Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Thursday, 9 July 2015



ඔබම දුන් පෙම් හීන අරගෙන
ඉන්න එපා ඔබ ගොලු වෙලා..
ජීවිතේ මං දුටුව හෑම හීනෙම
ඉන්නේ ඔබමය හිනහිලා...
ප්‍රේමයේ මදු සදයි ඔබ මට
සඳා එය ඇත
හදෙහි ගැඹුරෙම ලියා..
ළමැද මැද නුඹේ
හදේ රස්නෙට
රැය පුරා කී පෙම් කථා..
"සසර සරනා තුරුම නුඹ මගේ"
තවත් මතකයි රැය පුරා නුඹ මිමිනු හැටි
අපි අපේ වුන පුංචි කුටියේ නිදි වරා..
ඉතින් කිසිදා බැහැ දැං මිදෙන්නට ඔබෙන් මට වෙන් වෙලා..
දෙකන සනසන ඔබේ පෙම් ගී
අසන්නට පෙරුමන් පුරා
හිදිමි මම පෙරමග බලා..

2 comments :

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න