Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Friday, 6 March 2015















සඳ කුමාරියේ වළාකුලට මුවා වෙන්න
හැකිවේද නිවී දිලෙනා තරු නිවාලන්න
එක කණාමැදිරි එළියක් ඇති රෑ ගෙවෙන්න
තරු එළියෙන් තරු ඇස් වල සිතුවම් අඳින්න

හුස්මක උණුසුම පපුවට බෑ දරා ගන්න
කොඳුරයි තුරුල් වෙන්න
මුදු තොල් පහසින් සනසන හැටි කියා දෙන්න
එක මොහොතක් හැකි වෙද ඇස් දෙක පියා ගන්න

තෙරපෙන සිතුවිලි තව නම් බෑ සගෝ ගන්න
විසේකාර හැඟුමන් දැන් මුදා ලන්න
මේ රාත්‍රියම අපෙයි අපෙම වෙලා ඉන්න
සැලෙන සිතැඟි පහසින් රස කියා දෙන්න

0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න