Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Friday, 1 May 2015



හිත රිදෙන්න පුලුවන් උපරීමෙට රිදි රිදි
දුකත් එක්ක ජීවත් වෙද්දි හිතට එනනේ මහ කාළකණ්ණි අදහස්..
ඒවා ඇවිත් ටික වෙලාවකින් ආයේ හිත සැහැල්ලු උනාම හිතෙනවා
ඒවා හිතුනේ මටද කියලා..මේ මගේ හිතද කියලා..


ඉස්සර මම අම්බානක මිනිමරුවොන්ට කුඩ්ඩොන්ට බැනුපු එකෙක්
ඒත් දැන් හිතෙනවා ඒ මිනිස්සුගෙන් එකෙක් දෙනක්ට හරි
ඒ තත්වෙට වැටෙන්න අපි කවුරුත් නොදන්න සාධාරණ හේතුවක් ඇති කියලා..
මොකද ඇත්ත හැම වෙලාවෙම සුදු පාට නෑනේ.
කිසිම වැරැද්දක් නොකර වැරදි කාරයෙක් කියලා කථා අහද්දි
පුංචිම පුංචි වැරුද්දකට මිනීමැරුවෙක්ට වගේ දඩුවම් දෙද්දි
මිනිස්සුන්ගේ හිත් වල ආයේ වැරද්දකට තියන බය නැත්තටම නැති වෙලා
ඉතුරුවෙන්නේ එලොවටත් නැති මෙලොවටත් නැති මිනිස්සු..
ඒක මං අත්දැකීමෙන් දන්න දෙයක්
ඒ හන්ද මිනිහෙක්ට වැරදි කියන්න කලින් ඇත්තද ඒවා කියලා හොයලා බලන්න
එහෙම උනාම මේ ලෝකේ මීට වඩා සුන්දර තැනක් වේවි
මොකද මේ ලොකේ නැති වෙන්න දෙයක් නැති උන මිනිහෙක්ට තියෙන්නේ පුදුම හයියක්
එහෙම මිනිහෙක් මීනි මරන්නවත් දෙපාරක්නම් හිතන්නේ නෑ.
ඒක ඉර හද වගේ මට තේරෙන්නේ දැං
ජීවිතේ කියන්නේ අත් වැරදීම් අඩුපාඩු නැතිව ඉන්න එක නෙව්
එහෙම අඩුපාඩුවක් උනාම ඒක ආයේ නොවෙන්න හදාගන්න එක
මනුස්සකම කියන්නේ එහෙම හදා ගන්න ඉඩ දෙන එක
එහෙම  නැතුව ඒ මිනිහා මීනිමරුවෙක් කරන එක නම් නෙවේ.
මොකද දන්නවද
කෙහෙල් කනක් හොරෙන් කපපු මිනිහට මිනිමරුවට දෙන දඩුවම දුන්නම
වෙන්නෙ කෙහෙල්කන් කපන එක නවතින එක නෙවේ.
ඒ මිනිහා ආයේ මිනියක් මරන්නවත් බය නැති වෙන එක.

සමාව දෙන එක දේව ගතියක් කියන්නේ කට කහනවට නෙවේනේ හිටං


2 comments :

  1. සමාව දෙන එකත් සමහර වෙලාවට දඩුවමක් තමයි හිටං...

    ReplyDelete
    Replies
    1. ඒකනේ
      ගොඩක් මිනිස්සු ඒක දන්නේ නෑ

      Delete

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න