Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Tuesday, 5 April 2016

එයා අරයගේ අර ෆොටොස් නෙට් එකට දාලා.දැං?
මේක ඇත්තටම මගේ හොද යාලුවෙක් ඊයේ මහ රෑ අහපු ප්‍රශ්නයක්..ඉතිං ඒ වෙලාවේ ඒකට උත්තර දෙන වෙලාවේ හිතුනා මේ ගැන ටිකක් වෙනම ලියන්න ඕනේ හොද ප්‍රශ්නයක් කියලා.මොකද නීතියට වඩා රීතිය තමා මේ වගේ ප්‍රශ්න වල වැදගක්ම දේ.

මුලින්ම නීතිය පැත්ත කථාකරලා ඉමුකෝ.
ඇත්තටම ඔහොම සිද්දියකදී නීතිය ක්‍රියාත්මක වෙන විදිහ පැහැදිලිවම කොටස් දෙකක් විදිහට සලකන්න පුලුවන්.
1.ඡායරූපයේ අඩංගු සිදුවිම
2.අන්තර්ජලායට මුදා හැරිම




1.   එතකොට අපි හිතමු ඡායාරූපය ලිංගික දර්ශන තියන එකක් කියලා.එතකොට මුලින්ම ඡායාරූපයේ දිනේදි දෙනනාගේ වයස හරි නම්,ඒ කියන්නේ 18ට වැඩිනම් දෙන්නාගෙම කැමැත්තෙන් උන දෙයක් කියලා සාධාරණ සැකෙන් තොරොව ඔප්පු උනොත් ඒ සිද්ධිය සම්බන්ධව නීතියෙන් කරන්න දෙයක් නෑ. මොකද ඕනෙම අවිවාහක ගෑනු කෙනෙක්ට පිරිමි කෙනෙක්ට දෙන්නාගේ කැමැත්තෙන් ලිංගිකව හැසිරෙන්න නීතිමය බාධාවක් නෑ. (දයානන්ද එදිරව ලලනි නඩු වාර්තාව,න.නි.වා17)


   
2.ඔව්.අන්තර්ජාලයට මුදා හැරියනම් ඒක අධම වැඩක්.හැබැයි ඒ මනුස්සයා මුදා හැරියා කියලා ඔප්පු කරන්න වෙනවා නිතිය ඉදිරියේ.ඒක තමා මෙතන තියන අමාරුම දේත් වෙන්නේ.

මොකද
dynamic ip බහුතරයක් තියන රටක් විදියට අපේ රටේ පුද්ගලික fb ගිනුමකින් වගේ දාල නොතිබ්බොත් කරන්න දෙයක් නෑ.proxified connection එකක් නම් එත් කරන්න දෙයක් නෑ.packet bouncing විදියට දාලා තිබ්බොත් බඩුම තමා.කලුනික හොයනවාට වඩා සෑහෙන්න අමාරු වේවි දාපු කෙනා හොයාගන්න.මේ වගේ තව ගොඩක් ක්‍රම තියනවා අන්තර්ජාලේ හැංගිලා ඉන්න.ඒ ක්‍රම ගැන කථා කරන එක එච්චරම සුදුසු නෑ කියලයි මගෙනම් හැගිම.


දැං හිතන්න පුලුවන්,නෑ කොටදෙනියාවේ වගේ උගේ ලැප් එක ගෙනිච්චාම ඔප්පු වේවි කියලා..
හැබැයි ඔය කියන මනුස්සයා  මොලෙන් ගේම ගහන එකෙක් නම්
, ඒ දේවල් රිලිස් කරන්න දවසකට කලින් හරි පොලිසියකට ස්ටේට්මන්ට් එකක් දීලා ඇති මෙකක්හරි මෙමරි ඩිවයිස් එකක් නැතිවුනා අහවල් දවසේ..එදායින් පස්සේ එකේ තිබුන ඒවා අවභාවිතා විම සිදුවුනොත් පුද්ගලික වගකීමෙන් මිදෙනවා කියලා. එතකොට පැමිණිලි පාර්ශවය ඔප්පු කරන්න වෙනවා මේවා දැම්මේ මෙයා කියලා,ෆොටො ගත්තේ මෙයා කියලා ඔප්පු කලාට වැඩක් නෑ.මොකද එයා කියලා ඉවරයි නැති වෙලා කියලා.

ඔව්.වෙනම පොලිස් යුනිට් එකක් තියනවා.
(SLCERT)හැබැයි ඉතින් වැඩක් නෑ.ස්කොලේ පොඩි එකෙක්ගේ ෆේක් එකක් අල්ලනවා වගේ වැඩ මිස වෙන දෙයක් ප්‍රයෝගික නෑ.ඒ මේ තාක්ෂණයේ තියන විවෘත බාවය නිසා තවකෙනෙක්ව පාලනය කරන්න වෙන කෙනෙක්ට බෑ.හොරාට උනත් පොලිසියට උනත් අන්තර්ජාලය මත සම තැන තියනවා මිසක් කාටවක්  විශේෂ තැනක් නෑ.හිතලා බලන්න, ලොකේ දියුණුම තාක්ෂණේ පාවිච්චි වෙන ඇමරිකාවටවත් අදවෙනනම් විකිලික්ස් වහන්න බැරි නම්,තව මොන කථාද...

ඒ වගේම ඉතිං එක පාරක් ගියොත් ගියාම තමා.මොකද බිලියන ගානක් එක මොහෙතේ ඕවා දකිද්දි ඒ අතරින් කීප දෙනෙක්වත් කන්ටෙන්ට් ඩුප්ලිකේට් කරනවා.. ඒ කියන්නේ අපි මොනවා හරි අපිට ඕනේ දෙයක් දැක්කම සේව් ඇස් කරනවා වගේ කවුරු කවුරු හරි ඒවත් තියගන්නවා.



නීතියයි රීතියයි එකම තැනකට අරන් බලමුකො දැං

සරලවම අපි දැං මෙහෙම කරපු කොල්ලට අවජාතකයෙක් කියලා බැන්නට උගේ පැත්තෙන් බැලුවොත් උටත් කියන්න සාධාරණ හේතු ඇති පලිගත්ත එකට. ඉතිං හොදම දේ කථා කරලා, ඒ දෙන්නම පොදු විසදුමකට එන එක.නැත්නම් එකෙක් පගලා අනිකා මොන තිරනේ ගත්තත් තැලුන එකා පලිගන්නවනේ.

මේ කියන එකා වැඩි දැනුමක් නැති මෝඩ පහේ එකෙක් නම් පොලිසි ගිහින් ඔප්පු කරන එක ලේසි වෙයි පැමිණිල්ල පැත්තට.හැබැයි එහෙම උනත් මගේ පුද්ගලික අදහස නම් කකුලේ ගැවුන ගොම ගෙඩක් ඇදගෙන නෑවා කියන එක තමා.මොකද ඒකා හිරෙ ගිහින් ආවත් ඌ කොල්ලා.

අනික් දේ තමා පොලිසි ගියම කොල්ලා කිවොත් උන දේ උනා,ඒක ඇත්ත.මම කෙල්ලට ආදරේ කරේ ඇත්තටම.බදින්න හිතාගෙන.එයාත් කැමැත්නේ හිටියේ ඒ කාලේ මාත් එක්ක දැං දාලා යන්න හැදුවට කියලා එහෙම සම්බධයක් පොරොන්දුවක් තිබ්බා කියලා කොල්ලා ඔප්පු කරලා මම කෙල්ලව භාරගන්න කැමති කියලා කිව්වොත්??  ආයෙත් බඩු බනිස් කෙල්ලට.
විවහා පොරොන්දුවක් දීම හා කඩකිරිම යටතේ කෙල්ල වැරදි කාරයෙක් වෙනවා වගේම කෙල්ලට ගෙවන්න වෙනවා වන්දියක් කොල්ලා වෙනුවෙන්.
(කුරේ විපක්ෂව නව නීති වාර්ථා 30 පිටුව 310)

ඊට පස්සේ කොල්ලා  කොල්ලෙක් විදිහටම පොලිසියෙන් එලියට ඇවිත් ගෙදර යයි. හැබැයි කොල්ලා එහෙම කිව්ව ගමන් කෙල්ලට නිකම්ම අතින් අතට මාරු වෙන්න හදන කෑල්ලක් කියලා ලේබලේ වදින්නේ නැද්ද කියලා හිතලා බලන්න.

හැබැයි දැං කෙල්ලගේ පැත්තෙන් මේක පොලිසි ගිහින් උසාවියෙන් කෙලවර වෙද්දි ගොසිප් සයිට් පේජ් වලින් හද්ද ඩොටේ සිරිසේන අයියගේ පුතා විමලේ මල්ලිගේ බාල කොලුවත් මේක දැනගෙන ශෝක ප්‍රකාශක් කරයි ඒ කෙල්ල වෙනුවෙන් බුකි‍යේ පොශ් කියලා පෙන්න.හැබැයි ඌත් ඇහින් දැකපු එක අතට ගන්න හිතාගෙන ෆොටො ටික සේව් ඇස් ටු ලොකල් ඩ්‍රයිව් තමා හැමොටම හොරෙන්.

ඒ හන්ද මුලින්ම ඕක කථා කරලා විසදගන්න ට්‍රයි කරන් ඕනේ. විශේෂයෙන්ම ඕක ආදර ප්‍රශ්නයක් උඩ උන දෙයක්නම්.මොකද එහෙම ෆොටො වෙන කෙනෙක් ලග තියෙන්න එහෙම උනාමනේ.

උන් ආශ්‍රය කරලා එකෙක්ගේ උවමනාවට අනිකා දලා යනවනම් දාල ගියා එකාගෙන් තනිවෙච්ච එකා පලිගත්තම උට වැරදි කියන්නත් බෑ.ඒ පලිගැනිල්ල ඉවර වෙන්නෙත් නෑ.
දෙමව්පියො කොහොම අසරණවිල්ලක් අසරණ වෙයිදි දුවද මේ අහද්දි..
ආයේ වෙන එකෙක් එක්ක යන්න හිතනානම් ගිහින් කෙල්ලට දරුවො ඉන්න කාලෙක ආයේ මෙන් පුතේ උඹලගේ අම්මා කිව්වොත් වහ කාලා මැරෙන එක හොදයි.. ආයේ ඉතිං මහන උනත් මිනිස්සු කියන්නේ ඕකි නටන්න පුලුවන් 18 වන්නමම නටලා තමා දැං ඔය පත්තිනි අම්මා වගේ ඉන්නේ කියලා.. ජිවිතේ නැති කරගත්තොත්, අරකි අම්මලාගේ මූනේ දැලි ගෑවා මදිවට පරම්පරාවේ නම්බුවත් කෑවා කියද්දි අසරණ වෙන්නේ දෙමව්පියො..

මොකද ක්ලව්ඩ් ස්ටෝරේජ් සාමාන්‍ය  දෙයක් වෙලා තියන මේ කාලේ කිසිම දෙයක් කාටවත් බලෙන් මකන්න බෑ.උසාවි නියොගයක් ආවත් මැකුව කියලා තියන් හිටියොත් ක්ලව්ඩ් එකක මොන දෙයියට කියන්නද ඉතින්..
කොහෙවත් උත්තර ආයේ නෑ..මොකද අතීතේ වෙනස් කරන්න අපිට බෑ. අතීතේ තොර අනාගතෙකුත් නෑනේ...

මිනිස්සු විදිහට ඉපදුන අපි ආත්මාර්ථකාමි වෙලා තව කෙනෙක්ගේ ජිවිත එක්ක සෙල්ලම් නොකර ඉන්න ඕනේ..අහසක් උසට කාට හරි බලාපොරොත්තු දීලා ඒවා උදුරගත්තම ආයේ, ඌට ආයේ පංසිල් ගැන කල්පනා වෙන්නේ සෑහෙන්න අඩුවෙන්.

ඒ ව‍ගේ දෙවල් පිට කෙනෙක් ලගට නොයන විදිහට ඉන්න කෙල්ලො දැන ගන්න ඕනේ. එහෙම පිට කෙනෙක් ලගට ගියානම්
,එ කෙනා එක්ක ඒවා කරානම්, පස්සේ ආයේ ඒ කෙනා හතුරෙක් වෙන විදිහට ඒ කෙනාගේ ජිවිතේ එක්ක සෙල්ලම් නොකර ඉන්න ඕනේ.
මොකද ඕවා එලියට ආවම ඔයා අසරණ උන විදියටම ඔයා නැති උනාම එයත් අසරණ වෙලා තියෙන්න පුලුවන්.. 
අන්න ඒකයි මම මුලින්ම කිව්වේ,නිතියට වඩා රීතිය තමා මේහෙම ප්‍රශ්නෙකදි වැදගත් කියලා. අන්තිමට කියන්න තියෙන්නේ කෙනෙක්ව අඩවලා උගේ සතුට උදුරගෙන හිනා වෙන්න හීනෙන් වත් හිතන්න එපා,රිටන් එනවා පොලියත් එක්ක.
කෙටියෙන්ම කියනවානම්, උදුරගන්න නම් බලාපොරොත්තු දෙන්න එපා. දුන්නොත් මලත් ආයේ උදුරගන්න එපා.

#LAHIRU777








1 comments :

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න