Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Thursday, 13 October 2016

අවසානයි ප්‍රේමාදරේ

ගිරවෝ කොවුලෝ මිදුණා මා ආදරෙන්…

මෙහමයි ඉතිං කොල්ලොන්ට නම් ඕනේ එකෙක්ට මේක හරි.. බූටක් කාපු කෙල්ලොන්ටත් හරි...

හැබැයි කොල්ලෙක්ට බූටක් දෙන්න හරි දීපු හරි කෙල්ලෝ මේක  කියවලා මේ විදියට කරන්න කලින් මුලින්ම කල්පනා කරලා බලන්න ඕන සම්බන්දේ තිබ්බ කාලේ දෙන්නා අතරේ වෙච්ච දේවල්, කරපු දේවල් උන දේවල් කොච්චර දුර ගියපු දේවල්ද කියලා.. මොකද ශ්‍රී ලංකාව කියන්නේ තාමත් සංස්කෘතික බැදිම් උඩ දුවන සමාජයක් තියන රටක්..අනික කොයි  දේවල් කෝම උනත් එක රෑකින් ජාත්‍යතර මට්ටමේ තරුවක්  වෙන්න බැරිත් නෑනේ..එහෙම උනාට පස්සේ ඉතින් නීති රීති වලින් මහලොකු දෙයක් කරන්නත් බෑ..කරා කියලා වන්දියක් අරගනී..ඒත් වෙලා ඉවරයි..කොල්ලා කොල්ලමයි..කෙල්ලට බුදු සරණයි..
තත්වේ එහෙම නම් කොහොම හරි ඒ මනුස්සයා එක්ක ආයේ යාලු වෙන්නම තමා වෙන්නේ ඉතිං.මොකෝ ඉතිං වෙන එකෙක් රවට්ටගෙන හරි සමාව හරි අරගෙන බැදගත්තා කියමුකො.. කොහෙම ආතල් එක වෙඩිමේ ප්‍රී ෂුට් එක කලින් උඹ බූට් දීපු කොල්ලා ගානේ ටෝටලි ෆී හම්බුනොත් ගෙස්ට් ඉන්වයිටීස් සේරටම...අබසරණයිනේ නේද..නැත්නම් ළමයෙක් දෙන්නෙක් ඉද්දි උං අම්මගේ වීඩියෝ කෑලි එහෙන් මෙහෙන් දැක්කොත් අම්මට වහ බීලා මූදේ පනින්න වෙනවා.. ඒ හන්දා දුර ගිය සම්බන්ධකම් තියන උන්ට තහනම් වචනේ බූට්..ඒ හන්දා මේ  පෝස්ට් එක එහෙම උන්ට නෙවේ.. එහෙම උන් මේක ට්‍රයි කරන්න ගිහින් කෙලොගෙන එන්න එපා වගකියන්නෑ මං...ඕං කලින්ම කිව්වා :P :P :P

හරි දැං අපි කථාවට යමුකෝ..
අපි දන්නව බොක්කෙන් කරපු ලව් එකක් එහෙම එක පාරට අමතක කරල ආතල් එකේ ඉන්න බෑ කියල. අන්න ඒ නිසයි බූට කාපු ගමන්ම හිත හදාගන්න පැත්තට බර වෙලා මොළේ කල්පනා කරල වැඩ කරන්න ඕන. කොහොමත්, ආදරය කරපු තරමෙ හැටියටනෙ හිත හදා ගන්න යන කාලය තීරණය වෙන්නෙ.
ඔය වෙලාවට, ඔයා ආදරය කරපු කෙනා වෙන කෙනෙක් එක්ක යනව දැක්කොත් තමයි වාවන්න බැරි. හැබැයි මතක තියා ගන්න, ඒ ආදරය නෙවෙයි. ඒකට කියන්නෙ ‘ඉරිසියාව’ කියල. වැඩේ කියන්නෙ ඉරිසියාවට නම් බෙහෙත් නැත පුතේ. එහෙම නැතුව ‘ඔබත් තනිවෙලා මමත් තනිවෙලා’ ක්‍රමයට දෙන්න දෙපැත්තට වෙලා ඉන්නව නම් ඔන්න කතාකරල විසඳ ගන්න පුලුවන්. අඩුම තරමෙ හරියට තේරුම් අරගෙන වෙන් වෙන්න හරි පුළුවන්නෙ.
හ්ම්ම්… ඒත් ඉතින් රස බර අතීත මකයන් විතරක් තුරුළු කරගෙන ආදරයට සමුදෙන එක හරිම අමාරු වැඩක්. අන්න ඒ නිසයි ඔය අමාරු වැඩේ ලේසි කරන්න, ඒ කියන්නෙ ආදර වියෝවේ ප්‍රතික්‍රියාවට උත්ප්‍රේරකයක් එකතු කරන්න අපි කල්පනා කලේ. එහෙනම් අහගන්නකො පාළුව, තනිකම මකාගෙන හිත හදාගෙන ජීවිත ගඟ දිගටම ගලාගෙන යන විදියට වේල්ල බඳින්නෙ කොහොමද කියල.

1. වැරැද්ද

මොකක්ද, කාගෙද කියල බලන්න. වැරැද්ද ඔයාගෙ නම්, ඒකෙන් දෙන්නටම හානි කරයි නම්, එයා ඒක කරන්න එපා කියල කට කැඩෙන කම් කියලත් තියෙනව නම්, ඔයාව දාලා ගියේ ඒ හේතුව නිසා නම් පාඩුවෙ කට වහගෙන හිත හදාගන්න. මොකද ඔයාගෙ වැරදි තියාගෙන එයාට බැනල වැඩක් නෑනෙ. අනික එහෙම ඉඳගෙන එයාගෙ වැරදි හොයල වැඩකුත් නෑ.
හැබැයි ඔයාගෙ වැරැද්දක් නැත්නම්! අන්න, කෙලින්ම ගේමම ඉල්ලන්න. අඩුම තරමෙ හිතේ තරහ යනකම් බනින්න හරි බැරියැ.


2. යන්නද ඕන ඉන්නද ඕන

කියල බලන්න. ඒක මෙහෙමයි, අර හැමදාම දකින කුකුලගෙ කරමලය සුදු වුනාම ඔය කාත් කවුරුත් වෙන වෙන පාටවල් තියෙන කුකුල්ලු කිකිලියො හොයාගනෙ යන ගතියක් තියෙනව. මනුස්ස ස්වභාවයනෙ මහත්තයො. වැඩි හරියක්ම ඕක තියෙන්නෙ නව යොවුන් වියේ කට්ටියට. ඇයි ඉතින් ජීවිතේ බරක් පතලක් තේරෙන්නෙ නෑනෙ.

එතනදි නම් ඉතින් ඔයා කොච්චර හඬා වැලපුනත් එයා යනවම තමයි. අනික ඉතින් මොකටද නේ, යන කෙනෙක් ඉස්සරහ දණින් වැටිලා, හඬා වැළපිලා කොටින්ම කියනව නම් පීචං වෙලා ලඟ තියාගෙන

3. වැඩේ හරි ද?

කියල බලන්න. ඒ කියන්නෙ එයා යන්නම ගියාද, නැත්නම් තරහවෙලා ඉන්නවද කියල. ගියා නම් ප්‍රශ්නය ඉවරයිනෙ. ඉන්නව නම් තරහ ටිකක් අඩු වෙනකම් ඉඳල, ඒ අතරෙ ඔයත් තීරණයක් අරගෙන කතා බහ කරල ප්‍රශ්නය ඉවර කර ගන්න.

4. මතකයන්

අමතක කරන්න බෑනෙ. එහෙමයි කියල මතක් කර කර ඉන්න යන්නත් එපා. බලන්න මොනවද කරන්න තියෙන වැඩ කියල. විභාගයක් වගේ ජීවිත කඩ ඉම් වැඩක් තියෙනව නම් යාළුවො වැඩ කරන තැනකට වෙලා කයියක් දාගෙන වැඩ කරන්න. අතරින් පතර එයාව මතක් වුනාට මොකද ඒ වෙලාවට යාළුවෙක්ව අල්ලගෙන වද දෙන්න බැරියැ.

5. යන්න

බොනව නම් බාර් එකට, ඇවිදිනව නම් ලස්සන තැකනට, සෙල්ලම් කරනව නම් පිට්ටනියට තව එක එක ඒව ඇති. ඔය මුකුත්ම නැත්නම් අම්ම, තාත්තා ලඟට නැත්නම් පන්සලට, පල්ලියට වුනත් අවුලක් නෑ. මෙතනදි අපි කියල තියෙන්නෙ හිත හදාගන්න ගොඩ දෙනෙක් කරන දේවල්, පිළිවෙලට මිසක් හිත හදාගන්න කරන්න හොඳම දේවල්, පිළිවෙලට නෙවෙයි, හොඳද.









6. හොයන්න

හිත ගියපු තව කෙල්ලෙක් කොල්ලෙක් එහෙම ඉන්නවද කියල. ඊට පස්සෙ බලන්න එයාලා ‘Relationship’ දාලාද නැද්ද කියල. නැහැයි කියන්නෙ ඔයා ගොඩ කියන එකමත් නෙවෙයි. අපි කියනවට පොඩි චැට් එකකට මුල පුරන්නකො. හැබැයි එක පාරටම දුක කියන්න යන්න එපා. ආගිය තොරතුරු අහල කරල හෙමිහිට විස්තරේ කියන ගමන් බලන්න වේකන්සියක් තියෙනවද කියල.

එහෙම කරල වේකන්සි තියෙනව කියල දැන ගත්තට පස්සෙ, අනේ බූටක් කෑවද නැද්ද නෑ

7. කරන්න

ඔයා ආසම, කම්මැලි නැති වැඩක්.
දන්නව ඉතින් එපා වෙලා ඉන්නෙ කියල. ඒ එපා වෙච්ච එක නැති කර ගන්නනෙ අපිත් මේ කියන්නෙ
හිතමුකො ඔයා ආස ගේම් ගහන්න කියල. එහෙනම් පටන් ගන්න ආසම ගේම් එකේ ආසම ස්ටේජ් එක ගහන්න. හැබැයි පොත් කියවන්න ආස කට්ටියට නම් බූට් කියන්නෙ එච්චර සුභ දෙයක් නෙවෙයි. මොකද බූට් කාලා ඉන්න වෙලාවට පොත් කියවන්න හිත හදාගන්න අමාරුයිනෙ. එයාලට කරන්න තියෙන්නෙ ප්ලෑන් එකේ ‘බී’ කොටසට යන එක. ඒ කියන්නෙ ඊලඟට ආසම දේ.




8. ගන්න

හොඳම යාළුවන්ටයි පරණ යාළුවන්ටයි කෝල්ස්. අරගෙන ආගිය තොරතුරු කතා කරගෙන යන්න. එහෙම යද්දි හෙමිහිට බූටෙ කතාවටත් එන්නෙ නැතැයි. ආවට පස්සෙ විස්තරේ කියල හිත ටිකක් සැහැල්ලු කරගන්න. හ්ම්ම්… නරකද ඒ අතරට සෙට් වෙන්න දවසකුත් දා ගත්තොත්. පරණ යාළුවෙක් නම් පරණ මතකයනුත් ඇතිනෙ, සෙට් වෙලා කතා බහ කරන්න.



9. අහන්න, බලන්න

ආසම සිංදු තොගයකුයි ආසම ෆිල්ම් තොගයකුයි. සිංදු නම් ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. ඒත් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න ගියොත් ගොඩක් සල්ලි යන නිසා ඒ සල්ලි වලින් 4 ඉන් 1 ඩී වී ඩී ගෙනාවනම් හිත හැදෙනකම් බලන්න පුලුවන්.


ඔය ටික කරද්දි අඩුම තරමෙ මාසයකට වත් ගතවෙයි. හරිනම්, ඒ වෙද්දි දුකෙන් බාගයක් වත් තුනී වෙලා තියෙන්න ඕන. දැන් හරිනෙ, අමාරුම කෑල්ල පන්න ගත්තනෙ. කෝච්චියට පනින්න, වහ බොන්න හිතෙන්නෙ නෑනේ. එහෙනම්


10. හොයා ගන්න

රස්සාවක්, අධ්‍යාපන පාඨමාලාවක්, නැත්නම් බිස්නස් එකක් පටන් ගන්න වැඩකට මුලපිරුවත් නරක නෑ. මොකද දැන් ඔළුවට ඇවිල්ලනෙ තියෙන්නෙ හෙටක් තියෙනව, එතනින් එහාට අනාගතයකුත් තියෙනව එතකොට දෙමව්පිය, සහෝදර සහෝදරියො ඉන්නව එයාලව බලාගන්නත් ඕන කියන එක.
Original Base Information Feed:
yamu.com

0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න