Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Wednesday, 2 December 2015


සහසක් ලදුන් සිටියත් මේ ලක් දෙරණ මත
නු‍ඹේ වත ළගම සිත දැවටෙන හැටි නොවැ අරුම
නුඹේ පෙම සොව සෑදු වග හොද හැටි දැන දැනම
තුන් තිස් පැයේ සිත ඇදුනා ඔබේ රුවම

හදේ සැගව ගොළු වූ පෙම මෝරද්දි
ළගටම ඇවිත් නුඹ මා හා යලි හිනැහේවි
කලකට නොඑන රිසියෙන් නුඹ ඈතට වී මේ ඉද්දි
හද ගිනි දැවෙයි මෙලසට කවි පද තුල රැන්දී

කාලය ගෙවි දින දින ගෙවිලා යද්දී
දැනෙනවා පිණි සිසිල නෙත් මත නුඹ කිව් පෙම් කවි සිහිවෙද්දි
පස් වසකට පෙර අප පෙම් කව ඇරඹී
ඒ උයන් කොන දකිනා විට නෙතු හඩනවා හදටත් වැඩියෙන් වැළපී

ඒ ගිනි සදා නුඹහට රහසක්  වේවා
නුඹ මුව සදා දිදුලන හසරැලි වේවා
සසර පුරා කවදත් මදු මල නුඹ මගේ වේවා
එලෙසම සදා මගේ පෙම නුඹටම වේවා

-ලහිරු-
02.12.2015



2 comments :

  1. සැලමුතු පෙමැති හිත රැක්කෙමි නුඹ නමිනි
    මේ ගලනා කඳුළු ඒ සෙනෙහස නමිනි

    ReplyDelete
    Replies
    1. ගලනා කදුලු දිනකදි මුතු පිනි කැට වේවා
      විරසක දෙසිත තුල පෙම් සිතුවිලි යලි ගොනු වේවා
      දහසක් හින මැද සැලමුතු පෙම යලි ඔබේ වේවා
      භවයෙන් එතර වන තුරු යලි විරසක නොම වේවා

      Delete

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න