මේ ඡායාරූපය ගන්න ලැබුනේ පහුගිය දවසක අහම්බෙන් රුවන්මැලි සෑයට ගිය වෙලාවේ..ඒ වෙලාවේ නම් හිතුනා අපි මේ දුවගෙන යන ජීවිතේ තේරුම මොකක්ද කියලා.
මේ හමුදුරුවෝ ආරණ්‍යවාසි හාමුදුරුවන්වහන්සේ නමක්.උන් වහන්සේ රුවන්මැලි සෑය දෙස බලාගෙන එකම ඉරියව්වෙන් දින කිහිපයක් උදෑසන සිට රෑ වෙනකම් පාරමිතාවක් පුරනවා සසර දුකින් එතර වෙන්න.
උන්වහන්සේ යන එන කා සමගත් කතාබහ කරන්නේ නෑ.පුංචි බෝඩ් ලෑල්ලක් තියලා තියනවෙ කථා කරන්න එපා කියලා.එත් උන් වහන්සේගේ ශාන්ත ඉරියව් දිහා සෑ මලුවේ ඉදන් මිනිත්තු කිහිපයක් බලන් ඉන්නකොට වචන දහසක් බාවිතයෙන් කියන්න බැරි දේවල් ජිවිතේ ගැන දැනෙනවා.අපි බොහෝදෙනෙක් කාර්යබහුලත්වය තුල තමන් ගැන හිතන එක අමතක කරලා..අපි අපි ගැන හිතන එක අමතක කලාම අපේ ජීවිත ජිවිත කතරේ අතරමං වෙන්නේ අපිටවත් නොදැනිමයි.ජිවිතේ...පුදුමයක් අරුමයක් නෙවේ.එත් ජිවිතේ විදින්න ඕනේ නම් අපිට අපි ගැන හිතන්න වෙලාවක් වෙන් කරන්නම වේවි.
Excellent work
ReplyDeleteඅපිත් බක් පෝයට අනුරාධපුරේ ගිය වේලේ මේ හාමුදුරුවන්ව රුවන්මැලිසෑය ගාවදී දැක්කා. ඒ හාමුදුරුවෝඅ එහෙම ඉන්න එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා තමා හිතා ගන්න අමාරු.....
ReplyDeleteමේ වගේ සංන්සුන් දේවල් දකිද්දී ජීවිතය ගැන ගොඩක් දේවල් මතක් වෙනවා හිතෙනවා. වෙලාවකට මෙහෙම අන්තගාමි ව සොයන සැනසීමේ සුවය මොකද්ද කියලත් හිතෙනවා.
ReplyDelete@Nuwan
ReplyDeleteThankzz
@හසිත
බලාපොරොත්තුව නම් මොකක්ද කියලා දන්නේ නෑ සහෝ..කථා කරන්නේ නෑනේ මොකක්වත්
@ගීත්
අන්තගාම් නේද අපිත් සහෝ?අපික් ලෞකික සැප සම්පත් අතරේ අන්තගාම් වේලා.