Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Sunday 18 December 2016

මේ ලෝකේ සමහර දේවල් තියනවා අපි අපේ කියලා හිතාගෙන ඒ දේවල් අයිති කරගන්න,හැමදාම ලගින් තියාගන්න හිතාගෙන ඒ දේවල් අපේ කරගන්න උත්සහකරන වාරායක් වාරයක් ගානේ ඒ දේට සාපේක්ෂව අපේ වටිනාකම අඩුවෙලා ගිහින් අන්තිමට නැත්තටම නැතිවෙලා ගිහින් අන්තිම අපිත් නොදැනම අපි ඒ දේට සාපේක්ෂව මෙලො වටිනාකමක් නැතිවෙලා යන. ඊළගට වෙන්නෙ අපිත් නොදැන කොහෙවත් නැති ගොබිලෝ අපේ ඔලුවටම අතහොදන්න එන එක.ඔව්...ඒ වෙලාවට උඹට දැනෙයි මල් වැහි වහිනවා කියලා.හැබැයි පුතේ ඇත්තටම වෙන්නේ උඹම නාවලා නැට්ට කපලා ගොඩින් තිබ්බ නරි උඹේම ඔලුවට අතහොදන එක..

භෞතික වස්තුවක් ලෙස ගත්තහම ඔබට මේ ලෝකෙ වටිනාම දේවල් මොනවද?

එක එක්කෙනාගෙ ජීවිතේ තියන අවශ්‍යතා අනුව එක්කෙනාගෙ වටිනා භෞතික වත්කම් වල ස්වභාවය වෙනස් වෙනවා. දුප්පත් කමින් පීඩිතව ඉතා අසීරුවෙන් ජීවත් වෙන පුද්ගලයෙකුට පාන් ගෙඩියක් කියන්නෙත් පුදුමාකාර තරම් වටිනා භෞතික වස්තුවක්. නමුත් ලොකෙ සුපිරි ධනවතෙක් වන බිල් ගේට්ස්ට ලක්ෂ හා පන්සීයක වාහනයක් කියන්නෙත් තුට්ටු දෙකේ වටිනාකමක් නැති නිකං පුස්සක්. හැමදේම තියන කෙනාට කිසිම දේක සැබෑ වටිනාකමක් තේරෙන්නෙ නෑ. හැමදේම නැති කෙනාට අබමල් රේණුවක තරම් දේක උනත් ලොකු වටිනාකමක් තේරෙනවා.
මේ ලොකෙ දරුවො ලැබෙන්නෙ නැති, දරු සම්පත් අහිමි පවුල් ඕනැතරම තියනවා. ඔවුන් දරුවන්ට පුදුමාකාර තරම් ආදරෙයි‍ෙවෙන අම්මලා තාත්තලා දරුවන්ට ගහ බනිද්දි දරුවො නැති අම්මල හිතනවා 'අනේ මට ඔය පැටියා හිටියනම් නිපිටින් පාරක් ගහන්නෑ..මලක් වගේ හදා ගන්නවා' කියලා. දරුවො ලැබෙන්න කලින් කොයි අම්මත් ඔහොම තමයි හිතන් ඉන්නෙ. ඒත් දරුවො ලැබුනාම, උන්ට ආදරේ කළාම, උන්ව ඉම්ඹම, උන්ව ලෙව කෑවම උන් එක්ක තිබ්බ ඇරියස් එක කවර් වෙලා මානසික ගනුදෙනුව සාමාන්‍ය වෙනවා. ඊට පස්සෙ දරුවො නැතිව කාලයක් දුක් විදපු අම්මෙකුට උනත් දරැවෙක් කියන්නෙ මහා අමුතු දෙයක් නෙවෙයි.
ආදරේ ඇබින්දක් විදලා නැති, අම්මෙක් තාත්තෙක්, අයියෙක් අක්කෙක්, පෙම්වතෙක් පෙම්වතියක් නැති බලාගන්න බලන් ඉන්න කවුරුත් නැති මිනිස්සු මේ ලොකෙ අහු මුළුවල ඕනතරම් ඉන්නවා. ඔවුන් ආදරේ හොය හොයා, බැදීම් හොය හොයා ජීවිත කාලෙම නාහෙන් අඩනවා. මාව බලන්න කවුරුත් නෑ. අයියො මං තනිවෙලා. මට කාත් කවුරුත් නැතෝ ..කිය කියා ළතෝනි ගහන අය මේ ලොකෙ ඉන්නවා. ඔවුන්ට ආදරේ කරන්න කෙනෙක් මුණ ගැහුනොත් ඉස්මුරුත්තෙ යන්න ආදරේ කරනවා කියලා ඔවුන් හිතාගෙන ඉන්නවා. ජීවිතේ කවදාවත් කාටවත් ආදරේ කරල නැති, ආදරේ විදල නැති කෙනාට තමන්ගෙ ආදරේ මාර සුන්දර වේවි කියලත් පම්පෝරි ගහනවා.
ඒ උනාට සැබෑ ආදරයක්, සැබෑ රැකබලා ගැනීමක්, සැබෑ වටිනාකමක් තමන්ගෙ ජීවිතේට ආවාම උන්ට හිතෙන්නෙත් ඔය උඹලා අපිට හිතෙන දේම තමයි. දවස් දෙකක් තුනක් ලව් කරද්දි, දෙතුන් පාරක් මූණ ඉඹිද්දි, තෑග්ගක් දෙකක් අරන් දෙද්දි, එයාව බදාගෙන වැළදගෙන ලෙව කාගෙන පාරෙ තොටේ යද්දි අපේ හිත් ආඩම්බර වෙනවා දැන් අපිටත් කෙනෙක් ඉන්නවා කියලා. නමුත් ඒ එකම එක්කෙනා මුණ ගැහෙන්න කලින් ඔහුගේ හෝ ඇයගේ ගැන ඔබ හිතේ තිබූ උවමනාව කැමැත්ත සහ සැපසුම් මේ වෙද්දි නැතිවෙලා ගිහින්. හරියට සෝඩා බොතලේ කැඩුව වගේ.පටන් ගනිද්දි මල් ගහලා, රතිඤ්ඤා දාලා තොරන් බැදල පටන් ගත්තෙ. දවස් ගත වෙද්දි කෝදුරුවෙක්වත් නෑ. ලාන්තරස් වෙලා යනවා.
නමුත් ඔහොම නැකි අයත් ඉන්නවා. ආදරේදි ජීවිතේ තුන්සිය හැටපස් දවසෙම එකවගේ නොවෙනස්ව ආදරය කරන, සැලකිලිමත් වෙන, ආරක්ෂාව ලබා දෙන අය නැතුවා නෙවෙයි. නමුත් ඔබට නොවෙනස් ආදරය පිළිගන්වන්න ලැබෙන්නේ ඔබ වගේම නොවෙනස් කෙනෙකුට නෙමෙයි. ඔවුන් ඔබේ ආදරය මායිම් කරන අන් නෙමේ. ඔබේ ආදරේ වටිනවා කියලා හිතන උන් නෙමේ. උන්ගෙ හිතේ නිකන් තිබ්බ පලියට, ඇග කහන නිසා ඔබ උන්ට ආදරේ කරනවා කියලා. ඔබටත් ඉන්නෙ එහෙම පෙම්වතෙක් පෙම්වතියක්, නංගියෙක්, අක්කෙක් නම් මතක තියාගන්න. ඔය ආදරේ ලාබෙට දෙන තුට්ටු දෙකේ මානසික බිස්නස් එක මේ දැන්ම නවත්වන්න. ඔබේ ආදරේ උන්ට, ඒකිට ගානක් නැත්නම් ටික දවසක් ඔබ නතර කරලා විවෙක ගන්න..නිදා ගන්න..පොතක් බලන්න..තමාගේ වැඩක් බලාගන්න. නිදහසේ හිතෙන ගමනක් යන්න. ඔබේ ආදරේ ගැන තුට්ටුවක වටිනාකමක් නැති උන් ගැන හිත හිතා වද වෙන්න ඔබේ ඔබේ ඇග කහනවද? රුදාවද? දවස් තුන හතර එහෙම ඉද්දි ඔවුන්ට තේරෙනවා ඔබේ ආදරේ, ඔබේ සැලකිල්ල, ඔබේ රැකබලා ගැනීම නැතිව ජීවත් වෙද්දි හිත කොච්චර පාළුද කියලා. ඒ හිතට විදවන්න ඇරලා ඔබ ඔබේ වැඩක් බලාගන්න. ඔවුන්ට ඒක වැටහුණාම ඔබ පුරුදු විදිහට හැසිරෙන්න. නමුත් ආයෙත් කාලයක් යද්දි උන් පරණ විදිහම වෙනවා. අයෙමත් දඩුවම් දෙන්න.
ඔබ අහයි මේ විදිහට හැමදාම දඩුවම් දිදී, හැමදාම සමාව දිදී ඉන්න එක හරිද කියලා. පුතේ ඒක මහ නිවට කමක්. ඔබට වටිනාකමක් තියනවා. ඒක නැති කරගන්න එපා. දෙතුන් පාරක් සමාව දීල නැහැදුන එකා කැපුවත්, කෙටුවත්, මැකුවත් හැදෙන්නෙ නෑ. ඒ උන්ගෙ හැටි..ඒ නිසා තුන් හතර පාරක් සමාව දීලත් උන්ට ඹබේ ආදරේ ගැන වටිනා කමක් නැත්නම් බම්බු ගහගනින් කියලා කොන්දේසි විරහිතව ඔබ ඔබේ ආදර කතාව අකුළා ගන්න. උඩදාලා පස්ස පැත්තට පයින් ගහලා උන්ව පපුවෙන් එළවලා දාන්න. ආයි පාරක තොටක දැකලා අත පෑවත් බලන්න එපා. ඕක සාහසික කතාවක් කියල ඔබට හිතේවි.
පුතේ ඔබේ හිතේ ඇතිවුනු නොකළැල් සැබෑ සෙනෙහසට ගරහපු, ඒක නිවටකමක් විදිහට සලකපු, ඹබව තුට්ටු දෙකට දාපු පිශාච හදවතකට ඊට වඩා සරල දඩුවමක් දෙන්න කියන්න මම නම් ඉදිරිපත් වෙන්නෙ නෑ. අපි නම් එහෙමයි. එතකොට මේ ආදරණීය ගනුදෙනුව හරි සරලයි. ලේසියි. ආදරය කියන්නේ මානසික වශයෙන් ලාභ ලබන ව්‍යාපාරයක් විය යුතුමයි. ඔබ දෙන ආදරේ දෙගුණ තෙගුණ වෙලා ආපිටට එන්න ඕන. සරලව කිව්වොත් ආදරේ බිස්නස් එකක්. දිගින් දිගටම පාඩු ලබනවානම් කම්පැණිය වහල දාලා වෙන වැඩක් බලා ගන්න ඕන. පාඩුපිට දුවන්න හැමදාම බෑ. ඒකිට ඌ කොච්චර ලව් කළත් ඒක උන්ට තේරෙන්නෙ නැත්නම් බම්බු ගහගන්න කියලා පාරෙ ඉන්න බලු කික්කියෙකුට ආදරේ කරපල්ලා. ඌ නැට්ටවත් වනයි අපිව දැක්කම.

ඒ හන්දා මිනිහෙක්ට වචනෙකින් හරි උදව්වක් කරන්න කලින් පාරක් දෙකක් නෙවේ සිය පාරක් හිතන්න..මොකද අපි ජීවත් වෙන්නේ බඩුකාරයෝ පොරවල් කියල හිතන, බොරුකාරයෝ සත්‍යවාදීන් කියල හිතන, දෙයක් හොයන්නේ බලන්නෙ නැතුව පිලිගන්න මග බලන් ඉන්න තුට්ටු දෙකේ සමාජෙක.ජාතියක් ජන්මයක් නැති උන්ට ඒ විදියට, පද්දොන්ට පදු විදියට, සක්කිලින්ට සක්කිලි විදියට,ලන්දේසි පෘතෘග්‍රිසි කලවං උන්ට කලවං විදියට සලකන්න පුරුදුවෙන්න.අපි හැමෝම එකයි,සේරම මිනිස්සුනේ කියලා හිතුවොත් අන්න එතන ඉදන් උඹට නාගන්න වෙන්නෙ ඇදගෙන නෙවේ බාගෙන.. සක්කිලියගේ සක්කිලි ගති වගේම පද්දගේ පදු ගතිත් උගේ ජාන වලම තියනවා. අනිත් උන්ගෙත් එහෙමයි.මොකද දෙකම දොඩං උනාට ඇඹුල් දොඩනුයි පැණි දොඩනුයි රස දෙකක්.අවුරුදු දහස් ගානක් තිස්සේ කුල ක්‍රමේ අපේ සමාජ ක්‍රමේ ඇතුලේ පැවතුනේ හේතුවක් ඇතුව.

0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න