Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Friday, 15 July 2016

ආ ගිය සෑම  තැනම,
නුඹ මගේම වි අහවර හන්දා..
පෙමට පිදුන පතිවතක සුවද ,
මකන්න බැරි බව උන් නොදනිද මන්දා..
කුලගෙය දෙදරවන්න අර අදින්න,
අපි කළ පව් මොනවද මන්දා....

මහ ගල් පර හමු උනාට
කදු පල්ලම් බැස ගියාට 
ගඟ දිය රැළි
නතර උනේ නෑ...
අමන දනන් එක් උනාට
දහසක් බාදක යෙදුවට
එක අහසක නැගී දිලෙන
හිරුගෙන් හිරු වෙන් කරන්න බෑ

පෙර අඹරින් නැගි ආව,
අලුයම් අහසින් මතු උන,
ලා හිරු රැස් දුන්න හිරුම
දිවා අහසේ එරන්දති උනාට,
එකම අහසේ නැගි දිලෙන
හිරුගෙන් හිරු වෙන් කරන්න බෑ

රුදු වදන් කටු ඇනී හීරුණු සමනල තටු වල,
සෙනෙහේ මල් අතුරා නිවාලන්න දුක...
සුරගනක් වඩිනා ලෙස දෙව්ලොව සිට මෙලොවට,
එරන්දතී වී හිනැහෙන් මගේ අහසේ නුඹ..





0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න