Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Thursday, 27 July 2017


මෙහෙම දේකුත් තියනවා.අද දවස වෙද්දි ඛනිජ තෙල් එහෙම නැත්නම් fossil fuel කියන්නෙ අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයක් උනාට,ලෝකේ ප්‍රධාන බලශක්ති ප්‍රභවය උනාට,මීලග වසර 15ඇතුලත මේ කියන fossil fuel වලට තියන ඉල්ලුම සිඝ්‍රයෙන් පහත බහිනවා පහුගිය දශක පහ ඇතුලත උනා වගේ හතර පස් ගුණයක වේගයකින් ලෝකය අද පවතින තත්වේ අනුව. (ලෝක බැංකු මුලාශ්‍ර)
එහෙවු තත්වෙක ඉදගෙන බිලියන ගානක් යට කරලා අර දිරච්ච අවුරුදු 100ක් විතර පරණ තෙල් ටැංකි ටිකක් ගන්න ඉන්දියාව පොරකන්නෙ ලංකාවට තෙල් විකුණන්න කියලා විතරක් කියලා හිතන්නම බැරිවෙච්ච හින්දා  ඒ ⁣ගැන තව දහදොලෙස් පාරක් හිතලා බැලුවා යකො ඉන්දියාවේ උන් ගුලි කාලද මේ දිරච්ච යකඩ බැරල් ගොඩකට පොරකන්නෙ කියලා, අන්න එතකොට තමා මේ කථාවේ අග මුල තේරුනේ..
දැං මේ ත්‍රිකුණාමල  චීන වරායේ තෙල් ටැංකි  අයිති කරගන්න  එක මාස්ටර් ප්ලෑන් එකක මැද කෑල්ල.
මුල කෑල්ල කියලා එන්නම් අග කෑල්ලට.
ලෝක දේශපාලනේ ගැන පොඩි touch එකක ඉන්න උන්ට මතක ඇති, මීට මාසෙකට විතර කලිං
චීනේ උන් අෆ්‍රිකාවේ Djibouti වල චීනෙන් පිට,කොටින්ම චින පොලවෙන් එපිට පලවෙනි චීන Military Base එක එහෙම නැත්නම් හමුදා කදුවුර ආරම්භ කරනවා.
දැං එක පාරටම හිතෙයි ලෝකේ මෙහා කෙලවරෙ තියන චීනේ එහා කෙලවරේ තියන අෆ්‍රිකාවේ Military Base එකක් ගැහුවම ඉංදියාවේ උන්ට පාන්ද කියලා.
නෑ පුති..උඹ මමයි දකින  A4 size හතරැස් ලෝක සිතියමේ කෙරවලවල් දෙකක චීනෙයි අෆ්‍රිකාවයි තිබ්බට ඇත්ටම මේ ලෝකේ ෆුට්බොලයක් වගේ බෝලයි.ආං ඒ බෝල ලොකේ හරියටම චීනෙට එහා පැත්තෙං තියෙන්නෙ අෆ්‍රිකා මහද්විපය. සුවර් නැති උන් ලෝක සිතියමක් ⁣රොල්  කරලා හරි බලාගනියව්..
අන්න එතකොටයි මේක නිකං ඉන්දියාවේ කනට ගැහැවා වගේ වෙන්නෙ. ආසියාවේ බලවතා වෙන්න පොරකන ඉංදියාවට  නාවුක බලය කියන්නෙ හෙනම වැදගත් මෙව්වා එකක්.මෙච්චර කාලෙකට ඉන්දියාව හිතන් හිටියේ වලියක් ගියොත් ⁣ඉනිදියාව පහලින් නවුක ගමන් මාර්ග අල්ලගෙන චිනෙට වඩාගෙන ගහන්න උනාට දැං ඒක කරන්න බැ.මොකද දැං එහෙම කරන්න ගියොත් අෆ්‍රිකාවේ ඉදන් චීනෙ උන් ඉන්දියාවට නෙලනවා හොදි නැති වෙන්න.
මොකද චීනේ කියන්නෙ දෙයියෙක් හරි කමක් නැ දවසක් දෙකක් අතපතගාන්න දුන්නොත් සෙනිකව දෙයියත් ඩුප්ලිකේට් කරලා දෙයියන්ගෙත් high copy ගහන ජාතියේ ඩයල් ඉන්න රටක්නෙ..ලොකේ මොකාවත් අදවෙනකම්ම හරියටම දන් නැ චීනේ යුධ ශක්තිය කොහොමද කියන්නවත්.
ඉංදියාවේ ආසියාවේ බලවතා විමේ හිනේ ඔහොම කුරුවල් වෙලා  තියෙද්දි,චිනෙ උන් ලංකාවේ port city, හම්බන්තොට වරයටත් අයිතිවාසිකම් කියන්න යද්දි නිකම් ඉංදියාවට තේරෙනවා ආයේ ඉතිම් චිනෙට අරින්න හැදුවොත් දැන්නම් බබා හම්බෙන සින් එකක් තියෙන්නෙ කියලා..
අන්න එතකොට තමා මොදි ජානාධිපති....ආ වැරදුනා නැ නැ අගමැති තුමාට මිටර් වෙන්නෙ ත්‍රිකුණාමලයේ ස්භාවික වරාය, එ්ක ඇතුලේ ඉංදියන් නැව් නවත්තන්න ඕන වෙලවක යන්න එන්න,හදිස්සි යුද්දෙකදි ඉංදියන්  නාවික කදවුරක් ඒම නැත්නම් navy base එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන් අනාගත ප්ලෑන පොරගේ ඔලුවට වැටෙනවා.. මොකද මොදි කියන්නෙ අපේ උන් වගේ අටපාස් ඩයල් එකක් නෙවේ.
අන්න ඒ කතාව වහගෙන මොර මේ IOc එකට තෙල් ගබඩා කරන්න තෙල් ටැංකි ගන්න එනවා ලංකාවේ ත්‍රිකුණාමලෙන්..
ඊටපස්සේ...
හුටා..ඇහැරුනා බං මට.හිනෙ ඉවරයි කියාංකො.අදවත් තෙල් එයිද කිය කිය බල බල ඉද්දි නින්ද ගිහිං බං. ආයේ ඒ හිනෙ දැක්කොත්  පස්සේ කියන්නම් ඊටපස්සෙ වෙන දේ

#Ceypetco #lka #india

0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න