Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Saturday 25 July 2015



ඔන්න එක ගෙයක් තිබුනලු...මේ ගෙදර හිටියේ අම්මා,තාත්තා,දුව සහ පුතාලා 2 ලු...
( පුංචි පවුල රත්තරන් වගේ......)
.
ඔන්න එක දවසක් මේ කට්ටිය කෑම මේසේ වාඩිවෙලා රෑ කෑම ගන්නවලු....පොඩිම පුතා ඉතින් ගොඩාක් පොඩියි ලු.......
පොඩි එවුන්ට ඉතින් ප්රශ්න ගොඩයිනේ...පොඩි එකා ඉතින් හැම වෙලේම එක එක
ප්‍රශ්න අහනවලු.....
අනිත් අය වගේ නෙවෙයි මූ ඉතින් හෙන අණ්ඩපාල ලු.....
.
ඔන්න දැන් මේ වෙලාවේ අම්මා ට පේනවලු මේ පොඩි එකා කෑම කන්නේ නැතුව කල්පනා කරනවා....
.
අම්මා : ' මොකද පුතා කෑම කන්නේ නැතුව කල්පනා කරන්නේ.......' කියලා පොඩි එකාගෙන් ඇහුවලු
.
( එතකොට.......)
.
පොඩි එකා : ' නෑ අම්මේ මට පොඩි දෙයක් දැනගන්න ඕනේ...ඒකයි....' කියලා කිවුවලු
.
( අම්මා බැලුවලු මොකද්ද මූට අහන්න තියෙන්නේ කියලා........)
.
අම්මා : ' මොකද්ද පුතා.......' කියලා ඇහුවාලු
.
පොඩි එකා : ' නෑ මම මේ කල්පනා කලේ ඇත්තටම කොහොමද අම්මේ අපේ අක්කා මේ ලෝකෙට ආවේ....' කියලා ඇහුවලු
.
( ඒක ඇහුවා විතරයි අම්මා උඩ ගියාලු.....ඇයි යකෝ පොඩි එකෙක් අහන ඒවාද මේවා.....?? අම්මා ටිකක් කල්පනා කරලා.... )
.
අම්මා : ' මෙහෙමයි....අක්කා ව පුතේ දෙවියෝ තමයි මට දුන්නේ.....' කියලා කිවුවලු
.
.
.
( ඊට පස්සේ පොඩි එකා.....)
පොඩි එකා : ' හරි අම්මේ....එතකොට අම්මේ අපේ අයියා කොහොමද මේ ලෝකෙට ආවේ.....' කියලා ඇහුවලු
( අම්මා දැන ගත්තාලු මූගෙන් ගැලවීමක් නෑ කියලා.......)
අම්මා : ' අයියා වත් පුතේ අක්කා ව දුන්නා වගේ දෙවියෝ තමයි මට දුන්නේ.......' කියලා කිවුවලු
.
.
.
( පොඩි එකා ටිකක් ඉදලා ආයෙත් මෙහෙම ඇහුවලු.........)
පොඩි එකා : ' ඒ සේරම හරි කියමුකෝ...එතකොට අම්මේ මම කොහොමද මේ ලෝකෙට ආවේ......' කියලා ඇහුවලු
( අම්මා ට දැන් මූත් එක්ක මාර මළලු....අම්මා මළම පැනලා කිවුවලු.....)
අම්මා : ' උබව මට දුන්නෙත් ඒ දෙවියෝ ම තමයි බං.....දැන් කට වහගෙන කෑම ටික කාපං ..........' කිවුවලු
.
.
.
( අරූ තව ටිකක් වෙලා කල්පනා කරලා.........)
පොඩි එකා : ' එතකොට අම්මේ දෙවියෝ 3 පාරක්ම ඇවිත් ඔච්චර දේවල් අම්මාට කරලා යනකල් අපේ තාත්තා නිකන් බලාගෙන හිටියද .........' කියලා ඇහුවලු !!!
( මෙච්චර වෙලා සද්ද නැතුව හිටපු තාත්තා කෑම හිරවෙලා ඇදගෙන වැටුනලු...........)
- දෙවියන්ට අපහාස කිරීමක් නොව හුදෙක් රස කතාවක් පමණි.........!!! -

1 comments :

  1. හි හි කලින් අහලා තිබ්බ කතාවක් ඒත් කියෙවුවා ෂෝයි අනේ තැන්ක්ස්

    ReplyDelete

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න