Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Saturday, 18 April 2015


වෙලාවකට ඔලුව නිකන් යකාගේ කම්මල වගේ.
ආයේ වෙලාවකට පිස්සෙක් වගේ වගේ.
ඔකෙන් කෝක උනත් අන්තිමට ඉතින් හිතලා හිතලා හිත නතරවෙන්නේ එකම තැනක හැමවෙලේම.අනේ මන්දා මගේ හිත වත් මට අයිති නැති ගානට මෙයා මගේ ජීවිතේම සින්නකරගෙන වගේ.නිකන්ද ඉතින් මං පිස්සි කියන්නේ..
අද උදේ මේ පිස්සි අහනවා ඇයි යකෝ ‍‍මෙච්චර කල් හිටියේ මං ගැන ලියන්න, facebook දාන්න කියලා..
මේ ෆේස් බුකියේ ඉන්න කෙල්ලො එක්ක මල් කඩන්න ඕනේ හින්දද අහනවා මගේ මෙි පිස්සි ගැන ලිව්වේ නැත්තේ දැම්මේ නැත්තේ..
අම්මපා ඇත්තමයි ඕවට තමා කියන්නේ නරක කාලේට ලබු තිත්ත වෙලා මොල් ගස් පත්තු වෙනවා කියලා..
ඇයි යකෝ..මං මේ ෆේස්බුක් මේව්වා එකට මයිස්පේස් එකෙන් මාරු වෙලා ඇවිලා දැන් අවුරුදු 8කටත් වැඩි.ඒ කාලේ මේකේ දන්න කියන උන් හිටියේ ඇගිලි ගානට..කෙල්ලො හිටියෙම නැති තරං..
හරි හරි එව්වා ඕනේ නෑ..දැං මේ බුකියට ඇවිලා ගෙවිච්ච අවුරුදු 8ටම මම මේකේ ඉන්න එක කෙල්ලෙක් එක්කවත් මල් කඩලා තියනවද ? කෙල්ලො කියපල්ලා අත උස්සලා..
මේකිට පිස්සු කියනවට මගේ කටේ දාන්න ඕනේ හොද අලුත් පහේ කාසියක් හොදට හොදලා..
ඇයි හත් දෙයියනේ මේ බුකියේ අපේ පවුලේ ඉන්නේ මං විතරද?
ලස්සනට පිලිවලට ගෙදරට කියල,අම්මලා ෂේප් කරං දැං මේ ලියනවා පෝස්ට් දානවා වගේ ඒ කාලේ මං කොහොමද දාන්නේ ? එහෙම ඒ කාලේ දැම්මා නම් මේ වෙද්දි කෑම කාඩ් එක ගෙදරින් කපලා මක්ගොන යවලා මකවලා ගෙනත් මේ පිස්සිට වත් මාව අදුරන්න බැරිවෙන්න මකවලා මේ වෙද්දි..
ඒ මෙහේ..එතකොට බැරිවෙලාවත් ඒ හිච්චි කොල්ලෝ කෙල්ලෝ කාලේ මෙව්වා ඔයාලගේ ගෙදරින් දැන ගත්තනම් ආයේ හොදි නැතුව පාන් ලොරියක් කන්න පුලුවන් සම්බෝලයක් හදනවා මැට්ටිගේ අමමා මාව අඹරලා අරන්..
ඒ වගේ ද දැං..
ගෙදරට කිව්වා..ඕනේ වෙලාවක මැට්ටිගේ ගෙදර ඇවිත් කොන්ද පන තියන් අම්මා තාත්තා එක්ක කාථා කරන්න පුලුවන්..අන්න එහෙම උනාමනේ මෙහෙම එව්වා දාන්න පුලුවන්..
තේරුම් ගනින් පිස්සියේ..මං උඹට ආදරේ නැත්නම් මං උඹ ලග මෙච්චර කල් ඉන්නේ මොකටද?අැයි මං උඹව බැදගෙන තාත්තගෙන් දෑවද්දක් ඉල්ලයි කියලා හිතුවද? අපෝ එපා..උඹ විතරක් හොදටම ඇති..
එහෙනම් අනිත් කෙල්ලන්ට නැති මෙව්වා එකක් උඹට තියනවද පිස්සියේ? නැත්නම් මට පිස්සුද?
ඔව්වා එකක්වත් නෙවේ..මං මටත් වඩා උඹට ආදරෙයි.උඹ හිනා වෙද්දි මගේ ලෝකෙම පිරිලා.උඹ ළග ඉද්දි මගේ ලොකේම මං දිනලා.උඹේ උනුහුම ජීවිතේ කියලා දෙනවා..
අන්න එව්වා සේරමත් එක්ක මං උඹට අසීමිතව ආදරෙයි..කිසිම කොන්දේසියක් නැතුව සීමාවක් නැතුව ආදරෙයි..අන්න ඒකයි උඹ හින්ද මට නින්ද නැති වෙන්නේ.උඹ හීන වලට ආවම තනියෙන් නැගිටලා හිනා වෙව් පාන්දර වෙනකම් ඇහරිලා ඉන්නේ..කොටින්ම හුස්මක් දුරින්වත් උඹට ඉන්න නොදි ළගින්ම තියාගන්නේ දැං මට උඹ ළග නැතුව බැරි තරමට උඹට ආදරේ නිසා..සත්තයි..ආදරෙයි..උඹට කවදවත් කිරලා මැනලා ඉවර කරන්න බැරි තරමට ආදරෙයි...
යන තැනක යද්දි වහන එලවන්නේ පරිස්සමෙන්..අකල් වැස්සට පාර පෙන්නෙත් නෑ
අවුරුද්දට බීපු කනමදයන්ට වාහන පෙන්නෙත් නෑ..
ලස්සන හීන පේන ලස්සන රැයක් සුදු මැණික..බුදුසරණයි


0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න