Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Saturday, 14 May 2011

වෙනදා වගේ අද කථාව නම් ජිවිතය ආදරය හෝ විරහව කියලා එක කොටසකට වෙන් කරලා කතා කරන්න පුලුවන් එකක් නෙවෙයි.

ළග එන වෙසක් පෝය වෙනුවෙන් මේ බ්ලොග් එක ලියන මමත් (ලහිරු),තවත් යාලුවො දෙදෙනෙකුත් (වසන්ත අය්යා සහ සේන අය්යා) එකතු වෙලා දිලිදු පවුලකට උදව් කරන්න හිතුවා  ජීවිතය මස් කඩේ කොක්කෙන් අවසන් කරන්න උරුම වෙලා ඉන්න ගවයෙක්  මරණයෙන් මුදවගන්න.

ඊයේ හැන්දෑවේ එකතු අපි එකතු වෙලා අපි තුන්දෙනා මේ වෙනුවෙන් ඉතිරි කරපු මුදල් එකතු කරලා බලන කොට අපි හිතුව විදිහට ගවයෙක් මුදාගැනීමට වුවමනා මුදලටත් වඩා වැඩියෙන් මුදලක් අපි තුන්දෙනා ළග දැනට තියනවා.මේ නිසා අපි තිරණය කලා ගවයෙක් වෙනුවට ගවයින් කිහිප දෙනෙකු මුදාගන්න.

නමුත් අපි තුන්දෙනාගෙන් දැනට රැකිවල නියුතු සේන අය්යා විතරයි.මං ඉතින් තාම ඉගෙනගන්නවා කියන්න යාලුවෝ දන්නවනේ.වසන්ත අය්යා තාම ගෙදර. ඒ නිසා අපි තුන්දෙනාට තනිව මේ මුදලට වැඩි මුදලක් සපයා ගැනීම මදක් දුෂ්කර වුන නිසා අපි හිතුවා ජිවිත කාලය තුල මිනිසුන්ට සේවය කොට අවසානයේ ගවයන් ඒ මිනිසුගේම ආහරය වෙනුවෙන් ජිවිතය දිය යුතු නැතැයි සිතන යාළුවන්ගෙන් උදව් ඉල්ලන්න.

වසන්ත අය්යාත් සේන අය්යාත් අපේ හිතවත් අවට යාලුවන්ගෙනුත් මම සයිබර් අවකාශයේ ඉන්න මිතුරන්ගෙනුත් උදව් ඉලන්න තීරණය කලේ ඒ නිසා.

ආදරය කරුණාව තාමත් හිත් වල තියන මිනිස්සු කීහිප දෙනෙක්ගේ උදව්වෙන් තවත් අවුරුදු කිහිපයක් ඒ සත්තු ජිවත්කරවන්න පුලුවන්වුනොත් මේ සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් අපි බෞද්ධයින් වශයෙන් යමක් කල බව අපට ජීවිත කාලයටම මතක තියේවී.

---------------------------------------------------------------------

මේ වෙනුවෙන් අපි තුන්දෙනත් එක්ක එකතු වෙන්න කැමති යාලුවො ඉන්නවානම් පහල තියන සම්පත් බැංකු ගිණුමට 2011-මැයි-23 දිනට පෙර බැර කරන්න.

Name             - H M L U Siriwardhana

Account Number – 102153397521

Branch            - Anuradhapura

 

මේ ගැන යම් විමසීමක් කරන්න අවශ්‍ය නම් - lahiru2006{at}gmail{dot}com

--------------------------------------------------------------------

මේ සදහා එකතු වෙන සියලු මුදල් දිලිදු පවුලක් වෙත ගවයන් කිහිප දෙනෙකු මුදා ගැනීම සදහා 2011-මැයි-24/25 දෙදින තුල යොදවන බව අපි යාලුවන්ට පොරොන්දු  වෙනවා.නමුත් ගවයින් කිහිප දෙනෙකු මුදා ගැනීමෙන් පසු තවත් ගවයෙකු මුදා ගැනීමට ප්‍රමාණවත් නොවන එහෙත්  සැලකිය යුතු මුදලක් ඉතිරි වුවහොත් වෙනත් පුණ්‍ය ආයතනයකට පරිත්‍යාග කිරීමට දැනට අපි තිරිණය කරලා තියනවා.ඒ ගැන යාලුව‍න්ගේ වෙනත් අදහස් තිබෙනවානම් කියන්න.

14 May 2011

0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.