Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Sunday, 16 August 2015

මෙන්න ඇත්තම කථාව.screenshots දැක්කම තේරෙනවනේ.ඉතින් මෙච්චර කාලයක් මාත් එක්ක මේ ප්‍රශ්නේඅග මුල හොයාගන්න උදව් කරපු හැමෝටම ස්තූතියි.දැං මමත් දන්නවා,මේ සිද්දධිය දන්න අයටත් තේරෙනවා මැද ඉදන් දෙපැත්තට අරයා මෙහෙම කිව්වා කියලා බොරු කේලම් කිව්වේ කවුද,ඒවට රැවටුනේ කවුද, කියලා. මේ විදියට දෙපැත්තට කේලම් කිව්වට සාර්ථක වෙන්නේ කාගේ අරමුණුද කියලා හිතලා බැලුවම ඕනේ කෙනෙකුට ඒ දේ තේරෙනවා. මිනිස්සුන්ට සමහර විට මේක පාඩමක් වේවි ඇත්ත හංගන්න බෑ කියන එකට.මොන කේලම් කිව්වත් ඇත්ත එලියට එනවා.ඉතිං කේලම් කියපු,අහපු කාත් එක්කවත් මගේ පුද්ගලික තරහක් නෑ දැං.මගේ නම උඩින් ඒ මිනිස්සු ගාන්න හදපු මඩ හේදිලා ගිහින් ඉවරයි.ඒත් හිත ඇතුලේ පුංචි දුකක් තියනවා මේ ප්‍රශ්නවලට කොහෙන්වත් ආදල නැති,අහිංසක විදියට පැත්තකට වෙල හිටිය  #Saro  කියන ගෑනු ළමයාගේ නම අනිත් අය විකුණගෙන කාපු එක ගැන.මමත් ඔයාව සැක කරා සරෝ. ඒත් මට මේ ප්‍රශ්නේ අග මුල තේරුම් ගන්න බැරුව හිටියේ.ගොඩක් පිං ඇත්ත කථා කලාට.

ඒ වගේමයි ඊටත් වඩා දුකයි මම මගේ පණටත් වඩා ආදරේ කරන ඔයා, මගේ බෙල්ල කැපිලම යන අවස්ථා වල උනත් එක දශමයක් වත් හංගන්නේ නැතුව හිතේ තිබ්බ ,ඔයාට හීනෙකින් වත් හොයාගන්න බැරි දේවල් පවා මීට කලින් ඔයාට කියලා තිබ්බ මාව මේ ප්‍රශ්නේ වෙලාවෙදි සැක කරපු එකට. ජීවිතේ කොල්ලෙක්ට මූණදෙන්න පුලුවන් නරකම අත්දැකීමට ඔයා හින්දා මූණ දීපු වෙලාවේ වුනත් ඔයාව තනි නොකර ඔයා එක්ක හිටපු මාව ඔයා මේ ප්‍රශ්නේ වෙලාවෙදි තනි කරපු එක ගැන.
ඒත් ඔයා මොනවා කරත් ඔයා ගැන අහිතක් හිතන්න බෑ මං ඔයාට අාදරේ කරපු හින්දා.කරන හින්දා.

එතකොට ඊලගට ඉන්නේ මේ විදියට කේලම් කියපු ඔයා.ඔව් ඔයා තමයි.මම නොකිව්ත් ඔයාගේ හිත දන්නවා ඇති මොනවද වුනේ,මොනවද ඔයා කලේ කිව්වේ කියලා.මම වුන දේවල් වෙච්ච දේවල් කථා කරන්නේ නෑ,පුංචි උදාහරණයක් දෙන්නම් මේ ප්‍රශ්නෙට ආදලම නැති. හිතන්න මම කාට හරි ඔයා හරි ලස්සනයි කිව්වා කියලා.ඉතින් මං කථා කලේ ලස්සන ගැන.එතකොට මම වගකියන්න ඕනේ ඒ කෙනා ලස්සනයි කියපු එක ගැන ප්‍රශ්නයක් ඇතිවුනොත්. ඒත් ඒ කෙනා හිතාගත්තොත් මම එයාට ලස්සනයි කිව්වේ එයාට ආදරේ කරන්න හිතාගෙන,එහෙම නැත්නම් ටෝක් කරන්න හිතාගෙන,එහෙම නැත්නම් වල් කමට කියලා,ඒ කෙනාගේ මානසිකත්වය ,ජිවිතේ පරිපූරණත්වය පිළිබද ප්‍රශ්නයක් මිසක් මම කියපු දේ ප්‍රශ්නයක් නෙවේ.ඉතින් ඔයත් මෙතන හැසිරුනේ ඒ විදියට.මොකද අපිට කෙනෙක් මෙහෙම වෙන්න ඇති කියලා ප්‍රතිරූප මවාගෙන ඒ කෙනා බලාපො‍රොත්තු තියාගන්න අයිතියක් නෑ ඒ කෙනා එහෙම කියලා නැත්නම්.ඒක සමහරවිට ඔයාට අද තේරෙන්නේ නැති වෙයි.ඒත් දවසක තේරුම්යාවි. ඔයා කලේ ඒකපාර්ශවික ආකර්ශනයක් වෙනුවෙන් ද්විපාර්ශික ආදරයක් කඩලා දාපු එක.ඒක දවසක ඔයාට විදවන්න වෙද්දි ඔයාට තේරේවි.

මේ වෙලාවේ සුදු ඔයාගේ මගේ අපි දෙන්නගේ යාලුවෝ ගැනත් කථා කරන්න ඕනේ. ඔයාගේ පැත්තෙන් හිතපු ගොඩදෙනෙක් හැදුවේ ඈත් කරන්න.වැරදි කියන්නත් බෑ,මොකද එයලා හිතන්නේ ඔයා එයලට කියපු දේවල් වලට සාපේක්ෂව.ඒ වගේම තව ටික දෙනෙක් හිටියා බොර දියේ මාළු බාන්න හදපු.ඒ වගේ විවිධාකාර මිනිස්සු අතරේ මනුස්සකම පපුව පුරාම තිබ්බ අවංක මිනිස්සුකීප දෙනෙකුත් හිටියා මේ ප්‍රශ්නේ අවංකවම සාධාරණව විසදලා දෙන්න උදව් කරපු. ඉතින් මින්ස්සු අදුරගන්නත් මේක හොද අවස්ථාවක් උනා.

ඉතන් වෙලා ඉවර, ඇත්ත එලි වෙලා ඉවර දෙයක් ගැන ගොඩක් කථාකරන්න අදහසක් නෑ.
කේළම් කියන වචනේ ඇහුන ගමන් හිතට එන්නේ ඇහැළේපොල පවුලට කේළම් නිසා උන දේ.එදා ඒ ඇහැළේපොළ පවුල විජාතිකයින්ට ගැති කේළම් කාරයෙක් අතින් විනාශවුනා.අද ඒ විදියටම එහෙම විජාතික සම්භවයක් තියන ඔයා අතින් මගෙයි කෙල්ලගෙයි ජීවිත මකර කටක් ලගටම ගෙනාවා.වෙනසක් නෑ. ඉතින් දවසක මේ සිදුවීමට ඔයා පුද්ගලිකව මූණ දුන්නොත් එදාට ඔයාට තේරේවි ඔයා අද වෙනකම් කලේ මොනවද කියලා.

ඉතින් මේ කථා කලා ඇති.කලිනුත් කිව්වා වගේ පුද්ගලික අමනාපයක් වෛරයක් කා එක්කවත් නෑ.පාරකින් දැක්කොත් හිනාවෙලා යනවා ඒ කවුරුවුනත් මම.මොකද ඔයාල කරපු දේවල් ගෙනියන්නෙත් ඔයාලා මිසක් මම නෙවේ.

-ලහිරු-
16-08-2015

 Download Voice call from dropBox (Approx.100kb)













0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න