Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Sunday 10 January 2016


"කේළම් ලෙස හිත්ළූ පැවසීමට ප්‍රතම බෞද්ධ සාහිත්‍යයේ ඇති මෙවන් පරමාදර්ශී කතාපුවත් පිළිබදව වත් වැටහීමක් ලබාගන්න. බෞද්ධයා යනු රූපකායක් නොව පරමාදර්ශී චරිතයකි.

නූතනයේ පවා කෙනකුගේ චරිතයක් ඝාතනය කරන්නට භාවිතයට ගත හැකි හොඳ ම අවිය වන්නේ කාන්තාවකට පුරුෂයකු සම්බන්ධ කිරීම හෝ පුරුෂයකුට කාන්තාවක සම්බන්ධ කිරීමයි. මනුෂ්‍ය චිත්තයේ ජාගර ස්වරූපය මොනවට ප්‍රකට කරමින් එවැනි චෝදනාවකට ලක් වන්නන්ට ඒ චරිත ඝාතනයෙන් මිදෙන්නට පහසු නොවෙයි, මෙය ද ලොව පවතින සදාතනික දහමක් බව අගුල්මල් දමන කතාවෙන් පැහැදිලි වෙයි.


මේ සියල්ලටම ආරම්භය සපයන්නේ නොහැකියාව සහ ඉරිසියාව යන පහත් මිනිස් ගතිගුණ නිසා වන බොරු කේලාම් හේතුවෙනි. බොහෝ රසකර, චරිත මවාපාමින් කෙනෙකු පිළිබදව දිගින් දිගටම මුසා පවසයි නම් ඕනෑම පුද්ගලයෙකු වැරදි තීරණයකට එළඹීමේ හැකියාවක් ඇත. මේ සමාජය අවබෝධ කරගත යුතු කරුණ නම් එයයි. අහිංසක, මිනීමරුවෙකු වන විට ගෞතමයාණන් වහන්සේ ඔහුකෙරේ අනුකම්පාවෙන් උපකාර කරන විට එවැනි බෝසත් ගුණ ඇත්තෝ මේ සමාජයේ නැතැයි සිතීම විහිළුවකි. සැමදා බොරුව සහ කේළම් ප්‍රභල වන්නේ නැත."

ක්ෂයකු, පරමාදර්ශී ශිෂ්‍යයකු සේම තක්සලාවෙහි හැමදෙනාගේ ම ප්‍රිය මනාප ශිෂ්‍යයා බවට පත් වූ විට මනුෂ්‍යත්වයේ කුහකත්වය මතු වීම හුදෙක් වත්මනෙහි පමණක් නොව ලෝක ඉතිහාසයේ ම සත්‍ය දහමක් විය. අදක්ෂයන් දක්ෂයා පෙළන්නට, කුමන්ත්‍රණ කිරීම සදාතනික දහම ඒ අනුව තක්සලාවේ ශිෂ්‍යයෝ ඔහුගෙන් ඈත් වී ඔහුට එරෙහිව කුමන්ත්‍රණ සංවිධාන කළහ. මේ කුමන්ත්‍රණය ඉතා ප්‍රබල එකකි. එහි අභ්‍යන්තරය තුළ මතු වෙන්නේ මිනිස් සිත්හි දූෂිත මනෝභාවයන්හි තරමයි. අහිංසක දක්ෂයා අංගුලිමාලයෙක් කරන්නට තරම් ඒ පරපුරේ දුෂ්ට සිත් ක්‍රියා කළේ කවරාකාරයෙන්දැයි ගුරුළුගෝමී අපූර්වත්වයෙන් අමාවතුරෙහි පෙළගස්වයි.
ශිෂ්‍යයන් වෙන්වී සාකච්ඡා කළේ අහිංසක ශිෂ්‍යයා හා ආචාර්යවරයා අතර ගොඩනැඟුණු ගුරු සිසු සබඳතාව බිඳ දමන්නටයි. ඒ සඳහා අහිංසක වෙනුවෙන් විවිධ චෝදනා ඉදිරිපත් කරන්නට විය. ඇතමෙක් ඔහුගේ ජන්මයේ දුබලතාවක් මතු කරන්නට උත්සාහ කළහ. තවත් කෙනෙක් ඔහුගේ ප්‍රතිපත්ති විවේචනය කරන්නට වූහ. මේ සියල්ල ව්‍යර්ථ වනවිට ශිෂ්‍යයන් තීරණය කළේ ගුරුතුමාගේ බිරිය හා අහිංසක අතරෙහි සබඳතාවක් ඇති බව ප්‍රචලිත කොට භේද කරන්නටයි.
නූතනයේ පවා කෙනකුගේ චරිතයක් ඝාතනය කරන්නට භාවිතයට ගත හැකි හොඳ ම අවිය වන්නේ කාන්තාවකට පුරුෂයකු සම්බන්ධ කිරීම හෝ පුරුෂයකුට කාන්තාවක සම්බන්ධ කිරීමයි. මනුෂ්‍ය චිත්තයේ ජාගර ස්වරූපය මොනවට ප්‍රකට කරමින් එවැනි චෝදනාවකට ලක් වන්නන්ට ඒ චරිත ඝාතනයෙන් මිදෙන්නට පහසු නොවෙයි, මෙය ද ලොව පවතින සදාතනික දහමක් බව අගුල්මල් දමන කතාවෙන් පැහැදිලි වෙයි.
ශිෂ්‍යයන් මේ ප්‍රමාදය ආචාර්යවරයා හමුවට රැගෙන යන්නේ ද සැලසුම් ගතව ය. එනම් සියලු ශිෂ්‍යයන් කණ්ඩායම් තුනකට බෙදී එක් එක් කණ්ඩායම් වරින් වර ගොස් ගුරුතුමාට ඇති ගෞරවයත් ආදරයත් ලෙස පෙන්වා තක්සලාවේ මෙවැන්නක් කථා වන බව පවසයි. ආරම්භයේදී මේ ගැන කී ශිෂ්‍යයන් කෝපයෙන් පලවා හැරිය ද නිතර නිතරම එකම දේ ගුරුතුමාගේ කනට ඇසෙන්නට සැලැස්වීමෙන් අපූර්ව ලෙස ඔහුගේ යටි සිතට ද මේ ගැටලුව රැගෙන යන්නට ශිෂ්‍යයෝ සමත් වූහ. එවන් විටෙක ඕනෑම පුරුෂයකු තම බිරියගෙ කුඩා වැරැද්දක් පවා විශාල කොට සිතමින් මේ චෝදනා සත්‍ය කරවන්නට වෑයම් කිරීම ද ලෝක දහමකි. දිසාපාමොක් ඇදුරිඳු ද මේ මානසික ව්‍යාධියට හසු විය.
ශිෂ්‍යයන් තමන් කෙරෙහි සෙනෙහසින් මෙසේ ප්‍රකාශ කරන බව සිතන ඇදුරිඳු, සැබවින් ම එවැනි සබඳතාවක් ඇතැයි කල්පනා කොට ශිෂ්‍යයා මරන්නට තීරණය කරයි. මේ අවස්ථාව ඕනෑම සමාජයක මිනිස් දුබලතාව ප්‍රකට කරවන තැනෙකි. දිසාපාමොක් වර්තමාන සරසවියක උපකුලපතිට සමාන වෙයි. ඔහු මහා ශිෂ්‍ය ප්‍රජාවක නියමුවාය. ශිෂ්‍යයන්ගේ දුෂ්ට කුමන්ත්‍රණයකට හසු වන්නට තරම් බාල මානසිකත්වයක් ඔහුට පැවතිය නොහැක. එහෙත් මේ දිසාපාමොක් ලෝකයේ ඇදුරු පරපුරේ අවාසනාවන්තම අදූරදර්ශී ගුරුවරයාය.
ඔහු සැමියකු ලෙස තම බිරිය කෙරෙහි පැවතිය යුතු ආදරයේ පරම ධර්මය වන ‘විශ්වාසය’ රඳවා ගත්තේ නැත. තම බිරිය හා සබඳතා පවත්වන සැමියකු තරම් ඇය හඳුනන කෙනෙකු ලෝකයේ තවත් ඇත්ද? ඇදුරුතුමා මේ මූලික මානව ධර්මය පවා බිඳ හළෙකි. එපමණක් නොව මෝඩයන්ගේ ඕනෑම කුමන්ත්‍රණයකට හසුවන අවිචාර ගුරුවරයෙකි. ගුරු පෞරුෂය අත්හලෙකි. එසේ නොවූ නම් දුෂ්ට කුමන්ත්‍රණකරුවන්ගේ කීමෙන් ම අහිංසක මරා දමන්නට තීරණය කළ හැකි ද? අහිංසක යනු පරමාදර්ශි ශිෂ්‍යයෙකි. කවර වරදක් ඇත ද මෙවන් සිසුවකු වෙනුවෙන් බාහිරින් එන චෝදනාවක් පිරික්සන්නට තරම් තක්සලාවේ ආචාර ධර්මයක් නොවිණි ද?
මරා දැමීම, මරණ දඬුවමයි. එය මිනී මැරීමකට දෙන දඬුවමයි. අහිංසක එවන් දඬුවමට යටත් කරන්නේ කවර මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ හෙයින් ද? අවසන කපටි ඇදුරකුගේ වේශය ගන්නා දිසාපාමොක් තමා අතින් ශිෂ්‍යයා මළොත් එයින් තමා පිළිබඳ අපකීර්තිය පැතිරී තමාට ලැබෙන ලාභ වරප්‍රසාද ගුරුපඬුරු අඩුවන බව දැන අනුන් ලවා මරවන්නට සිතා මිනිසුන් දහසක් මරා ඇඟිලි ගෙනෙවයි අහිංසක ශිෂ්‍යයාට නියෝග කරයි.
ගුරුවරයාගේ නියෝගය වන්නේ ශිල්ප අවසන් කිරීම වෙනුවෙන් ගුරු පූජාවක් කරන ලෙසයි. මෙය අහිංසක ශිෂ්‍යයා කිසිදා අපේක්ෂා නොකළ දෙයකි. අහිංසකගේ කම්පිත වදන් අප තුළ ඇති කරන්නේ කම්පනයක්ම ය. ඔහු ඇදුරිඳු හමුවේ කියා සිටින්නේ “ඇපි අන්නට හිංසා නොකරන කුලෙහි උපන්නම්හ. එසේ නොකට හැක්කේ ය” යනුවෙනි. එහෙත් එවිට ගුරුවරයාගේ නියෝගය වූයේ “ශිල්පයට උපචාර නොකරන්නා ඵල නොදෙයි පුතැ යි කීය.”
තමා උගත් ශිල්පයෙන් ඵල ලබන්නට මේ ගුරු පූජාව කළ යුතු බවට අණ කරන ගුරුවරයා වෙනුවෙන් ඇඟිලි දහස ගෙනෙන්නට පංචායුධ රැගෙන යන අහිංසක කුමාරයා අවසානයේ මහා මිනිස් ඝාතකයකුව මුළු මහත් මිනිස් සමාජයම භීතියට පත් කරවන අංගුලිමාලයකු වෙයි. අවිචාරවත් අදුරදර්ශී ගුරුවරයකුගේ ක්‍රියා කලාපයෙන් ලොව තක්සලාවක සිටි ශ්‍රේෂ්ඨ ශිෂ්‍යයකු, නම ඇසූ පමණින් බිය ඇති කරවන නාමයක් බවට පත් වූවා නොවේද? එබැවින් ලොව හැම ගුරුවරයකුම දිසාපාමොක් සේ අවිචාරශීලී වුවහොත් බිහිවන්නේ අංගුලිමාලලා බව ගුරුළුගෝමී තම කතාවෙන් අපට ප්‍රබලව ම කියා දෙන පාඩමකි.
මේ සියල්ලටම ආරම්භය සපයන්නේ නොහැකියාව සහ ඉරිසියාව යන පහත් මිනිස් ගතිගුණ නිසා වන බොරු කේලාම් හේතුවෙනි. බොහෝ රසකර, චරිත මවාපාමින් කෙනෙකු පිළිබදව දිගින් දිගටම මුසා පවසයි නම් ඕනෑම පුද්ගලයෙකු වැරදි තීරණයකට එළඹීමේ හැකියාවක් ඇත. මේ සමාජය අවබෝධ කරගත යුතු කරුණ නම් එයයි. අහිංසක, මිනීමරුවෙකු වන විට ගෞතමයාණන් වහන්සේ ඔහුකෙරේ අනුකම්පාවෙන් උපකාර කරන විට එවැනි බෝසත් ගුණ ඇත්තෝ මේ සමාජයේ නැතැයි සිතීම විහිළුවකි. සැමදා බොරුව සහ කේළම් ප්‍රභල වන්නේ නැත.
කේළම් ලෙස හිත්ළූ පැවසීමට ප්‍රතම බෞද්ධ සාහිත්‍යයේ ඇති මෙවන් පරමාදර්ශී කතාපුවත් පිළිබදව වත් වැටහීමක් ලබාගන්න. බෞද්ධයා යනු රූපකායක් නොව පරමාදර්ශී චරිතයකි.

#lahiru777
#HiruErandathi

0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න