Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Thursday, 15 October 2015


මත ගැටුම් අද මෙන්ම හෙට දිනත් තියේවි

තරහා වී යලිත් ආදරෙන් අපි හිදිවී
විටක නුඹ හැරයන්න තරම් හිත බිදේවි
ඒත් මට නුඹතරම් කිසිකෙනෙක් නොවේවි

නුඹකරන වැඩවලට මට තරහා හිතේවී

අකීකරුකම් වලට මම නුඹට බනිවී
මා නොදැනි මෙන් හිදින විට දුකක් දැනේවි
ඒත් මට නුඹ තරම් අන් කිසිත් නොවේවි..

රණ්ඩු සරුවල් අපි අතර තියේවී

නුඹත් හිත දෙගෙඩියාවෙන් විටක හිදිවී
නමුත් අප කිසිම දින අපව හැර නොයාවී
තවත් වැඩියෙන් සිතට ආදරය දැනේවි..

නුඹ තරම් කිසිවෙකුත් මට දුකක් නොදේවි

නුඹ තරම් කිසිවෙකුත් මගේ සතුට නොවේවි
මේ තරම් සෙනෙහසක් අන් කෙනෙකු නොදේවි
අපි තරම් ආදරෙන් කිසි කෙනෙක් නොවේවි..



0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න