Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Friday, 4 September 2015


මිනිස්සු හරි පුදුමාකාරයි....ජිවිත කාලේ පුරාවට අපි හිතන,තේරුම්ගන්න හුගක් දේවල් වැරදි මිනිස්සු ගැන..කිසිම කෙනෙක් කියන තරම් හොදවත්,කියන තරම් නරකවත් නෑ..

හැම කෙනෙක්ම වගේ ස්වකීය ප්‍රතිපත්ති පොරොන්දු මේ සේරම රකින්නේ ඒවා තමන් හිතන පතන විදිහට බදාවක් නොවනතාක් කල් විතරයි.එහෙම මිනිස්සු ආත්මාර්ථකාමි විදිහට පොර‍ොන්දු කඩලා බිදලා පාගලා ප්‍රතිපත්තියක් නැති විදිහට හැසිරෙන්නේ අනිත් මිනිහට ඒකෙන් මොකද වෙන්නේ,තමන් කරන දේ ඒ මිනිහට කොහොම බලාපායිද කියලා අබමල් රේණුවක වත් අදහසක් ඇතුව නෙවේ..මෙන්න මෙහෙම හැසිරෙන මිනිස්සු අතරේ අවංකව ප්‍රතිපත්ති රකින මිනිහෙක් පෑගිලා යන්නේ අර කලින් කියපු විදිහේ මිනිස්සුන්ගේ යකඩ හිත් වලට...

අන්තිමට ඒ මිනිස්සුන්ට හැම වෙලාවෙම එයලා හරි කියලා හිතෙන්නේ..අර අවංක මිනිස්සු මෝඩ වැරදි කාර මිනිස්සු විදිහට පේන්නේ..
හැබැයි..ඒ මිනිස්සුන්ටම තේරෙන්නෙ නෑ මිදි කවදවත් තිත්තත නෑ වගේම නරි ඇත්ත කියන්නෙත් නෑ කියලා.
මිදි කොහෙද නරි කියයිද ඇත්ත කියන්නේ නිකන් නෙවේනේ..

නරියෙක් මිදි කඩාගන්න බැරි උනාම මිදි තිත්තයි කියපු ගමන් මිදි වැල කපලා දාන්න තමා මෙහෙම මිනිස්සු හදන්නේ..හැබයි තමන් නරියට රැවටිලා අර මිදි වැල කැපුවා කියලා මේ මිනිස්සුන්ට තේරෙන දවසක් එනවා.හැබයි එදාට මිදි වැල නෑ.

ජීවිතෙත් මේ වගේ.අනේක විදියේ නරි අතරේ නරිවාදම් වලට රැවටිලා මිනිහෙක් රිදවන්න කලින් නරි කියන්නේ ඇත්තද කියලා හොයන්න මිනිස්සු පුරුදු උනානම් අපේ ජීවිත මීට වඩා ලස්සන වේවි.
#Love #Lahiru777

0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න