Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Sunday, 19 July 2015


හද
උඹේ උනාට
අහස මගේ.
මගේ අහසේ
උඹ මාසේම ඉදලා,
අමාවකට
ගියාට
ආයේ එන්න ඕනේ පහුවදාට.
අමාවකට හැංගිලා,
පෝයට පායලා,
උඹ දාන සෙල්ලම්
මගේ අහස තියනකම්.
හදට අහසෙන් බහින්නත් බෑ,
අහසට හද එලවන්නත් බෑ.
පතාගෙන ආව හැටි බං.
මතකනේ ඒ කාලේම මං උඹට කිව්ව වර්ගඵලේ කථාව
අම්මපා දැං මට කොයිල් වගේ බං.

4 comments :

  1. අමාවක පහලොස්වක විදියට පෙනුනත් කොහෙන් බැලුවත් එකම හදමයි හැමදාම පායන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බං..ඒ වුනාට පොලොස්වක හද දැක්කම හිත පිරෙනවා.අමාවකට හිත අඩනවා

      Delete
  2. අහස කෙහෛ්ද උඹේ වෙන්නේ මේ විස්වයම මගේ.. කොට.

    ReplyDelete
    Replies
    1. විශ්වයම උඹ ගනිං.මගේ හද මගෙන් උදුරන්නේ නැතුව :p

      Delete

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න