Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Wednesday, 18 November 2015




ඉතින් සරෝ..
සුපුරුදු පරිදි ඉන්න අතරේ කාලෙකින් පරන දේවල් බලන්න හිතිලා පරණ autograph අරන් බල බල ඉද්දි ඔයා ඒ කාලේ  ලියපු දිග auto එකක් හම්බුනා.ඒක කියෙව්වම ඉතින් හිතුනා හිතෙන දේවල් මේ විදියටවත් ලියලා තියන්න ඕනේ කියලා ඉතින්..

මතකද මේ autograph එක කවුද තොරලා දුන්නේ කියල..ඔයයි,මම මගේ පණ තරම් ආදරේ කරපු මදුයි දෙන්නා..කියන්න බැරි තරම් දේවල් හිතට එනවා අප්පා..මොනවා කියන්නද හිතා ගන්න බැ…ඇත්තමයි ඒ කාලේ කොච්චර ලස්සන උනත් දැං හිතෙනවා සරෝ එහෙම කාලයක් මගේ ජිවි‍තේ නොතිබුනානනම් හොදයි කියලත් ඉතින්…

මුලින්ම මම මේ ලියන ඒවා කියවන්න කලින්  ඔයාම auto ඒකේ ලියලා දීපුවා කියවලා ඉන්න ඒ කාලේ ආයේ මතක් කරගන්න.ඔන්න යටින්ම මම ඒ ලියලා දිපුවා දාලා තියනවා..

ඉතින් මතකනේ සරෝ මුලින්ම ඔයයි මායි හම්බුන විදිහ අපි ඕලෙවල් පංති වල හිටපු කාලේ.හික්ස්…මතක් වෙනකොටත් හිනානේද..:) :)
මතකද..ඔයා කවුදෝ වෙන ලහිරු කෙනෙක් එක්ක ප්‍රශ්නයක් දාගෙන ඔයාගේ යාලුවෙක් ලහිරු කියන්නේ මට කියලා මාව ඔයාට පෙන්නලා ඔයාලගේ අප්පච්චි සමන් සර්ගේ පංතියටත් ඇවිත් මාව බයිට් වුනා අම්බානකම…හැබැයි ඉතින් බොරු කියන්න ඔනේ නෑනේ,ඔයා ඒ දවස් වලම සොරි වැරදිමක් වුනේ කිව්වට ඒ තරහා නම් ඉතින් නැති වුනේ නෑ අපි ඒලෙවලුත් කරලා ඉවර වෙන්න ලං වෙනකම් ඔන්න…ඇයි අප්පා ඉතින් සමාජයක් මැද නොන්ඩි කරලා තනියම ඇවිත් සොරි කිව්වම තරහා නැති වෙනවයැ ඉතින්…

කොහෙමහරි ඉතින් ඒ කාලෙත් කොහෙත් නැති කෙල්ලෙක් දෙපැත්තට කෙලම් කියලා කො‍ටවලා අපිව තරහා කරා..ඊට පස්සේ ඉදලා ඉදලා යලුවෝ උනාම ඊයේ පෙරේදා ආයේත් කොහෙවත් යන කෙල්ලක් කේලම් කියලා කොටවලා තරහා කරා..අවුලක් නෑ කියමු ඉතින්..කේලම් කියලා,බොරුහදලා මවලා කියලා ගත්ත කාලකණ්ණි සතුටත්  එයාටත් සමාව දෙමු…මොකෝ ඉතින් දැං තවත් අපි එයාගෙ පස්සෙන් පලිගන්න එලවන්න ඕනේ නෑ.එයා කරපුවා විදවන දවසට එයාට තේරයි.

ලගදි දවසක ඔයා මට කථාකරලා කියනකම් මං දැනං හිටියෙත් නෑ මේ ප්ලෑන් කරලා ගහපු කේලම් කාරයෙක්ගේ ගෙමක් කියලා..ඉතිං මං ඒ දවස් වල නම් හිටියේ ඔයත් එක්ක පුදුම තරහෙන් සරෝ..ඒත් ඔයා කථා කරලම කිව්වම ඔයාට මං බැන්නලු කියලා ඒ කේලම් කියපු කෙල්ල ඔයාට කිව්වා ඒකයි ඔයා බැන්නේ කියලා එතකොට තමා මට සීන් එක තෙරුනේ. ඇයි ඉතින් මගේ මේ ජීවිතේ ඊයේ  පෙරේදා වෙනකම් මම මටත් වඩා විශ්වාස කරපු කෙනකුත් කිව්වනේ ඔයා එයාට කථා කරාමයි කියලා..ඉතින් මමත් විශ්වාස කරා ඔයත් අර කේළම් කියපු කෙනා එක්කම එකතුවෙලා බොරු කේලම් කියන්න ඇති කියලා..පස්සේ ඉතින් ඔයා උන දේවලුයි කියපුවයි සේරම  කියලා,එ කියපු කෙනා ස්කොලේ  අස්වීම ගන්න ගිය දවසට පස්සේ දැකලත් නෑ කිව්වම තමා මට ඇත්ත තේරුනේ..කොහොම හරි ඔන්න දෙවෙනි  පාරටත් කොහෙවත් යන එකියක් අපිව තරහා කරන්න ගිහින් අනුනමයෙන්  බේරුනා…
මෙන්න මෙතන තියනවා ඒ call record එක,SmS සේරම.ඕනේනම් ගිහින් බලන්න,අහන්න.අපි යාලුවෝ කියලා හිතපු උන්ගේ තරම.(http://lahiru777.blogspot.com/2015/08/blog-post.html)


හික්ස්..:)
මේක ලියන්න පටන් ගත්තේ  autograph කියවපුවම හිතුන ඒවා ලියන්න.දැං බලද්දි ඒවා ලියන එක එක නවත්තලා මම කථාව සෑහෙන්න වෙන පැත්තකට ගෙනහින්..ඔන්න ආයේ  අවා ඉතින් මාතෘකාවට..අපි කථාකරමුකො ඒ කාලේ ලස්සන මතක ගැන…


වෙන ලොකු දේවල් මුකුත් ඕනේ නෑ සරෝ,ඔයා බලන්නකෝ ඔයා මේ autograph එක ලියලා තියන දිනේ.2009-07-18. ඒ කාලේ ඔයා, මම,මදු හැමෝම හොදම යාලුවෝ..මදුත් මේ auto එකේ ලියලා තියනවා,ඒත් මේ කාලෙම. වෙලාවක් තිබ්බොත් ඒ ටිකත් දාන්නනම්.ඉතින් ඊට පස්සේ අපි 2009 අගොස්තු ඒලෙවල් ලියලා ආයේ 2010 සෙකන්ඩ් සයි එකටත් chemistry class ආවේ ශානක අයියාගෙමනේ..එහෙම ඇවිත් 2010 chemistry class එක ඉවර කරපු දවස ,ඒ කියන්නේ  2010-07-31 තමා මම ඔයාව අද වෙනකම් ඇහට දැකපු අවසාන දවස.මොකො ඔයා ඉතින් ත්ර්ඩ් සයි කරන්න ආවේ නෑනේ.

හැබැයි ඉතින් සමහරු කියන විදියට 2009-07 මාසේ ඉදන් 2010-07වෙනි මාසේ වෙනකම් අවුරුදු එක හමාරක් තියනවලු.ඒ විතරක් නෙ‍වේ ඒ කාලේ අපි  දෙන්නා අතරේ අයථා සම්බන්දෙකුත් තිබ්බලු..හික්ස්.. :P :P

හොදම දේ තමා මේ බොරු කේලම් කථා කිව්ව කෙනා නෙවේ,මේවා පිළිගත්ත කෙනා, හොදටම දන්නවා ඒ කාලේ මගේ ඔලුවේ තිබුනේ කොච්චර ලොකු දුකක්ද..මම හිටියේ කොච්චර ප්‍රෙෂර් එකකද කියලා..කෙල්ලෙක් එක්ක යාලුවෙනවා තියා ඒ ගැන හිතන්නවත් මට ඉඩක නොතිබිච්ච කාලයක් ඒ. ඒ දේවල් අග මුල නෑරම දන්න ඒ කෙනාම ඒ කා‍ලෙම ඔයයි මමයි අතරේ සම්බන්ධයක් තිබ්බා කියලා මේ මුකුත් නොදන්න කේලම් කාරයෙක් කිව්වම පිළිගත්ත එක..ඔ‍හොම කථාවක් පිළිගන්න කලින් එ කෙනාට ඔයාගෙන්  නිකමට අහලා බලන්න තිබුනනේ ඉතින් මෙහෙම එකක් තිබුනද කියලා..ඒ මුකුත් නැතුව එයා හැසිරුනේ හරියට ඔයාම කථා කරලා එයාට කිව්ව ගානට.එයා කියන ඒවා අහගෙන මමත් නැටුවේ පිස්සු තමා.ගනං ගන්න එපා,ආදරේ අන්ධයි කියනවනේ ඉතින්..ඕං තරහා වෙන්න එපා,මාත් එයා කියන ඒවා අහගෙන ඔයත් එක්කත් පුදුම තරහෙන් හිටියේ..පස්සෙනේ දැන ගත්තේ ඉතින් කේළම් කියපු කෙනා ඔයාගේ නම එයාට විකුණලා,මගේ නම ඔයාට විකුණලා තනි කර අච්චාරු දාල කියලා අපේ නම් වලින්.සමාවෙන්න වෙන්න ඕනේ  ඒ දවස් වල මම ඔයත් එක්ක තරහෙන් කරපු කියපුවට ඔන්න..

ත්ත සරෝ ඔයා මේ කියලා තියනවා වගේ මම මිනිස්සුන්ට උදව් කරා වැඩියි.ඒ මිනිස්සු කාගේ වත් දන්නේ නැතුව ඒ හැමොම මගෙන් උදව්වක් ඉල්ලුවනම් කරා..
මතකද සරෝ ඒ කාලේ chemistry class එකේ අය්යා  paper එක කරලා ඉවර වෙද්දි හවස් වෙනවා ගොඩක්..කොච්චර රෑ උනත් කවදවත් මම හැමදාම ගෙදර යන්නේ ඔයා ,කුමුදු යනකම් ඉදලා..ඔයා බස් එකේ ගෙදර යන දවසට මම දවස් කීයක් නම් ඔයා යනකම් බස් ස්ටෑන්ඩ් එකේ ඉදලා ඇත්ද ඉතින්..ඔයා බස්එකට නැගලා,කුමුදුත් බෝඩිමට ගියාට පස්සේ තමා මං යන්නේ..මතකද සමහර දවස් වලට ඔයාල යනකම් ඉද්දි සූත් නතර වෙනවා මාත් එක්ක..එහෙම ඉදලා සූයි මමයි තමයි අන්තිමට යන්නේ..අන්තිමට ඔයා,කුමුදු එහෙම ගිහිල්ලා මම ගියාද අහලා sms කරද්දි මම තාම බස් එකේ…

හැබැයි දැංආපහු හැරිලා බලද්දි සමහර මිනිස්සුන්ට ඒ දෙවල් මතක නෑ..මතක නැති උනාට නම් කමක් නෑ ,අඩුම තරමේ ඒ ඒ මිනිස්සුන්ගේ පුද්ගලික අරමුණු වලට යන්න මාව ඉත්තෙක් විදියට පාවිච්චි නොකර හිටියනම් ඇත්තතටම අද මෙච්චර කලකිරිමක් නෑ මිනිස්සු ගැන. හ්ම් ඉතින්…ඔවා කථා කරලා වැඩක් නෑ අප්පා..දැං ආයෙත් ඉතින් autograph එක ගැන කථා කරමු..

කොහෙම හරි ඉතින් ඒ කාලේ ඒ විදියට ගතවෙලා ගිහින්..අද අපි රටේ තැන් තැන් වල,සමහර යාලුවෝ රටෙනුත් පිට..මතකද දර්ශි එහෙම..දර්ශි දැං ලංකාවෙත් නෑ..හැබැයි ඒ යාලුකම් තාමත් එහෙමයි..

නිකමට හැරිලා බලන්කෝ,ජිවිතේ කොතන හරි අපි ගොඩක් විදවන අත්දැකීමක් ලැබුවනම් පිට මනුස්සයෙක් නිසා,හැම වෙලාවෙම වගේ ඒකට වග කියන්න ඕන කෙනා යාලුකම් ඇතුලේ තමන්ගේ පුද්ගලික අරමුණු ,බලාපොරොත්තු වලට ඉඩ හොයපු කෙනෙක්.

ඉතින් කොහොම කොහොම හරි ,අපි  දෙන්නත් ආයේ ඔන්න කාලෙකට පස්සේ ඒ කාලෙට ගියා වගේ..
ආ මේ ඒක නෙවේ, මතකද ඒ කාලේ ඔයාට කිව්වේ ක්ලේමො කියලා…මම නම් දන්නේ නෑ තාම ඒ ඇයි කියලා නම් ඔන්න. හැබැයි ඔයා ඒ කාලේ ඉදලම හරි වෙනස් ඉතින්..මතකද මම ඔයාට කිව්වෙත් unique කියලා…හැබැයි ඉතින් බොරු කියන්න ඕනේ  නෑනේ මට නම් සමහර වෙලාවට ඒ unique ගතිය මල ඇණයක් කියලා හිතුන වෙලාවලුත් තිබ්බා ඕං.දැං ඉතින් රවන්න එපා මේක කියවන ගමන්..ඇත්තනේ කියන්නේ…:D

කොහොම හරි ඉතින් ඔන්න ඔහොම කාලය යද්දි,මම කොළඹ ආවනේ cima කරපු කාලේ.2011 -09 මාසේ වගේ.ඒ කාලේ ඔයා ඉතින් sms කරනවා එහෙමනෙ..මතකද ඒ කාලේ ඔයයි මදුයි මොකකක්ද වලියක් දාගෙන මදු ඔයාට බනිනවා කියලා ඔයා කිව්වා…එදා මම මදුටත් කිව්වා ඔයාට ඒවා මේවා කියන්න එපා කියලා..හැබැයි ඕං මං දන්නෙ නෑ කවුද එදා ඇත්තට වැරදි කියලා…

කොහොම හරි,ඊට පසසේ මට වැඩ ගොඩක් වෙද්දි මට ඔයාගේ මැසේජ් වගේකට රිප්ලයි කරන්න බැරි වෙලා ඔයා මාත් එක්ක වලියක් දා ගත්තා මගේ ලොකුකම වැඩිවෙලා කියලා..හික්ස්.. :) :p

ඊටපස්සේ මටත් මල පැනලා මං බැන්නනේ..කොහොම හරි ඊට පස්සේ ඔයා කථා කලේ මේ ළගදි කථා කරපු පාර..ආයේ ඉතින් අවුරුදු ගානක් අතිතෙට ගියා වගේ
ඒකකමයි ඉතින් පරණ autograph බලන්න හිතුනෙත්..කොහොම හරි ඒවා  කියවලා ඉවර වෙද්දි මට හිතුන දේවල් ඉතින් කිව්වා ඕං...

ඔන්න ඉතින් මං ඒ පරණ autograph බලද්දි මට හිතුන ගොඩක් ඒවා කිව්වා…තව නොකියපුවත් තියනවා..වෙලාවක් තිබුනෙනොත් අනිත් යාලුවො ,මදු මේ හැමොම ලියපුවා ගැන වෙනමම වෙලාවක කථා කරන්නම්…



















0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න