Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Saturday, 31 October 2015


අද සිට,
මා මගේ නිර්දෝෂි භාවය
වෙනුවෙන් හඩ නොනැගීමට
තෝරා ගත්තෙමි...
මන්ද,
මෙතෙක් මා නැගු හඩ ද
කාලය ද එක්ව
මතු දිනක එය නිසැකවම 
ලොවට පසක් වන
නිසාවෙන්...
මා මුසා බස් දෙඩුවනට
‍තවත් වෛර නොකිරිමට
තෝරාගත්තෙමි...
මන්ද,
වසන්තය පසුපසම 
ශීතය ද එන බව දැන දැනම 
කුඩයක් නොගෙන ජිවන මගට බට අප
අනෝරා වැසි වැස්ස වූ
රුදුරු අහසට වඩා වඩා වැරදි
නිසාවෙන්...

-ලහිරු-
31-10-2015
#lahiru777

0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න