one man show එකක් තිබුනා.මේ ඒකෙදි ගත්ත photo එකක්.

 

n664821343_1701006_6041885

 

දැං ඉතින් ඒ ජිවිතේ ආයේ නෑ..තව මාස දෙක තුනකින් results ඒවි..Engineering අහුවෙලා තිබුනොත් ඒ වාසනාව‍..එහෙම උනොත් ආයේ යාළුවෝ ටිකක් එක්ක කාලය ගත කරන්න අවස්ථාවක් ලැබේවි..එහෙම නොවුනොත් Physical අහුවෙන පාටත් තිබුනොත් නම් ආයේ science faculty එකකට යන්න කැම්පස් යන්න අදහසක් නෑ.Open University එකේ engineering කරනවා හිත හදාගෙන..එතොකට නම් ආයේ ජිවිතේ නිදහස් වගකීම් නැති සුන්දර කාලයක් තියෙයි කියලා හිතෙන්නේ නැ..හුගක් අවිවේකි කාලයක්  වෙව්..

එක් එ කොහොම උනත් පාසල් කාලේ වගේ සුන්දර කාලයක් ආයේ එන්නේ නෑ..ආයේ පාරවල් වල යාලුවොත් එත්ක නිදහසේ ඇවිද ඇවිද ගත කරන්න කාලයක් නෑ.ඉස්සර අපි ඇවිද ඇවිද පිස්සු නැටුව පාරේ මං මේ ලගදී ගියා..බලු බල්ලෙක් වත් නෑ.පොඩි උන්ට ඒ පාර අමතක වෙලාද කොහෙද..

 

Image0200

 

මේ දවස් වල ජිවිකේ කොච්චර සැහැල්ලු උනත් හිත යකාගේ කම්මල වගේ.ඒ results මොනා වෙයිද කියලා හිතෙනකොට..පට්ට තනියෙන් ගෙදරට  වෙලා ඉන්නකොට හිත කෙලින්නේ පිස්සු.ඒ හන්දා මොකක් හරි course එකක් කරන්න ළගදි කොළඹ යන්න හිතන් ඉන්නේ..මොනා කරන්නද කියලා තාම තිරණයක් නම් නෑ..cima හරි QS හරි කරන්න තමා හිතක් ඉන්නේ.එතොකොට සෑහෙන කාලෙකට ආයේ බ්ලොගේ පැත්කේ එන්න වෙන්නෙත් නැතිවෙයි ඉතින්..මොනා කරන්නද  ආයේ ගිය කාලේ ගන්න බෑනේ.එකම එක පාරක් එහෙම පුලුවන් වුනා නම් ජීවි‍තේ උන වැරදි ගොඩක් හදාගෙන ඉස්සරහට යන්න තිබුනා..

මේ කොහොම උනත් මේ post එක කියවන පොඩි එකෙක් ඉන්නවානම් අනිවා A/L කාලේ ස්ෙකාෙල් යන්න..නැත්නම් ජිවිතේ පස්සේ කාලේ ඒ ගැන දුක්වෙනවා හුගක්..ඉස්කොලේ යනකොට ඒක වදයක් වගේ පෙනුනට ඒක තමා ජිවිතේ සුන්දරම කාලේ.මට හුගක් දේවල් තේ‍රුනේ හුගක් දෙවල් නැති උනට පස්සේ..ස්කොල ජීවිතේ ගැනත් එහෙමමයි..කොච්චර class ගියත් a/l ජීවිතේ තියන සුන්දරත්වය ස්කොලේ නොගිහින් හරියට ලබන්න බෑ.කවද හරි ඒකට විදවනවා තනියම.

 

 

 

3 comments :

  1. මම නම් උ පෙ කරලා දැන් අවුරුදු4 ක් වෙනවා. මටත් ඒ කාලේ ගැන කියන්න තියෙන්නේ මේ ටිකම තමා

    ReplyDelete
  2. ඉංජිනියරින් ම කරන්න ඕනෑය කියලා හිතන්න එපා. තමන් කරන දේ හරියට කිරීමයි වැදගත්.

    මාත් A/L කරලා ඉන්න කාලේ Physical ආවොත් යනවද වගේ ජෝක් හැඟීම් තිබුණා.

    වෙනත් සමහර රටවල විද්‍යාව කරන්න ලේසියෙන් බෑ. ලකුණු අඩුම උං තමයි ඉංජිනියරින් කරන්නේ.

    ඒඛ ඉල්ලුම සහ සැපයුම විතරයි.

    ReplyDelete
  3. @deeps
    ඒක ඇත්ත සහෝ..ජිවිතේ ලස්සනම කාලේ ඒක

    @කතන්දර Kathandara
    පුංචි කාලේ ඉදලා දැකපු හීනයක් එහෙම එක පාරටම අතාරින්න අමාරුයි අයියේ..රට රට වලසමාජ තත්වේ සහ පිලිගැනිම කොහොම උනත් මං යන්නේ මං ආස නිසා මිසක් වෙන එකකට නෙවේ.
    ලංකාවෙත් ලකුණු වැඩි උන් physical අරන් අඩු උන් Eng ගත්තත් මට ලකුණු වැඩිපුර තිබුනත් මම එතකොට යන්නෙත් Eng.ඒ මොකද ඒක මගේ හිනයක්.කවදා කොහොම හරි ඇත්ත කරගන්න හීනයක්.
    ඒක ඉල්ලුම හා සැපයුම කියන එකෙන් 100%කම ස්වායත්තයි.

    ReplyDelete

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න