Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Monday, 25 December 2017


#ඩෙංකුටු ඩෙංකුටු...
මේ මම මේ එෆෙයාර්ර් එක නවත්වනව සුදායියෙ....හහ්...
*වාසනා වේවා......!!වැඩි වැඩියෙන් කොල්ලො සෙට් වේවා සුදු නංගිට...
"අනේ නරි හොම්බො දුක් වෙනවකො...සුදු නංගි යනව ඔහේගෙන්...අර්ර්ර්ර්....
"ජීවිතේ වසන්තය ආවා....හුරේ.....ටංටනා....
#මම දුකෙන් සුදු අයියෙ.....
"මොකෝ මේ....
#මට දුකයි....
"ඒ මොකෝ....
#වෙන ලමයි යාලුවො ආදරෙන් ඉන්නො...සුදු අයිය ගොඩක් ගොඩක් එන්නෙ නෑ මාව  බලන්න....
*හ්ම්ම්ම්....

#සුදු අයියට මාව ලස්සන මදි නම් කියන්න...මම පාඩුවෙ ඉන්නම්....
#මට වඩා හොඳ කෙනෙක් හොයාගන්න පුලුවන්....මම තරහ නෑ...මට එදා වගේම සුදු අයියගෙ ආදරේ පපුවෙ තියාගෙන දැනුත් නිදාගන්නව වගේම සුදු අයිය නැති උනත් සුදු නංගි මැරෙන්නෙත් සුදු අයියගෙ ආදරේ පපුවෙ හංගගෙන...
*දැං ඇති...දැං සුදු නංගි දුකෙන් ඉන්න හේතුව මොකද්ද ...
#සුදු අයිය මාව ගනං ගන්නෙ නෑ...සුදු අයිය අනිත් පිරිමි ලමයි වගේ බලන්න එන්නෙ නෑ..වැඩ වැඩ...මගෙ යාලුවොන්ගෙ පිරිමි ලමයි එනව..මම කියන්නෙ සල්ලි වියදම් කරගෙන කරන දේවල් නෙවේ...මම ආසයි සුදු අයිය එක්ක වෙරලෙ වැලි මාලිගාවක් හදන්න....තව අපෙ සීය කියල තියේ රැල්ල එනකොට යටි ගිරියෙන් කෑ ගැහුවම රැල්ල වැඩි වෙනව කියල...තව සුදු අයිය එක්ක මොනවහරි ඇබුල් පලතුරු අරගෙන කකා යන්න...මට ඕනි නෑ වාහනේකින් ඇවිත් ඩ්‍රොප් කරල යන හස්බන්ඩ් කෙනෙක්ව...මට ඕන ඔෆිස් එකට ඇවිත් මාව ඉන්දවල නලලට උම්ම එකක් දීල යන මගේම ආත්මෙ ඉතුරු භාගෙ වගේ ඉන්න...
*ම්ම්ම්ම්ම්ම්.....

#මට ලොකි දේවල් ඕන නෑ...මම එෆෙයාර් එක නවත්වනෝ කියල කිව්වෙ රන්ඩුවක් අල්ලන්නම තමයි...කොහොම උනත් ආදරේ කියල දුන්නෙ සුදු අයිය...මොනව උනත් මම දරාගෙන ඉන්නව.....
*හරි මං දැං කතා කරන්නද....
#හ්ම්ම්ම්ම්ම්....
*ප්‍රශ්න ටිකක් අහන්නද...
#හාං....හැබැයි මම පරදින්න බෑ...මමනෙ මෙතන ලොක්කි...සුදු අයිය අන්තිමට පරදින්න ඕන...
*හා හා..ඔන්න එහෙනම් අහනව...
#හා....

*සුදු අයිය කරන ජොබ් එක මොකද්ද....
#නෝ ජොබ් කොම්පැනි...එයාට කෙනෙක් යටතෙ වැඩ කරන්න බැයිලු...උද්දච්චකම...මෝඩය...ඒ නිසා එයා ආස තමන්ගෙම දෙයක් ගොඩ නගන්න....හහ්...
*හරි එය්හකොට සුදු අයිය සල්ලි කරයෙක්ද...පරම්පරාවෙන් සල්ලි තියේද...
#නෑ ඒ නිසානෙ සුදු අයිය මහන්සි වෙන්නෙ...
*හරි එතකොට සුදු අයිය මහන්සි වෙන එකේ ප්‍රතිපලය මොකද්ද....
#අම්මල මහන්සි උනු එකේ ප්‍රතිපල එයාලට පෙන්වන්න...ඊට පස්සෙ එකමත් එක දවසක ලස්සනට එයාගෙ සුදු නංගි පැටියවයි සුදු නංගි පැටිය සුදු අයියට තෑගි දෙන රෝස කැලෙන්  ඇහිඳපු බබාලවයි ආදරෙන් බලාගන්න ඕනි වටපිටාව හදන එක...

* හරි මේ අහන්න දරුවො...ආදරේ කරන කාලෙ ලස්සන හීන මවන මිනිස්සු කසාදෙන් පස්සෙ කීයෙන් කී  දෙනාද තමන්ගෙ වගකීම හටියට ඉටු කරන්නෙ...හොඳම උදාහරන තමා මේ ලඟදි මම අඳුරන නංගි කෙනෙක් ඉන්නව බස් ස්ටෑන්ඩ් එකක අව්වෙ කුඩයක් ඉහලගෙන...එයාට ලමයෙක් හම්බෙන්න...මම ගිහින් කතා කලා...මහත්තය එන්නෙ නැතිලු ක්ලීනික් යන්න...බඩේ අමාරුවක් කියල නිදිලු...
ඉතිං සුදු නංගි මට මතකයි ඒ අය අපි ක්ලාස් යන කාලෙ හැමදාම ඇවිදින්න යනව...ෆිල්ම් හෝල් එකේ එක ෆිල්ම් එකක් මිස් කලේ නෑ...ඇවිද්ද...කෑව බිව්ව...සමහර අය එයාල වගේ ආදරේ කරන්න පටං ගත්ත...
කාලෙ හෙමින් ගියා...කොල්ලට වෙන එෆෙයර් තිබිල දෙතුන් පාරක්ම චාටර් වෙලා කොහොමහරි කෙල්ලගෙ ගෙදරින් බල කිරිල්ලට කොල්ල බැන්ද...පස්සෙ.මට හම්බුනා තව දන්න කියන  කෙල්ලෙක් එක්කත්....
අහන්නකො මේ ටික සුදු නංගි...පි ආදරේ කරන කාලෙ හීන මවනව හීන දකිනව ලස්සන ආදරනීය කැදැල්ලක් ගොඩ නගන්න...මැසේජ් වලින් කෝල් වලින් හීන මාලිගා තට්ටු පිටුන් හදනව...ඒවගෙන් කීයෙන් කීයද අපිට හදාගන්න පුලුවන්...

මට ඕන නෑ මාසෙට යන්තම් සෑහෙන්න පඩියක් අරගෙන ජීවත් වෙන්න...අපිට ඕන දේවල් අපිට ඕන විදියට කරන්න තියෙන්න ඕන...ජීවිතේ කියන්නෙ සල්ලි නොවුනට අද සල්ලි නැතුව කරන්න පුලුවන් දෙයක් නෑ...
මට ඕන නෑ ඔයා ගාව වැඩ බැරි ටාසන් කෙනෙක් වෙන්න්...මට ඕන හැමදේම දෙන හොඳ මහත්තයෙක් අප්පච්චි කෙනෙක් වෙන්න්...ඊටත් කලින් හොඳ වගකීම් ඉටු කරපු පුතෙක් වෙන්න...
ඔයා ආසත් නෑනෙ බඩ ගෙඩියක් එල්ලගෙන තනියම අව්වෙ දූවිල්ලෙ අමාරුවෙන් ක්ලීනික් යන්න...
#හ්ම්ම්ම්ම්....

*හරි කූඹි ලමයෝ....එනො එනෝ හවස යමු වෙරලට....රොටී හදාගෙන එන්න ලුනු මිරිස් එක්ක..අර උනු වතුර බෝතලේට තේ වතුර දාල ....

#මේ මැටි රාල....

*මොකෝ....
#වෙන කෙල්ලෙක් දිහා බලල තිබ්බොත් මරනව...එක්කො කෙල්ලො දිහා බැලුවට කමක් නෑ...මොකද මේ උනුහපුල දිහා මං ඇර වෙන කෙල්ලො කොහොමත් බලන්නෙ නෑනි...
*දුප්....
======================
සමහර ආදර කතා කියවෙන්නේ මහ හඬින් කරන මුරගෑම් වලින් නොව ආදරෙන් සෙනෙහසින් කියා දෙන පුංචි ආදරනීය සොඳුරු කතා බහ වලිනි....

0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න