Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Sunday, 3 April 2016

දිල්කි මේ විදියට පලිගත්තේ එක කොල්ලෙක්ගෙන්.හැබැයි මේ,මේ විදිහේ සිදුවීම් පලවෙනි සිද්ධියවත් අවසාන එකවත් නෙවේ..
මතකය නිවැරදි නම්,
1.) ඉතිහාසයේ ,ඈතටම ගියාම ‪#‎චිංචිමානවිකාවි‬, දර මිටියක් බඩේ බැදන්, ගෞතම බුදුරජානන් වහන්සේ කුසට දරුවකු දුන් බව කියමින් අපහාස කිරිමට ගත්ත නින්දිත උත්සහයත්,
2.) ‪#‎අංගුලිමාල‬ මහරහතන් වහන්සේට උන් ශිෂ්‍යකු සිටි කල සිය ගුරුවරයාගේ බිරිද පවාදෙමින් ජන සංහාරයක සටහන් ඉතිහාසෙට එකතු කිරිම වගේ උදාහරණ වගේම,
වර්තමානයට ආවමත් අනන්ත උදාහරණ පෙන්නන්න පුලුවන්..
මෑත ඉතිහාසේ ගත්තමත් දිල්කි මේ කලෙත් අලුත් දෙයක් නෙවේ..
මෑත කාලේ හොදම උදාහරනේ, ‪#‎සචිනි_දිල්රුක්ෂි‬ (‪#‎Don_kachini‬). ඔප්පු කරන්න සාක්ෂි තියන නිසා ‪#‎සචිනි‬ ,‪#‎දිල්කි‬ ගැන කතා කලාට,සමාජේ ඇතුලට එබිලා බැලුවොත් මේ වගේ චරිත ඕන තරමි හොයාගන්න පුලුවන්..ඇත්තටම මේ මිනිස්සු කරපු දේ වැරදි තමයි,හැබැයි ඊට වඩා අනිත් මිනිස්සු වැරදි..බල්ලො බිරුවම කදු පාත්වෙන්නේ නැති බව දැන දැනම අපේ මිනිස්සුම තමා බුරන ‪#‎බල්ලෙක්‬ දැක්කම,පාත් වෙච්ච ‪#‎කන්ද‬ කොහෙද කියලා හොයන්න මහන්සි වෙන්නේ.
පිලිගන්න අකමැති උනත් අද සමාජේ යතාර්තේ ඕක.
ඉස්සර ගමේ කැලැපත්තරෙකින් සතියක් තිස්සේ කරපු දේ විනාඩියෙන් දෙකෙන් කරන්න පුලුවන් තාක්ෂණික යුගේක ජිවත්වෙන් අපිට,
අනිත් හැමොටම වඩා කියන්නා කෙසේ කිව්වත් අහන්නා ‪#‎සිහිබුද්ධියෙන්‬ අහන්න ඕනේ කියන එක අමතක වෙලා..
අපි සමාජේ ජිවත් වෙද්දි ‪#‎අැහින්‬ දැකලා ‪#‎කනින්‬ අහනකම්,කිසිදෙයක් විශ්වාස කරන්න එපා කියලා ලොව්තුරු බුදුන් වහන්සේ තැනක දේශනා කරලා තියෙන්නෙත් ඒ සමාජ යතාරත්යම
තමා.හැබැයි ඒක දැනං ජීවත් වෙන්න ඕනේ අපිම ඒක අමතක කරලා,අද නැති ප්‍රශ්න හදාගෙන ජිවිත එක්න ඉස්සරහට යන්න හදනවා..
නිකමට හිතන්න, මේ දිල්කිගේ සිද්ධිය සම්බන්ධ කොල්ලා ‪#‎මීනිමරුවෙක්‬,‪#‎සල්ලාලයෙක්‬ ගානට දාලා අපේ මිනිස්සු කොච්චර කථා හැදුවද.. අද ඒ කොල්ලට වෙච්ච ඒ අසාධාරනේ වෙනුවෙන් කට අරින්න කොන්නද පන තියෙන්නේ ඒ කියෙන් කී දෙනාටද..අපි හැමොම තැලෙන යකඩේ උඩ පැන පැන තලනවා මිස,තල්න්න ඕනේද නැද්ද කියලවත් අපි හුගදෙනෙක්ට අදහසක් නෑ.
මිනිහෙක්ට ‪#‎ගෑනියෙක්‬ සම්බන්ධ කරලා කථාවක් හැදුවම උනු කැවුම් වගේ ඒක මාර්කට් වෙන්නේ අපේ මිනිසුන්ගේ හිත් ඇතුලේ තියන ආකල්පවල වරදින් මිස ‪#‎කේලම්‬ කියන මිනිස්සුන්ගේ නූගත් කම නිසාම නෙවේ..
හිතලා බලන්නකෝ, කොල්ලෙක් කෙල්ලෙක්ව අාශ්‍රය කරලා අතැරලා දැම්මම ඒ කොල්ලා, බල්ලෙක් සතෙක් වනචරයෙක් කියලා සත්තුවත්තෙම නම් ටිකයි,තව දෙකතුනකුයි කියන අපිම,
කෙල්ලෙක්,කොල්ලෙක්ව ආශ්‍රය කරලා අතෑරලා දැම්මොත් ඒ කෙල්ලට එහෙම කියන්නේ නෑ,ඒකේ වරදත් නිරායාසෙන් පටවන්න හදන්නේ කොල්ලගේ කරටම තමා, ඒකත් කරන්නේ මේ ගැනුන්ට පිරිමින්ට සමතැන ඕනේ කියලා බුකියේ කෑ ගහලා රට වෙනස් කරන්න හදන අපේ සම හරක් මහතුරුම තමා.. ඉතින් රටක් විදියට ඉස්සරහට යන්න නම් අපේ මිනිස්සුන්ට ලොකු ‪#‎ආකල්පමය‬ වෙනසක් ඕනේ,එහෙම නැත්නම් හැමදාම අපි මේ දූපත් මානසිකත්වය ඇතුලේ හුදලා චරිත විතරයි.
ඉතින් මේ විදියට ඉතිහාසේ ඉදන් වර්තමානය වෙනකම්ම ඉදන් විදියට තමන්ගේ අරමුණු තවකෙනෙක්ට ‪#‎මඩ‬ ගහලා දිනා ගන්න උත්සහ කරන මිනිස්සු හෙටත් ඉදිවි..
එත් මිනිස්සු විදිහට අපි,කියන අය කොහොම කිව්වත් සිහිබුද්ධියෙන් අහන්න ඕනේ
හොයලා බලලා ඊට පස්සේ තිරණ ගන්න ඕනේ.එහෙහ නැතුව මේ වගේ පුද්ගලික ඕනේ එපාකම් වෙනුවෙන් ගහන මඩ ඇත්ත කියලා පිලිඅරන්,තවකෙනෙක්ට අසාධාරණයක් කරන්න,අසරණ කරන්න,හීන උදුරගන්න කලින් හිතන්න,
නොකරපු වරදකට වැරදි කරයා වෙලා වෙලා,තමන්ට තමන්ගේ ලෝකෙම නැති වුනොත් කොහෙම දැනෙයිද කියලා.
මිනිස්සු විදිහට අපිට ආකල්පමය වෙනසක් ඕනේ කාලෙක අපි ජිවත් වෙන්නේ.තව කෙනෙක් පගලා දිනන්න හදන මිනිස්සු ගොඩක,කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව අපි පිලිගන්න එක හුගක් අනතුරුදායක වැඩක් අපිටයි,අපි ආදරේ කරන හැමෝටමයි

‪#‎lahiru777‬
‪#‎HiruErandathi‬





0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න