Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Sunday, 5 June 2016


ලහිරු දිනකර හිරු එරන්දති,
කීවත් නේක නම් බැද ,
එකම අහසක ලොවට සෙනහින් දිලෙනා ඒ එක ඉර මයි මිතුර,

නැගෙන අහසින් ලහිරු කිරණින් දිනය ඇරඹි ඔබ මිතුර,
දිවා අහසේ මුදුන්ව දිලෙන එරන්දතිය දැක විලස,
ඉරෙන් ඉරක් වෙන් කරන්න
අර අදිනා හැටි දැක සොදුර,
සොදුරු මිතුදම් මැව්ව පෙමිදම්
සැගවුවත් මෙකල,
ඉරෙන් ඉරක් වෙන්කල හැකිද රාහු ඉර වහගෙන දිදුලන්න හැදුවාට..

ගෙවුනාම රාහුට හිමි නූන ඒ මොහතත් විගස,
දිනකරව දිදුලාවි යලිත් හිරු එරන්දති පුරා නුඹ ගැඹට,
ලහිරු එරන්දති කීවාට නුඹ නේක නම් අපට,
එකම අහසක එකම ඉර මයි සදා වෙන් නොවෙන..

#lahiru777

0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න