2011 අවුරුද්දේ මුල්ම ලිපිය ලියන්න කලින් යාලුවෝ හැමෝටම සුභ පතනවා ලැබුවා වු අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා..දැං ඉතින් සුභ පැතුවේ යාලුවොන්ට විතරයි කියලා ගෑනු ළමයි ටික තරහ වෙන්න එපා..යාලුවෝ කිව්වේ යෙහෙලියන්ටත් එක්ක..
හරි..දැං ඉතින් එමුකෝ මාතෘකාවට..මාතෘකාව ඉතින් වෙන මොකවත් නෙවේ..ගංවතුර. මොකෝ මේ දවස් වල TV එක දැම්මත් පත්තරයක් ගත්තත් තියෙන්නේ ගං වතුර ගැනනේ..මාත් හිතුවා ගං වතුර ගැන මට හිතෙන දේවල් ටිකක් ලියන්න.
පහුගිය දවස් ටිකේම ලංකාවේ හැම පළාතකටම සැහෙන්ඩ වැස්සා..තාමත් වහිනවානේ..සිංහලෙන්ම කියනවා නම් nonstop වැස්ස…කට්ටියට මතක ඇතිනේ ගිය අවුරුද්දේ නම් nonstop පෑවිලක් තිබ්බා..ඒකට හරියන්ඩද කොහෙද වහිනවා දැං උතුරන්ඩ..
මේ නවතින්නේ නැති වැස්ස ගැන රටේ විවිධ පාර්ශව වලින් විවිධ මත පලවෙනවා..…ජෝතිශ්‍යය (ලිව්වා අකුරු හරිද මංදා) ඒ කිව්වේ astrology පැත්තට බර අයගෙන් කොටසක් කියනවා පහු ගිය කාලයේ රටේ පැවතුන යුද්ධය නිසා මියගිය බහුතරයක් මිය යන මොහොතේ වෛරයෙන් මිය ගිය නිසා මේ විදියට වහිනවා කියලා..ජෝතිශ්‍යය පැත්තටම බර තවත් කොටසක් කියනවා රටේ දීර්ඝ කාලයක් පැවතුන යුද්ධය නිමා වෙලා රට එක් සේසත් උන නිසා එතෙක් රටේ පොලවට වැටුන ලේ හේදන්න වහිනවා කියලා..(දැං අහන්ඩ එපා අවුරුද්දකට හමාරකට කලින් හැලුන ෙල් දැං වැහැලා හේදෙන්නේ කොහොමද කියලා..ඒ ඉතින් මං දන්නෙත් නෑ ඕං).
හැබැයි රටේ විපක්ෂයේ සමහරුන්න් කියන්නේ වෙනමම හේතුවක්..ඒක කියන්ඩ බෑ ඉතින්..blog එක අතුරුදහන් වුනොත් එහෙම අපරාදෙනේ ඕනේ නැති ඒවා කියන්ඩ ගිහින්..
විද්‍යාව පැත්තට බර අයනම් කියන්නේ පෘථෘවි පෘෂ්ඨයට ආසන්නයේ නව ඕසෝන් වලාවක් නිර්මාණය වෙනවලු හරිතාගාර ආචරනයේ අතුරුපලයක් විදියට.එකේ හේතුවෙන් ගෝලිය මධ්‍යන්‍යය උෂ්ණත්වය ඉහල ගිහින්ලු.පහල මං ඇදලා තියන රූපේ බලන්නකෝ.
ඔය රූපේ තියන විදියට ඉහල ඕසෝන් ස්ථරය නිසා පොලව උණුසුම් වීම වැලකුනත් පහල ස්තරය නිසා වෙන්නේ ගොලිය උණුසුම ඉහල යාම වැඩි වීම.
මොකද එකම විකිරණය පොලවේ ගැටි ඉවතට පරාවර්තනය වීම වෙනුවට පුර්ණ අභ්‍යන්තර පරාවර්තනය වීම සිදුවෙලා පොලව මතුපිට කිහිප වරක ගැටෙන නිසා.
මීට අමතරව පාථෘවියේ ගැටෙන කිරණ සතු ස්කන්ධය ශක්තිය බවට පත් වන නිසාත් ගෝලිය උණුසුම ඉහල යන බව අයින්ස්ටයින් සම්කරණය ඩි බ්‍රොග්ලි සමිකරණය ස්කන්ධ සංස්තිතිය හා ගම්‍යතා සංස්තිතය ඇසුරෙන් අවශ්‍යය නම් එප්පු කරන්න පුලුවන්.
කොහොමහරි ගෝලිය උණුසුම වැඩිවෙලා වාෂ්පිකරණ සිඝ්රතාව වැඩිවිම නිසා ඒකක කාලායකදි වාෂ්ප වන ජල ස්කන්ධය වැඩි වෙනවා.මේ ආවසන එලය විදියට ඒකක කාලයකදි ලැබෙන වර්ෂාපතනයත් වැඩිවෙනවා.
හරි ඔන්න වැස්ස ගැන කියලා ඉවරයි..දැං බලමුකො ගංවතුර..මේ පහල තියන photo ටික ගත්තේ ජංගමෙන් ඊයේ හවස සහ අද උදේ අනුරාධපුර අවටින්.දැන් ටිකකට කලින් ආරංචියක් ආවා නුවර වැව කැඩි යාමේ ආවදානමක් තියන නිසා අනුරාධපුර අවට සියලු පාසල් වහලා කියලා..මොකද නුවර වැව කැඩෙනවා කියන්නේ අඩුම තරමේ 3m වඩා උස අනුරාධපුර යට වෙනවා.අහලා ඇතිනේ කටිටිය 1956 අනුරාධපුර ගංවතුර ගැන.
http://panhidaa.blogspot.com/2011/01/blog-post.html
ReplyDeleteමටනම් එපා වෙලා මාත් අනුරාධපුරේ තමා. හැබැයි 2008 මෙහෙම වැස්සා මට මතකයි මැයි වෙනකම්ම වැස්සද කොහෙද. මාර වැස්සක් තමයි පායපු හැටියටම වහිනවා. හිතල නිකන් නුවර වගේ ඔය වැව තියෙන්නේ කොහෙද ? අදමයි ඇහුවේ ඔහොම නමක්
අපිටත් ඔහොම තමයි මචං වහිනවා තවම . වැවු බැම්මත් ඉවරයි ..දන් වැලි කොට්ට ගහලා ආවේ . තව දවසක් වැස්සොත් නම් අල්ලගෙන ඉන්න එකක් නෑ ..
ReplyDeleteඅනුරාධපුර special වගේ....!
ReplyDelete@Nadun
ReplyDeleteසහෝ මේ වැව තියෙන්නේ අනුරාධපුර රෑඹැව (a12) පාරේ 8km විතර ගිහින් ගජබා camp එකට මෙහායින් හැරිලා ඇතුලට යනකොට.සාලිය අශෝකමාලා හිටියා කියන්නේ මේ වැව ළගලු.මහකතදරාව මාන්කඩවල වගේ වැවිවල වැඩි වතුර මල්වතු ඹයට යන්නේ මේ වැව හරහා..ඒ හන්දා අම්බානක වතුර.වැව වන හරියේ තාර පාර අඩි 6ක් විතර හැරිලා.කිතුල් කොට පාලමක් තියෙන්නේ දැන්.
@හිස් අහස
ඒක නම් ඇත්ත මචන්..පායනකොට කුඹුරැ කරවෙන්න පායනවා.තවහිද්දි හේදෙන්න වහිනවා..පොඩි මිනිස්සු තමා හැමදාම තැලෙන්නේ
@Lahiru
අනිවා..අනුරාධපුර spzl!
බොස් මමත් අනුරාධපුරේ කැම්පස් එකේ.නුවර වැවේන් වතුර ලීක් වෙලා නේද???
ReplyDelete@රාජිත අනුරාධ***රජී-සන්නස....
ReplyDeleteඔව් මචන්..බැම්මත් ටිකක් කපලා තිබ්බා.
මමත් අනුරාධපුරේ.මාර වෑස්සක්,සීතලක් තිබුනෙ.දෑන් නම් ටිකක් අඩුවෙලා.අපි අද දවල්ට කෑම පාර්සල් හදල ගිහින් දුන්න ගංවතුරෙන් ප්‍රශ්න වුනු අයට.පුලුපුලුවන් හෑටියට උදව් කිරීම තමයි දෑන් කරනන් තියෙන්නෙ.
ReplyDeleteකුඹුරු එහෙමත් යටවෙලා.මේ සෑරේ කඩේ හාල් තමා කන්න වෙන්නෙ.
:(
@නදී
ReplyDeleteෂා..අනුරාධපුරේ කියලා අහන්ඩත් සතුටුයි ඕං..ඔයා අනුරාදපුරේ කොහෙද?campus ද?
ඒක නම් ඇත්ත..මේ පාර හුග දෙනෙක්ට කඩේ හාල් කන්න තමා වෙනේනේ.
අපිත් මල්වතු ඹය උතුරලා ගෙවල් යට උන අයට කෑම දුන්නා මේ දවස් ටිකේ.ඒ මිනිස්සුන්ගෙන් සමහරක්ට ජීවිතේ ආයේ බ්ංදුවේ ඉදන්ම පටන් ගන්න වෙන තරමට හැමදේම නැති වෙලා.