Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Tuesday, 21 April 2015



ඊයේ,ඒ කිව්වේ 2015 අප්‍රේල් මාසේ 20 ලස්සන දවසක්නේ..
දන්නවනේ ඇයි කියලා..හරියටම අවුරුදු 25කට කලින් ඒ වගේ දවසක තමා මං ඉපදුනේ..
දැං ඉතින් අහන්න එපා මං ලස්සනද කියලා..ඈ..
ලේසිද ඉතින් දැං අවුරුදු 25ක් කියනකොට..



කොහොම හරි මට අවුරුදු 25ක් වෙනකොට මගෙයි මගේ චූටි කෙල්ල , ගෙයි මගෙයි ආදර කථාවෙත් හරියටම පස් වෙනි අවුරුද්දත් මේක තමා..
2010 ඉදන් දැං වෙනකම් ආදරෙන් සුන්දරව රළු පරලු බාදක පෙරළගෙන ගලාගෙන ආපු අපේ ආදර කථාවටත් දැං අවුරුදු 5ක්..
කාටද ඉතින් ආඩම්බර ඈ..
ස්කොල කාලේ සුදු ගවුම ඇදන් ස්කොලෛ් ආපු මගේ චූටි කෙල්ල දැං මගේ ජීවීතේ වෙලා..
තව අවුරුදු 5කින් විතර අපි දෙන්නගේ චූටි පැටියෙක් ස්කොලේ යාවී ඒ කාලේ අපි දෙන්නා ගියපු විදියටම..
ජීවිතේ මං තැනක ඉන්නවානම් ඒ තැං වලට එන්න මගේ චූටී කෙල්ලගෙන් ලැබුන සහයෝගේ ඒ ආදරේ නොලබුනානම් අද මං මෙතන නොවෙන්න තිබුනා..
ඉතින් මගේ චූටි බට්ටි ගැන ලස්සන සිංදු දෙක තුනක් දාලා පුංචි විශුවල් කෑල්ලක් යූටියුබ් පැත්තේ දාන්න හිතුනේ කවදා හරි මායි බට්ටියි වයසට ගිහින් ගෙදරට වෙලා ඉන්න කාලෙක බලන්න..
අනික ඉතින් අපි දෙන්නගේ පැටව් ටිකත් දැන ගන්න ඕනෙනේ එයාලාගේ අම්මයි තාත්තයි කොච්චර ආදරේ කරනවද කියලා..

කොහොම හරි එළිවෙනකම් ඇහැරගෙන ඉදලා මමයි මගේ සුදු බට්ටි  ගැනයි පුංචි විශූවල් කෑල්ලක් හදලා ඊයේ යූටියුබ් දැම්මා..ඔන්න බලන්න.. පහල තියනවා.

කොච්චර වැඩ තිබ්බත් ආදරේ වෙනුවෙන් වෙලාවක් තියගන්න ඕනෙම වෙලාවක.මොකද ජීවිතේ අන්තිමට අපිට ඉතිරු වෙන්නේ සල්ලිවත් හම්බකරපුවවත් නෙවේ.
අපේ ආදරේ විතරයි...




පෙම්බර මදු මගේ
ප්‍රේමයේ මන්දහාසිනී යෞවනේ සිහින සාධනී
නීල නයන නිල් දියේ සීත නලින නිම්නයේ
පාව යයි සුන්දරයි ජීවිතේ
ප්‍රේමයේ මන්දහාසිනී...






0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න