Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Friday, 3 April 2015



මොර සූරන වැහි වැටෙද්දි
කොළඹ අහස කලු කරගෙන
වැටෙන වැටෙන වැහි බිදුවෙන්
මට මැවෙන්නේ අැයි ඔබේ රුව..

පාර පුරා වලවල් වල
දෝරේ ගලන වැහි වතුරේ
දේදුණු සිතුවම් අතරින්
මට මැවෙන්නේ ඇයි ඔබේ රුව..

පුංචි පුංචි මල් වැටිච්ච
හීන යටින් ඇවිද යද්දි
තනියට තනිකම මකන්න
මට මැවෙන්නේ ඇයි ඔබේ රුව..

මතක එකින්නෙක අතරේ
හිතට වෙලා දිවි ගමනේ
වැහි බිදු තරමට විශාල
කදුළු දෙන්නේ ඇයි නුඹ මට..

1 comments :

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න