Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Sunday 22 August 2010

Windows Vista සහ Windows 7 සිංහල යුනිකේත සදහා කොතරම් හොදින් සහය දැක්වුවත් එම මෙහෙයුම් පද්ධති භාවිතා කර ‍සිංහල ලේඛන සකස් කරද්දි තිබුන ලොකුම ගැටලුව තමා  යුනිකේත නොවන සමාන්‍ය සිංහල fonts (FM Abaya.DL Ridhma වගේ ඒවා)  වලට සහය නොදැක්වීම.මේ නිසා ල් ම් මි වගේ අක්ෂර type කිරීමට සැලකිය යුතු අමතර කාලයක් ගත වෙනවා.
windows xp වලදී  අපි කරදරයක් නැතුව භාවිතා මේ fonts භාවිතා කලේ Keyman 5.0 කියලා පුංවි මෘදුකාගයක් භාවිතයෙන්.‍මේක පුංචි වුනා‍ට සැලකිය යුතු මිලක් ගෙවලා ගන්න වුනේ.දන්නවනේ ඉතින් එහෙම වෙලාවට අපි හුග දෙනෙක්  කරන්නේ වීවෘත කේත (FOSS) මෘදුකාංගයක් හොයාගන්න එක.නැත්නම් crack එකක් සහිත ව්‍යාජ පිටපතක් භාවිතා කරන එකනේ.මේකට ගැලපෙන විවෘත කේත(FOSS) මෘදුකාංගයක් නම් හම්බුනේ නෑ අද වෙනකමි.(එහෙම එකක් තියනවානම් මටත් කියන්න). ඒ හන්දා ඒ දවස් වල windows xp භාවිතා කරන හුගදෙනෙක් කලේ keyman 5.0 වලcrack කරන ලද ව්‍යාජ පිටපක් යොදාගත්ත එක.මේක windows xp මත නියමෙටම වැඩ කලා.
ඒත්  Windows Vista සහ Windows 7  මත keyman 5.0 සංස්තරණය නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ නෑ.Keyman 7.1 නමි එලටම වැඩ.හැබැයි මේක නිකන් දෙන්නේ නෑ.දවස් 30කට trial එකක් නම් දෙනවා.එත් ඊට පස්සේ මේක සල්ලි දීලා ගන්න වෙනවා.මේකට ගැලපෙන crack එකක් හොයාගන්නත් නැති නිසා මේක භාවිතා කලේ නෑ හුග දෙදනෙක්.
ළගකදී මට හම්බුනා Time Stopper කියලා පුංචි මෘදුකාංගයක්.මේක දෙන්නෙත් නිකන්.මේකෙන් වෙන්නේ අපි මේකට තොරලා දෙන මෘදුකාගයක අත්හදා බැලීම් කාලය (Trial Period) ගනනය කිරිමට අදාල කොටස අක්‍රීය කිරිම.එතකොට මෘදුකාංගයේ අත්හදා බැලීම් කාලය (Trial Period) ගත වීමකින් තොරව බාවිතා කරන්න පුලුවන්.ඉතින් මගේ ටිකිරි මොලේට හිතුනා මේක Keyman 7.1 ට දාගත්තානම් ගොඩ කියලා.කොහොම හරි අන්තිමට දාලා බැලුවා.වැඩේ ගොඩ.
මේක කරන්න එච්චර කරදරයක් නෑ ගොඩදාගන්න.මුලින්ම Keyman 7.1 සහ Time Stopper මෙතනින් බාගන්න.ඊට පස්සේ keyman 7.1 සාමාන්‍ය විදිහට මේක install කරගන්න.Install කරන අවසාන අදියරේදී windows startup වෙන කොට මෙකත් load වීම සදහා ඇති විකල්පය ඉවත් කර install කරගන්න.‍ඊට පස්සේ keyman7.1 Open කරලා  Try Now  බොත්තම ඔබලා ක්‍රියාත්මක කරන්න.ඊලගට Taskbar එකේ ඇති  keyman7.1 Icon එක උ right Click කරලා exit වෙන්න.ඊට පස්සේ desktop එකේ Start menu එකේ startup folder එකේ ඇති keyman7.1 shortcut සේරම delete කරන්න.ඊට පස්සේ Time Stopper  Install කරගෙන open කරගන්න.එතකොට පහල තියන විදයේ window එකක් ඒවී.
screen
මේකේ රතු පාටින් තියන තැනට Keyman Desktop Professional 7.1 Install කරපු folder එකේ තියෙන් main exe file එක තොරලා දෙන්න.(හුගක් දුරට C:\program Files\Keyman Desktop Professional 7.1\Kmshell.exe)
නිල් පාටින් තියන තැනින් ඊළග දවසේ දිනේ select කරන්නන.(ඒ කියන්නේ අද මේක කරනවානම් හෙට දිනේ)
කහ පාටින් තියන තැන Keyman Desktop Professional 7.1 කියලා type කරන්න.ඊළගට එතනම තියෙන් create desktop Shortcut බොත්තම ඔබන්න. ඊට පස්සේ Exit වෙන්න.
දැන් ඹයාලගේ desktop එකේ Keyman Desktop Professional 7.1 කියලා short cut එකක් ඇති.ඒකෙන් Keyman 7.1 open කරලා Try Now කරලා පරන් විදියටම sinhala කරලා keyman භාවිතා කරන්න..කොච්චර භාවිතා කලත් keyman 7.1 හි අත්හදා බැලීම් කාලය (Trial Period) ඉවර නොවෙන බව පෙනේවි.

8 comments :

  1. Downloads - 39
    Comments - 0

    :D :D :D :D :D :D :D :D :D

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්න එපා. ලහිරු.. ඔයා කරන දේ ගැන හිතල ඒකේ අවුට්කම් එක ගැන හිතල සතුටු වෙන්න.. ඔබට ජය..

      දිගටම රැදෙන්න..

      Delete
  2. වැඩේ නම් නියමයි මචන්.........මම ඔය software එකේ crack කරපු එකක් හොය හොයා හිටියෙ.thank you very much machan.

    ReplyDelete
  3. i need keyman malayalam 7.1 can u sent me details with free download and register
    sash26@gmail.com

    ReplyDelete
  4. nice machan
    hoya hoya hitiye meka

    ReplyDelete
  5. ෙගාඩක් වටිනවා හදිස්සි ෙවලාවට

    ReplyDelete
  6. Me software eka FM-Abhaya font ekata weda karanne ne. Kata hari me prashne godadanna puluwanda?

    ReplyDelete

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න