Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Sunday, 7 February 2016



සෙනහස ආදරය සහ සොදුරිය වෙනුවෙන් දෙපා යැදෙමි.
ඒ කරන ච‍ෝදනා සියල්ල පිලිගන්නා නිසා නොව,      
නොකරනු ලැබු වැරදි වෙනුවෙන් වුවද දඩුවම් විද හෝ රැක ගැනීමට තරම් ඇය මාගේ ජීවිතයේ හද ගැස්ම වි අැති නිසාමය.෴

කළණ මිතු දම් නොදත් අසත්පුරැෂයින්ගේ නන්වදන් අභිමුව නිහඩව  සිටින්නේ බුරන බල්ලන බුරා
සපන බල්ලන් සපා දැමුවද අපට කිසිදා පෙරලා බල්ලන්ට බිරිමට සැපීමට වත් නොහැකි බැවිනි.෴

එහෙත්,
ලෝකය යථාර්තවාදීය.
හඩන ළදක් හා මහ මග දොඩමලු විය නොහැක.
එය සරලවම සබුද්ධිකය.
මව් දෙමව්පියන් ඉදිරියේ නිවසේ දොඩමලු විමට මැලි වුයේ ඔබම මිස මම නොවේ.
එහෙත්,
මිතු දමට සමුගැනීමට වැළද ගත් ඔබ දැන් එය ඔබට රිසි සේ අර්ථ දක්වමින් සිටි.
එයට කම් නැත.
මිදි කෙදිනකවත් තිත්ත නැති බවත්,
නරි කෙදිනකවත් අැත්ත නොපවසන බවත්,
මා දනිමි..෴

බෝසතුන්ට මාර දූතිකාවෝ සිටියෝය.
බුදුන් ට චිංචි මාණිකාව සිටියේය.
මටද කරුණු එසේ මය.
අවසන සියල්ල එලි පෙහෙලි වි අදුර පහව ගියේය.
එබැවින් ඇයත් මාත් නැවත එකතුවනු ඇත.
අපේ සෙනහස ආත්මගත බැදීමකි.
සංසාර පුරුද්දකි.
ඉතින් ඇය මා ජිවිතයේ මධු සද ය.
ඇය මගේම එරන්දතියයි.෴

ඉතින් වෛරි නැගණියනි,
ඔබට කිමට ඇත්තේ මෙපමණකි.
"සිදුවු දෙය දන්නේ ඔබත් මාත් පමණි."
එහෙත්,
ඔබේ එවැණි හැසිරීමට හේතුව පෙර දින ඔබ ඉදිරියේම ඔබේම දෙමව්පියන්ගෙන් දැන ගත් මොහොතේ සිට ඔබ ගැන වෛරයක් නැත.ඇත්තේ අනුකම්පාවක් පමණි.
ඒ සියල්ල මේ මොහොතේත් සියල්ලන්ට පවසා සියල්ල විසදා ගත හැකි වුවත් නිහඩව සිටින්නේ
ඔබ නිසා නොව ඔබේ අහිංසක දෙමව්පියන් නිසා මය.
මටද ඇයටද ඔබ කල සියල්ල කම් නැත.
අප වෛර නොකරමු.
එහෙත් වැදූ මව් පියන්ට ඔබ කල ඇති දෑට
ඔබ මවක් වූ කලක හෝ වන්දි ගෙවිමට සිදුවනු ඇත.
එසේම සියල්ලෝම සැමකල්හිම ඉවසන්නේද නැත.
එබැවින් මේ පවින් මිදීමට කාලයයි.
සත්‍ය සැමදා සැගවිය නොහැක..෴

2 comments :

  1. ආදරයකට කොයි තරම් බාධා කරදර ඇති වුණත් ශක්තිමත් ආදරයක් ගාව ඒ හැම දෙයක්ම නැති වෙලා යනවා.. එහෙම ආදර කතාවන් වාසනාවන්..))

    අදමද මන්දා මේ පැත්තෙ ආවෙ...))

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..අපි බලමු එහෙම වෙයිද කියලා..උනොත් තියන්නම් :)
      මට මතක විදිහටනම් අපි පරණ පෝස්ටුවක හම්බෙලා තියනවා මිට කලින්

      Delete

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න