Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Wednesday, 30 December 2015



















මේවාට උත්තර කෝ?
අනේ මන්ද පිළිවෙලක් වෙන්නලු
ඇයි මම අපිළිවෙලද??
මට හැදෙන්නලු
ඇයි මම නරක් වෙලාද???
අනාගතය ගැන හිතන්නලු
ඇයි වර්ථමානය හොද නැද්ද??
දුකෙන් ඉන්න එපාලු
මගේ හිනාව හොරු අරන් කියලා පේන්නැතිවද???
ඔනිවට වඩා හිනා වෙන්න එපාලු
ඇයි වදේ අඩන්න බැරිකමට හිනාවෙන්නේ කියලා පෙන්නේ නැද්ද??
කවි ලියන්න එපාලු
ඇයි කවි ලියන අය වනචරයොද??
රැවුල වවන්න එපාලු
රාජසිංහ රජ්ජුරුවන්ට හොද නන් මට නරකද??
කොන්ඩෙ කපන්නලු
අවුරුදු කන්න ගිය බාබර් ඇවිත් නැත්තන් මම මොකද කරන්නෙ????
සුරාව හොද නැහැලු
එහෙනන් මගුලටද ඒව හදන්නෙ??
රෑ වෙන්න කලින් ගෙදර යන්නලු
ඇයි මම දරුවො නළවන්නද??
කෙල්ලෙක්ට රැවටිලලු
කොහොමද ආදරේ පැහදිලි කරන්නේ??
මෝඩයිලු
ඒ මොකද ඒ ???

එයාව අමතක කරන්නලු
ලොකේ තව කෙල්ලෝ ඉන්නවලුෙ
ලෝකේ තව අම්මලා හිටියට තමන්ගේ අම්මා වගේ දැනෙනවද???
ඊට පස්සෙ??????
මේවට උත්තර කෝ........
මෙහෙම ගියොත් පිස්සු හැදෙනවා!

0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න