Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Wednesday, 27 May 2015

මේ photo එක අදට අවුරුදු 10කට කලින්
ඒ කියන්නේ 2006-09-09 ගත්ත එකක්
ඒකත් හිතාමතා ගත්ත එකක් නෙවේ
හා හා පුරා කියලා phone එකක් අරන් 
එකත් ඔබ ඔබ පාර දිගේ යද්දි අහම්බෙන් වැදුන එකක්
අඩුම තරමේ දැං වෙනකම් මම දැනං හිටියේවත් නෑ
මෙහෙම photo එකක් මගේ ලග තියනවා කියලාවත්
හැබැයි එදා ඒ අහම්බෙන් වැදුන photo එක
අද දැක්කම අදහන්නත් බැරි තරම් පුදුමයි
එදා ඒ අහම්බෙන් වැදුන photo එකේ ඉන්නේ
අද මගේ ලොකේ රැජිනි වෙලා ඉන්න
මගේ පුංචි කුමාරි මදු
හිතාගන්නවත් බැරි තරම් මම ආදරේ කරන මගේ කෙල්ල
හැබැයි 2006 දි මම මදූ කියලා කෙනෙක් මේ ලොකේ ඉන්නවද කියලාවත් දන්නේ නෑ
එයා මාව දන්නෙත් නෑ
අපි දෙන්නගේ හදහන් බලපු මිනිස්සු 
ඒ කාලේ අපි දෙන්න සංසාරේ පතාගෙන ආව දෙන්නෙක් කියද්දි
අපි දෙන්නම හිනා වුනා
හැබැයි දැං තේරෙනවා ඒක ඇත්ත කියලා
නැත්නම් මේ රටේ මෙච්චර මිනිස්සු ඉද්දි
කොහොමද මගේ මදූ ම මේ photo එකේ ඉන්නේ
සංසාරේ ආත්මෙන් ආත්මෙට ආපු ඒ රූපේ
අපේ යටි හිතේ තියනවාඅපි නොදැන හරි අපේ ඇස් හොයන්නේ ඒ රූපේ
හරියටම ආත්ම කියක්ද කියන්න මම දන්නේ නෑ
හැබැයි අඩුම ගානේ අාත්ම 100ක් වත් මගේ මදූ මාත් එක්ක 
මේ සංසාරේ හුගක් ආදරෙන් එකට ඇවිත් තියනවා
ඉතින් සංසාරෙන් සංසාරෙට ආව මේ අහිංසකීට
මම මගේ පණටත් වඩා ආදරේ කරන එක පුදුමයක් ද
සත්තයි ආදරෙයි හැමදාම සංසාරෙන් යනකම්ම



0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න