Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Sunday, 6 March 2016



දියෙහි යන දණ්ඩට පිහිටක් වෙතත් නොම වෙව දුදනන් හට පිහිට,
සුදනන් ලෙසින් වට සරනා දුදන දනන් හැර පලවා සිතින් යට,
මිනිසත් කමින් පිරි සෙනහස් ලේ
දුවනා දනන් හට,
වදනින් හෝ වෙව් පිහිටක් ඇවැසි විට..

ලැබෙන්නේ මොනවා,ලැබුනේ මට මොනවා..
කුමකට සිතනවා,සිතමින් ලත වෙනවා..
කලකම් පල දෙනවා,පව් පින් ඔබ ගෙනයනවා..
කල හොද දිදුලනවා,සසරින් ඔබ එපිටට ගෙනයනවා..

මිනිසුන් අදුරේ හිද පහනේ ගුණ වයන කොට,
පෙනෙන්නෙ දැල්ල පමණයි නෙක ගණදුර දුරු කල දුන් විලස,
හතර වටින් එන සුලගින් මුවාකර,
දිදුලන දැල්ල රැක දුන් "චිමිනි" ගැන නොම කියවෙයි දනන් හට..

දිදුලන "හිරුට" බනිමින් සද එලියේ සැනසෙනවා,
සුවබරයි,සිසිලසයි සුකුමාලයි කියවෙනවා,
හිරු දැවෙන්නේ සද දිදුලිමට බව හැමටම අමතක වෙනවා,
කිම අප තවත් මේ මිනිසුන් ගැන ලත වෙනවා????

-ලහිරු-
#lahiru777

0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න