Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Monday, 13 March 2017


අපි වූ කලි අසිරිමත් ඩිස්නිලන්තයක ඩිස්ටි ඩිඩිං පුරවැසියෝය.කලක් අසියාවේ ආශ්චර්ය ඔන්න මෙන්න වෙමින් සිටි අපි දැං ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්ථානය සකසමින් සිිටින්නොවෙමු.

කලක් වෛද්‍යවරුන්ගේ , සමාවන්න ඩිස්නිලන්තයේ වෛද්‍යවරුන්ගේ මිලෙන් කොටසක් ගෙවා වාහන ආනයන කිරිමේ බලපත්‍ර (Car Permit) ලබාදීමේ ක්‍රියාවලිය පට්ට ගැසූ අපි මැති ඇමැති හාමුදුරුවෝ සතයක්වත් නොගෙවා පට්ට වංඩි ආනනයනය කිරිමේදී කටද පු$ද සමව වසාගෙන බැතිසිතින් සාදු කාර දෙන්නො වෙමු.

මක්නිසාද යත් වෛද්‍යවරුන්ගේ වාහන වරචස් කර උන්ට වාහනයක් නැත්තටම නැති උවද ත්‍රිවිලයක බැරිනම් ලංගමේ හො පැමිණ උන් රජයේ රෝහලේ සිටන ඩිස්නිලන්ත රොගිහු හට එනම් එකල සිංගප්පුරුවේ ගොස් උණට පවා බේත් ගත් නමුත් මෙකල වෛද්‍යවරුන් කෙරෙහි උපන් දයානුකම්පාවෙන් රජයේ වෙත පැමිණෙන අසිරිමත් ඩිස්නිලන්ත ධනකුවේරයො හට කෙසේ ප්‍රතිකාර කර ආතල් ගන්නා කුහක නරමයන් බව දන්නා මුත්, මැති ඇමැති හාමුදුරුවන්ගේ වාහන කදන්දර වලට හොටදැමිමට ගියහොත් අප කෙරෙහි අනුකාම්පාවෙන් එකී මැති ඇමති උත්තමයන් අපට ලබා දෙන්නේ තනි සුදු වැන්රථයක්ද , තැනින් තැන රතු කතිර ඇද ඇති සුදු වෑන් රථයක්ද, නැතහොත් සප්ත සයුර තරණයට නාවුක සවාරියක්ද යැයි අපිවත් හරියටම නොදත් නිසාවෙනි.මැති ඇමැති හාමුදුරුවන්ගේ වටිනා කාලය එවැනි දේට යොමු විම ඩිස්නිලාන්තික අප අනුමත නොකරන නිසාවෙනි.

මෑතකදී ඩිස්සනිලන්තයේ රජයේ රෝහල් තුලම මුදලට සෞඛය සේවාවන් ලබා දීමේන් ඩිස්නිලාන්තික ධනකුවේරයන්ගේ අතිරික්ත මුදල් කාවෝ කෑමේ ගැටලුව විසදීමට බබ..බබ සේනාරත්න මහතාගේ පියා පියවරගත් අතර වෛද්‍ය කුහකයෝ ඊටට එරෙහිවනු ඇති බව තතු දත්තෝ පවසති.
විධායක උත්තමයන් අධිකරණය පිළිබද තිරණ ගන්නා අතර නීතිවෙදීන් වෛද්‍යපීඨ පිළිබද තිරණ ගති.ගණකාධිකාරි වරු විදෙස් ප්‍රතිපත්ති පිලිබද තිරණගන්නා අතර මැති ඇමති උත්තමයන් හර බැර නැවත හර කොට මහබැංකුව පිලිබද තිරණගනී.බුකී ඇඩ්මින් වරු වෛද්‍යවරුන් පිලිබද තිරණ ගන්නා අතර, වෛද්‍යවරු සෙසු අවශේෂ සෞඛ්‍ය වෘතීන් පිළිබද තිරණ ගනී. ලක්ෂ 120ක් ගේමක් නැති එකා උපාධියක් ගැනිමට විශ්වවිද්‍යාලයක් සොයන විට රෑට පාන් ගෙඩි දෙකක් ගැනීමට රුපියල් 120ක් නැති එකා අරුට විශ්වවිද්‍යාලය තනා දීමට වෙහෙසෙයි. අතිතයේ සමාජවාදිහු කියු උන් විරුද්ධමතධාරින් කපා කොටා ගිනිතියා දමා සමාජය සුද්ධපවිත්‍ර කිරිමට වෙහෙසුන අතර වර්ථමානයේ විශ්වවිද්‍යාල සිසුන් බහුතරයකගේ මොලසේදීමට වෙහෙසෙයි. එකි මෙකි නොකි සියලු සිදුවීම් අතර මැති ඇමති උත්තමයන් ඩිස්නිලාන්තික පුරවැසියන්ගෙ සුලු හො ශ්‍රම දායකත්යක් නොගනම ඩිස්නිලත්තයේ මහබැංකුව තුල ගිලා බැසිමකට හේතු වු අතිරක්ත අනවශ්‍ය මුදල් විදෙස් රටවල බැංකු තුල තැම්පත් කර එකි විදෙස් රටවල බැංකු පද්ධතිය ගිලා බස්සවා ගෝලිය ආර්ථිකය සියතට ගැනීමේ දූරදර්ශි වැඩ පිලිවලක යෙදි සිටින්නේ නලුවෙක් නොව මොලයක් බව ලොව ඩිස්නිලාන්තිකයන් මෙන් නොදියුණු ජාතින් හට මනාව පැහැදිලි කරමිනි. මෙවන් පරහිතකාමිජාතියක උපත ලැබීම සැබැවිමන්ම භාග්‍යක්ය.

කලකට ඉහත මා ඩිස්නිලාන්තින රජ්‍ය ආරක්ෂක හමුදාවේ බුකිබලඝණයට අනියුත්ව සේවය කරන අතර තුර හසුවූ විදේස් මුදලට විකිණුන දේශද්‍රෝහි ඩිස්නිලානිතිකයෙකුගේ පාපොච්චාරණයෙන් මෙකි ලිපිය අවසන් කරමි.

දොන් සයිමන් ද සැමන් වූ ඔහු වසර ගනනාවක් තුල කරන ලද අධ්‍යනය තුල අඩංගුව තිබුනේ ඩිස්නිලාන්තිකයින් මෙස් සෙනිකවම ගෝලිය බලවතුන් වූයේ කෙසේද යන්න හා ඩිස්නිලාන්තිකයන් නාන්නාත්තර කර මඥ්ඤං කර දැමිය හැකි ක්‍රමවේදයය. ඔබගේ දැනගැනිමට පමණක් ඇස් හා මුහුණු සංවෙිදි තොරතුරු ආවරණය කොට මෙසේ දක්වමි.

//ඩිස්නිලාන්තිකයන් මෙකි දියණුවෙහි සෙනික උරුමක්කාරයින් වී ඇත්තෙ සෑම ඩිස්නිලානතිකයෙක්ම හුදෙක් පරාර්ථකාමිත්වය පෙරදැරිව ස්වකීය ජිවිතයේ ඩිෆිනිෂන් එක අමතක කර වෙනමොකාගේ හෝ ඩිෆිනිෂන් එකක් තමන්ගෙ කරගනිමින් එකි පෞර්ෂත්වය ආදේශ කරගැන චූන් විමය. කොටින්ම වැස්සියකට දාව උපදින හරකෙක් පාවා වස්සෙක්ව ඉපදි එළුවෙක්ව ජීවත්වී බල්ලෙක්ව මියයෑම ඩිස්නිලන්ත සම්ප්‍රදායයි. රට කඩා වැට්ටවීමට මෙරට වැසියන්ට ඔවුන්ගේ ලයිෆ් ඩිස්ක්‍රිප්ෂන් එක හදුන්වා දි තව තඩි මොල්ගහකින් පොලිමට තමා මතකය අමතක වන තුරු හිසට පතබෑ යුතුය.මැති ඇමැති හාමුදුරුවරුන් තොරාපත්කරගැනීම වැනි දෑට සංචින්තනික බුද්ධිමත් ඩිස්නිලාන්තිකයන්ට ඉඩ නොදි පිස්සන් ට පවරා  අතිඋගත් බුද්ධිමතුන් පාර්ලිමෙන්තු යැවිම වලකා කෑමපැකට් එකට කතිරය ගසනා මට්ටමට ඩිස්නිලාතිකයින්හට ගුලි ගැස්සවිය යුතුය //

වාසනාවකට පරජාතියක් අතට පත්විමට පෙර එම ලේඛන විනාශකරනු ලැබුනිසා අදද ඩිස්නිලාන්තිකයින් එදාමෙන්ම සුවයෙන්ද සැපයෙන්ද සිටිති.

-ලහිරු-
#lahiru777


1 comments :

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න