Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Saturday, 28 May 2016



ප්‍රියයන් පිළිබඳ කතා කිරීමේදී බොහෝ දෙනාගේ සිහියට එන්නේ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් යන්නයි. නමුත් ප්‍රියයන් සිටිද්දීත් ඇතිවන සීන්කෝන් ගැන අපේ අවධානය යොමු කළ යුතු මනා ය.

තම ප්‍රියයන් වෙනුවෙන් නිදිමරන නිශාචරයන් වෙනුවෙන් නිදිමරන්නේ බොහෝ දුරට මදුරුවන් පමණි. ප්‍රිය පාර්ශ්වයේ එදිනෙදා සිදුවීම්, ඇති වූ අලකලංචි, යනාදී මෙව්වා සියල්ල නිදි වරා අපේ ලේ සොලවා හෝ අපි නොපිරිහෙලා ඉටු කරන්නෙමු. නමුත් අපේ නව නිග්ගරහයක්වත් අසන්නට සිටින්නේ මදුරුවන්ම ය. කන වටේ සහ බොහෝ දුරට ලාවට වැදුන මදුරුවෙක් සිටී නම් නහය අස්සේ රිංගුවත් උන් සිටී. කොතරම් ජුගුප්සාජනක සත්ව වර්ගයක් උනත් බලු බල්ලෙක් නැතිකොට මදුරුවන්ගේ ඇසුර මට නම් දාහෙන් සම්පතකි.

තම ප්‍රියයන්ට හිස තබා ගැනීම සඳහා උර දෙන අහිංසකයන්ට උර දෙන්නේ බසයක ජනේලය පමණි. බසයක ගමන් නොගනී නම් ඔවුනට සෙට් වෙන්නේ මොකක් හෝ කාණු පල්ලකි. අපි බොහෝ දුරට අනික් අයගේ සැප පහසුව ගැන සිතන ජාතියකි. පුළුවන් තරම් උත්සාහ ගන්නේ 'දෙන්න' ය. ඒ දීමෙන් තමන්ට කුමක් සෙට් උනත් විස්සෝපයක් නැත. මම දෙන්න ම උපන් අයෙක්මි. උර දෙන්න ගොස් මගේ ඔලුව පලා ගන්නට ගිය අවස්ථා කොතෙකුත් ඇත. නිට්ටාවට ජනෙල් වීදුරුවක් පලාගෙන මගේ හිස ගමන් කරන දවසක මම දෙන එක නවත්වන්නට බොහෝ දුරට ඉඩ ඇත.

තම ප්‍රියයන් හා ඕනෑම මොහොතක කතා කරන්නට බලා සිටින අසරණයෙක්ට කතා කරන්නේ දුරකථන සේවා සම්පාදක ආයතනය විසිනි. දවසට කෙටි පණිවිඩ දෙක තුනකිනුත් (බලාපොරොත්තු නොවන වෙලාවල) ඇමතුමකිනුත් මේ ආදරය දෛනිකව සිදුවේ. එය සුන්දර ය. සමහර විට සිරා පුද්ගලයෙකු හා කතා කරනවාට වඩා සොඳුරු ය. අනවශ්‍යය වියදම් නැත. කට රිදෙන්නෙත් නැත. අම්මලාට ඇහෙන්නෙත් නැත. සරලව කිවහොත් කිසිදු ගින්නක් නැත.

තම ප්‍රියයන්ට ටොපි, චොකලට් හා සීනිබෝල සප්ලයර් කරන්නෙකුට සීනිබෝලයක් ලැබෙතොත් ඒ මුදලාලිට ඉතුරු සල්ලි දීමට නොමැති අවස්ථාවක පමණි. සමහරවිට ටොපි පහක් ම ලැබීමට ඉඩ ඇත. හැබැයි මෙහෙම දෙයක් ද ඇත. චොකලට් හා ටොපි කෑමෙන් අනතුරු ඒවායේ දවටන ප්‍රියයන් විසින් පෙරළා ඔබ වෙත ලැබේ. කලිසම් සාක්කුවේ හෝ බෑග් එකේ ඔබ මේවා දමා ගත යුතු වන්නේ ඔවුනට අනුව 'මතක් වීම' පිණිස ය. මා සතුව මතක් වීමට රැස් කරගත් කඩචෝරු පැකට් සෑහෙන ඇත.

තම ප්‍රියයන් වෙනුවෙන් කවි හෝ එවැනි යමක් ලියන්නෙකු වේ නම් ඔහු වෙනුවෙන් ලියැවී ඇත්තේ උප්පැන්න සහතිකය හා ජාතික හැඳුනුම්පත පමණි. ඒත් සමහරුන්ගේ එසේ ලියවුණු දේ කියවන්නට පරණවිතාන මහතාගේ සහය අවශ්‍යය වේ. නමුත් අපි බෝල අකුරුවලින් සීරුවට රවුමට සේකර ටෝක්ස් දෙන්නෙමු. අපේ ඇඟෙන් මදන මෝඩකම පහව යන තෙක්ම අපි මෙය කරන්නෝ වෙමු. 

කෙසේවෙතත් අවසානයේ ප්‍රියයන්ට අප එපා වූ විට කබරගොයා තලගොයා වන න්‍යායය යොදා තුලිතකර සමිකරන විසදා බෙදා සමාන ලකුණද ගසා උක්ත කර අප විසින් ප්‍රියයන් වෙනුවෙන් කිසිවක් කර නොමැති බවත්, අප එතෙක් කල කී සියලු දෑ වැරදි පමණක්ම  බවත් යටකි අපගේ ප්‍රියයන් විසින්ම සාධානය කරනු ලබයි.

ඉන්පසු උදාවනුයේ සංක්‍රාන්ති සමයයි.එනම් කිසිදිනක ඔවුන්ව තනි නොකරන ලෙස ඉල්ලු ඔවුන්ම අපව තනිකර දමා යන්නේ අපගේ සතුට කෙසේවෙතත් සැනසීම ගැනවත් අබමල් රේණුවක තරම් හැගිමකින් තොරව වීම දුටු විට ද අප  පහුගිය ගෙවුන කාලය තුල අපි බීලද, කුඩුගහලද,ගංජා ගහලද කුඩු ගහලද යකො හිටියේ යන උත්තෝකොටි ප්‍රශ්නය හමුවේ නිරුතර වි අසරණ වි ආතල් එකක් ගන්නා අති මනෝහර ජාතියක් වන්නෙමු.එනම් කිසිවිටක පෙර කී දෑ අපට කිසිවිටක ප්‍රශ්නාර්ථයෙන් නොපෙනෙන්නේය.අති සරලවම කියනවානම්  ඕනේ ප්‍රශ්නෙකට එකට ඉන්න කියලා හිතන් බොක්කෙන්ම ආදරේ කරා නම් දාලා යයිද බං කියන සර්ව සාධාරණ ලොජික් එක පවා අපිට පුල් අැලජික් වි යයි.. අබුද්දස්ස කාලේ ලබුත් තිත්ත වන බව දැන සිටියාක් මෙන්  සේනානයක මහත්තයා, "දුකම මොනතරම් සතුටක්දො" කියා කියන්නේ මේ ගැන විය යුතුය..

ප්‍රියයන් නෙවේ,කව්රු හමුවේ උවද කොල්ලන්ගේ උපතින් ලද කම්මැලි කම නිසා මල් කැඩිමට ඇතුලු නානා විද පෙම් මුකුලා ඒවා මේවා සේරම මිස් කර ඇදක වකටු වි හිස තෙක් පොරාවා නිදාගෙන සිටි ඒවායේ ආතල් දැනෙන්නේ දැං ය. කෙලින්ම කිරි රබර් ගහකට බුල්ඩෝසරෙන් ඇන්නා සේ ඒ මිස් කරන ලද සියලු දේ සදහා "ඔයා මං ගැන හෙව්වේ බැලුවේ නෑ " ලේබලේ ටෝටලි ෆී , ෆුල් ඔටෝමැටිකලි වැදි සීල් වී පැක් වි බඩු බනිස් වී අතටම ලැබෙයි.

දැන් අතිභයානක අවස්ථාවය..ප්‍රියයන් තමන්ගෙමයැයි හැගිමෙන් යුතුව සිය සරුවාගේ අස්තිපඥ්ඤරයේ  ඩොටේ කොනේ අන්තිම දශමේ තියන දේවලුත් කියා දමා හිත නිදහස් කර සමාධි සුවයෙන් සිය ප්‍රියයන් සමග සිටිමට අපි සියල්ලෝම කැමැති වූවන් වුවද මේ වේලාවේ බොක්කෙන්ම අවංක විමට  ගියහොත් සිදුවන්නේ බොම්මබයක් සිය මුකයෙන් තම බොක්ක තුලට බස්සවාගෙන සාමදානයේ සැතපෙන්නටමය..මෙතන්ට වැලිඩ් තියරිය නම් " මුනිවත හොදයි දෙබසින් කෙලවිය හැකි හන්දා"  උනත් අපි ඇප්ලයි කර ඇදගෙන නා ගන්නේ වංක මෝඩයාගේ"  තියරියමය..

මක් නිසාද යත් මෙම අවස්ථාවේ අප මුවින් ගිලිහෙන ඕනෑම දෙයක් මල්ටි බැරල්  රොකට් ලෝන්චර් කර ඒවායින්ම අපටම දමා ගැසිමට අප ප්‍රියයන් හුදෙක් සැදි පැහදි ලෙසටම බලා සිටින්නේ ඩිනර් එක මිස් උන මහසෝනාට ඇතිවන මයින්ඩ් එකට සර්ව සම මයින්ඩ් එකකින්මය.

පට්ට සරලවම කිවහොත් අප එතෙක් කර ඇති හා,මේ දක්වා කරන සියල්ලම සදහා " ඔයා කරන කිසි දේක දැං මට එක සතේක වටිනාකමක් නෑ" යන ගෞවරවාර්ථය නිතරගයෙන් අපට උරුම වනු ඇත. 

එහෙත් සියල්ල ඔන් ද ස්පොට් බඩු පැකට් වන  මේ මොහොතේදිද කරුමෙට වාගේ අප බොහො දෙනෙකුට සිහි නැගෙන්නේ පෙර අප ප්‍රියයන්  ආල කොමල වැල්වාටාරම් කල්දේරම් පිටින් දමා කියු ලොසින්ජර කථාය.
එනම්,
"මට ඕනේම දේ ඔයාගේ සතුට විතරමයි" කියු හැටි අපට මතක් වේ.."කවදාවත් මාව දාලා යන්නේ නෑ නේද"  උකුලු මුකුළු වී මකුලුවෙක් මෙන් ඇඹරි අපෙන් ඇසු හැටි අපේ ඔලු ඇතුලේ ඉකෝ විමට පටන් ගනී. දැං ඉතින් වෙනදාමෙන් සියදහස් ගුනයකින් අපි ප්‍රියයන්ට ලව් ය.

මේ ලව් එක ඉලව් වන්නේ දැන් බොක්කෙන්ම ලව් කරන්නට සිමා මායිම් ගාලොගෙන පැනගෙන ගොස් අපි බුකියේ රිලේෂන්ෂිප් ස්ටේටස් දමා ට්විටරයේ කොටා ඉන්ස්ටග්‍රෑමයෙත් කිලෝගෑම් වලින්ම අපි අාදරය වපුරුවා දමා ආදර  ගෙඩි කැඩීමට ආදම් සහ ඊවා මෙන් සිහින දකින්නට යාම නිසාය.

සිරාවටම කියනවානම් මේ කරන්නේ අමුම අමු මී හරක් ගොන් වැඩේය. හරියටම කියනවානම් අපේ වාහනේට ගිනි තියන්න බලන්න ඉන්න  උන්ට පේන්න ප්‍රෙටල් ෆුල් ටෑන්ක් ගසා ඒ බව බෝඩ් ලෑල්ලක ලියා ගෙදර ගේට්ටුවේ එල්ලුවා වැනිමය..

මක් නිසාද යත් දැන් ඉතිං ඉපනැල්ලේ තිබු පිදුරු මිටියක් කන ගොනට නොදී බුරන බල්ලලාට දීම සම්බන්දව අප හා උරණව පට්ට පජාත අම්බ සයිස් ටොම්බ මලකින් සිටින  සොපි අක්කගේ බීරි දුව,කලුමැණිකා ඇවිත් අපෙගේ ප්‍රියයන්ට කිවහොත් අල්ලපු ගමේ වද පුංච්චිඅම්මගේ ගොළු කෙල්ල, හීන්මැණිකා කියනවා ඇහුනා 
"උඹේ එකා හෙන වල්ලතයා කියලා"උඹේ එකා හෙන වල්ලතයා කියලා" යැයි කිවහොත් බීරි එතනාට එය ඇසුන සැටි හෝ ගොළු හීන් මැනිකා එය කියු සැටි  කොහෙත්ම අප ප්‍රියයන්ට අදාල වන්නේම නැත!!!

අඩන්න හිටපු එකාට ඇගිල්ලෙන් ඇන්නාක් මෙන් දැන් අප ප්‍රියයන් අප සමග ෆුල් සීන්ය. එහෙත් කරුමෙක මහතට මෙන් අඩන්න පෙරමං බලා සිටිය එකෙකුට ඇගිල්ලෙන් ඇන ඇති බව වත් අපට පෙනෙන්නේම නැත.වෙනකන් තමා එය හයිලියිට් කර අපට පෙන්වීමට හදන අපේ උන් ද අපට සෙනිකව නොපෙනී ගොස් ඔවුන් දුෂ්ඨයින් ලෙස පෙනීමට පටන් ගැනීම සිරාම ලෙවල්  එකේ  දෛවයේ කෝචොක් එකකි.

දැන් ඉතින් පිදුරු මිටියේ සීන් එකේ සිට බීරි කලුමැණිකාට කන් නොඇසීමේ පටන් ගොලු හීන් මැණිකාට කථා කිරිමට නොහැකිබන දක්වා අප රවුම් බෝල අකුරු සමග ශුද්ධ ගණිතයෙන් සාධනය කොට විඣගණිතයෙන් ව්‍යුප්පන්න කොට අප ප්‍රියයන්ට සාක්ෂි මෙන්ම සාධකද ඇතුවම පෙන්වා දෙයි. අම්මපා කොටින්ම කියතොත් බීරි අලින්ට වීණා වැයීමට අප උපන් රුසියන් බව අපටද පසක් වන්නේ ඒ කාලයේය..

"නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ" තියරිය ඇපලයි වී ඇති සීන් එසේ  කර විසදුමක් සෙවිමට තරම් අප විලිලැජ්ජා නැති ගොබිලන් බවට පත් වීම ම එකල තුලදී පට්ටම ආතල් එකක් අපට ගෙන දෙන්නේ අප ප්‍රියයන් දැං  හෝ තේරුම් ගනී යැයි මොංගල් සිතුවිල්ලක අප අපටත් නොදැනීම ම ෆුල් අන්දොස් ආකාරයෙන් අන්තරමං වන නිසා විය විය යුතුය.

ෆුල් මාවලස් සීන් එක වන්නේ මේ වන විටත් අප ප්‍රියයන්ගෙන් තොර සිතුවිල්ලක් වත් පහල නොවීමමය.


කොසේ හෝ කාලයාගේ ඇවෑවෙමන් අංගොඩ නොගාස් ගොඩින් ශේප් වන්නට ලැබෙන්නේ වාසනාවේ තරමටය.. කරුමෙට  හෝ අපේ ලක් එකේ හිලක් නම් වලක් කමාගෙන වැලලීම නුවනට ඉතා හුරුය.

අවසාන වශයෙන් අප කීමට ඇත්තේ අපි නොදැනුවත් ලෙසම හෝ  දැනුවත්ව කරන්නේ කොන්දේසි විරහිතව අපේ ප්‍රියයන් සතුටෙන් තැබීම පමණක් බවයි. එසේ කිරීමෙන් අපි සතුටක් ලබන්නෝ වෙමු.  නමුත් ප්‍රියයන් අප වෙත බැදී පවතින්නේ ඔවුන් විසින්ම ආරොපණය කරගනු ලැබු  අවේණික රාමුවක එනම් 
"යුනික් ප්‍රෝටකෝලයක" ඇති කොන්දේසි හා අවශ්‍යතා අප වෙතින් තෘප්ත වන තුරු පමණි. 

එනම් අප කෙසේ කොහොම සිතා සිටියත් එකදු තප්පරයක් වත් මෙකි ආකරයේ ප්‍රියයන් කොන්දේසි විරහිතව අපට ආදරයකර නොමැත.එසේනම් ලෝකට අම්මට සිරි වෙන්න ලෝකේ පෙරලුනත් අල්ලාගත් අත නොහැර එකී ප්‍රියයන් අප සමග සිටිය යුතුය.එසේ නොවන්නේ එවන් ආදරයක් කිසි කලක නොතිබි ඇති බැවිනි!!!

 "ඔයාගේ සතුට වෙනුවෙන් මං ඕනේ දෙයක් කරනවා" , "ඔයා සතුටින් නම් මට ඒ ඇති"  ,"මගේ මුලු ජිවිතේම ඔයා" , "ඔයා නැත්නම් මං මැරෙනවා"  වැනි වදන් සියල්ලම සිංහල නොවන අප නොදන්නා අන්‍ය භාෂාවකට අයත් විශේෂිත යෙදුම් බවත්, ඒවා සිංහලෙන් තේරුම් ගැනීමට යාමෙන් මෙකී අර්බුධ ජනිත වී අප අන්දොස් කර ඇති බවත් මාගේ පුද්ගලික අදහයි.එබැවින් අන්‍ය භාෂාවල යෙදුම් සිංහලෙන් තේරුම් ගැනීමට යාමෙන් තරයේ වැලකී සිටිය යුතු බවත් බොක්කෙන් ලව් කරන්නට යන මල්ලිලාට මතක් කර ප්‍රියයන් ගැන තැබු සටහන මෙසේ අවසන් කරමි.
#lahiru777

0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න