Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Tuesday, 21 June 2016






මේ අහස මේ වගේ
ගන නිල් සළුවකින් එතී
සැරසුණ එක් වසන්තයක
හමු වුණා අපි ගුරුගෙයක මග දිගේ
ගහකොළද මල් පිපී
සැරසී සුළඟෙ දඟ වෙවී...
ඔබයි මමයි ලං කළ හැටි
සිහිනයක් වැනී..........

සොදුරු උයනක,සුවද කුටියක
අප දෙදන ප්‍රේමයෙන් වෙලී
සසර හුරු සුවද ලග,
එක්ව බැදුන හැටි යලි මතකයේ ඇදී…….

ඒ අතීතයේ ඔබ මිමිනූ
වදන් යළි යළී
රාව නඟන විට දෙනුවන්
බොඳව යයි සැලී.......
අතීතයේ මතක සුවඳ
සුසුම් හා වෙලී
නටඹුන් සෙනෙහසේ නුවර
ගොස් ලැගුම් ගනී...........

මදිවීදි ලද සුවය
අප ප්‍රේමයෙන් වෙලී….
ඇසුවේද චපල බස්
මිතුරු වෙස් ගත් දුදනෙකුගේ හැටි….

පුදසුනක පුදලැබුව ඔබේ පතිදමක බැමි
රකිනවා පණ සේම මම ඔබ නැතත් පෙර මෙනි
මකන්නේ කෙලස හදවතින්,
ප්‍රේමයට පුද ලැබුව පතිදමක හැටි…..

ඒ අහසමයි යළිත් අද නිල්
සළුවකින් එතී
වසන්තයට මල් පිපෙනව
සුළඟෙ දඟ වෙවී ........
වසත් සියොත් කැල ගැයුවද
ප්රේමයේ කවී
අපේ හදේ වස්සානය
තවම නිම නැතී......

 #lahiru777

0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න