Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Tuesday 19 October 2010

මෙච්චර කාලයක් prepaid Broadband පාවිච්චි කර කර ඉදලා අනතිමට ඊයේ (18/October/2010) ගියා postpaid package එකක් ගන්න.අපේ ගෙදරට  AirTel HSPA Signal නැති නිසාත් Mobitel මට දැන් සෑහෙන කාලෙක් ඉදන් එපා වෙලා තිත්ත වෙලා අජූත වෙලා තිබ්බ නිසාත් කෙලින්ම ගියේ dialog එකට. ගිහිල්ල  ගත්තා 690 package එක.මේකේ FUP එක 2GB.මේකේ TRC Reference No එකTRC/D/10/014(p). මං මේක ගත්තේ හරියටම ඊයේ (18/October/2010) 12ට විතර. (ගත්ත දිනේ ඔන්න හරියටම confirm කරගන්න පුලුවන් පහල Image එකෙන්)
scan0006
හැන්දෑවේ 2.00ට විතර මේක activate උනා.ඊට පස්සේ DU meter එහෙම දලා ජංජාලේ එහෙම පොඩි රමුවක් දෙකක් ගහලා එහෙම බලලා  රෑ 350MB විතර download එකකුත් දැම්මා.speed එක ආසන්න වශයෙන් 2Mbps වගේ එනවා.connection එකේ stability එකත් හොදයි.mobitel වගේ හිටිය ගමන් IDLE වෙන්නේත් නෑ.කොහොම හරි අන්තිමට මේ සේරම කරලා  අද උදේ DU meter එකෙන් usage එකක් බලද්දි usage එක 407.53MB යි.
du
ඉට පස්සේ DU Meter එකට වැරදිලාවත් තිබ්බොත්කියලා  MY DIALOG එකටත්  log වෙලා බැලුවා.බලද්දි තමා වැඩේ මාට්ටු වුනේ.මං connection එක ගත්තේ ඊයේ (18/October/2010) දවල් උනාට MY DIALOG  එකේ තියන විදියට පෙරේදාත් (17/October/2010) Connection එක use කරලා !!!!  බලන්න පහල screen shot එක.
dialog

පෙරේදා මං (17/October/2010) Connection එක use කරන්න තියා ගන්න හිතලාවත් තිබුන් නෑ.ඒ කියන්නේ මං connection එක ගන්නත් කලින් දවසේ ඉදලාම මුං usage add කරලා.මේ ගැන customer care එකෙන් ඇහුවම ගානට shape එකේ මිනිහා ලිස්සලා ගියා.මොනවා කරන්ඩද ඉතින් නඩුයි බඩුයි දෙකම හාමුදුරැවන්ගෙනේ..ලංකාවේ mobile broadband සේවා සපයන අනිත් ආයතන තමන්ගේ service එක  හරියට පවත්වගෙන ගියානම් මුං මෙහෙම කරන්නේ නෑ.
 

13 comments :

  1. Mungana kathakarala wadak na... Mamath Dialog Tv grahakayek.... edala hitala viwekayak labuna dhata cricket match ekak balana eka thamai mage vinodhanshaya.... wadi karadarayak nathiwa pahadiliwa balanna ona hinda thamai loku ganak ekawara gewala monthly rental ekak gewanna Dialog Tv pakage ekak gaththe.... eth lankawe match ekak yana kota thamai mun ekenuth hambakaranna ganne...

    Chanel eka Tensport, ESPN, Star Cricket, Neo Cricket unata Advertisements dhanne dialog eken... masikawa munta salli gewala macheka wenuwata munge add balanawa.... ovarayaka anthima bole bat eke waduna gaman add ekak ... samahara welawata eka no ballekak wennath puluwan... samahara welawata bole uda, catch eka alluwada nadda danneth na mun add dhanawa... anthimata add dhala dhala elaga over eke palaweni boleth dhala vitharai... ovaryata boll 4k balannada api salli gewanne...

    mevidiyata hambakaranawata wada hodai... Dialog Tv team ekama avith pitakotuwa bodiya laga higa kawanam... eka meta wada nambui....

    ReplyDelete
  2. Dialog නම් අන්තිමයි.

    ReplyDelete
  3. කාට කියන්නද මේවා................... මොබයිල් ඛ්‍රෝඩ්බෑන්ඩ් කෝකත් එකයි. සේවාවනම් අන්තිමයි.......... ඔන්න SLT ADSL වලටත් FUP දාන්න යනවා කියල ආරන්චියි.(512kbps වලට වඩා වැඩි සම්බන්දතා වලට.).... ඇත්තදනම් දන්නෙ නෑ.....

    ReplyDelete
  4. මචං මට පේන්නේ උඹට එහෙ ඉඳන් ඔය ඩොංගල් එක ගෙදරට ඩවුන්ලෝඩ් කරන්න ගිය යූසේජ් එකද කොහෙද ඔය දාලා තියෙන්නෙ...
    අනේ මෙහෙමත් හොරු !!
    අපි ඒකනෙ ADSL පාවිච්චි කරන්නෙ..
    ADSL වලට නම් FUP එන්නෙ නෑ..
    බය වෙන්න එපා...

    ReplyDelete
  5. මුන් දන්නේ වේලාවට සල්ලි ඉල්ලන්න විතරයි......සර්විස් එක නම් මෙලෝ රහක් නැ....මමත් ‍මොබිටෙල් 8gb එකක් පාවිව්වි කරන්නේ...මෙලෝම රහක් නැ....සමහර වෙලාවට මේල් එකටවත් යන්න බැ.....සර්විස් එක හොද නැති නිසා ඩවුන්ගේඩ් කරන්න හැදුවාම ඒකටත් රැ 100ක් ඉල්ලනවා...මුන්ගෙ වැඩ නම් අන්තිමයි..කොකත් එකයි...

    ReplyDelete
  6. @Anonymous
    ඒක ඇත්ත මචන් අයකරන ගානට ගැලපෙන service එකක් නම් මුංගෙන් හම්බෙන් නෑ ජීවීතේට

    @L200
    මචන් mobitel මීටත් වඩා අල මෙහෙට.airtel hspa signal නෑ..ඒක හින්ද තමා මුං මේ වැඩ කරන්නේ..මුන්ට ගේමට තව එක service provider කෙනෙක්වත් හිටියා නම්

    @චමියා
    ඒක ඇත්ත බං..ADSL වලට fup දාපුවම cafe වගේ ඒවාට තමා අවුල

    @Bhagya රාජපක්ෂ
    කාට කියන්ඩද බං..TCL එකත් site_ban කරන්න දගලනවා වගේ මුං ගැනත් ටිකක් හොයලා බැලුවනම් හරි

    @Damith Marathunga
    බිල නම් ගානට වෙලාවට ගෙදරට එවන එක ඇරෙන්න අනිත් සේරම මුංට අමතක වෙලාද කොහෙද

    ReplyDelete
  7. me yakku gena katha karala wedak nehe... serama ISP la ekai..apen salli kada ganna thamai balan inne... TRC ekath udaw karanne unta witharai...

    ReplyDelete
  8. Umba nikan bayawela wage machan. LK time/date eka 18 unaata server eke time eka time/date eka 17 wiya haki neda?

    ReplyDelete
  9. ඔන්ලයින් බිල් හදද්දී මුන් වරද්දනවා..මොකද මම අවුරුදු 11ක් තිස්සේ දැන් ඩයලොග් පාවිච්චි කරන නිසයි කියන්නේ...මාසේ අන්තිමට ෆයිනල් බිල එද්දී ඒවා හරිගස්සලයි එවන්නේ....ඔන්ලයින් බිල හරියටම හරි නෑ....බිල ආවම බලන්නකෝ.

    ReplyDelete
  10. මොබිටෙලුත් එච්චර තමයි මේ මාසෙ මට තව 350ක් විතර ඉතුරු වෙලා තිබුනා පෙරේදා වෙන කොට ඊයෙ බලනකොට 35ක් වැඩියෙන් ගිහින් ඒතරම් දරුණු ඩවුන්ලෝඩ් එකක් කලෙත් නෑ
    /කුම්භකර්ණයා

    ReplyDelete
  11. මට නම් මේකේ අවුලක් පෙන්නෙ නෑ. 350 MB download එකකුත් දැම්ම නම්, 407 MB කියන්නෙ නියම Usage එක තමයි. මට නම් පැය 2-3 ක් surf කරද්දී 200 MB ක් විතර යනවා.

    ReplyDelete
  12. @pasan
    අනිවා ඒක ඇත්ත මචන්..ලංකාවේ ISP ලා නම් අන්තිමයි

    @Anonymous
    20 October 2010 01:19
    server time/date 17 උනොත් මේ පෙන්නන Usage එක මීට වඩා සෑහෙන්ඩ වැඩි වෙන්න ඕනේ..
    හැබැයි ඕං බයක් එහෙම නෑ...

    @Saman
    එහෙනම් හොදයි ඉතින්..ස්තූති වෙන්ඩ ඕනේ ඔත්තුවට

    @Anonymous lකුම්භකරණයා
    20 October 2010 08:12
    ඒකනේ කියන්නේ මචන් මුංගේ usage meter එකත් අර water boar එකේ මිටර් වතුර නැතුව හුලං එද්දි කැරකෙනවා වගේ තම කැරකෙන්නේ

    @Isar
    407MB ගිය එකේ කිසිම අවුලක් නෑ තමා සහෝ :D
    අවුල ඊට අමතරව මම ‍connection එක ගත්ත දවසට කලින් දවසකට අදාලව වෙනමම තවත් Usage එකක් dialog මීටරේ පෙන්වීම

    ReplyDelete
  13. පාරිභොගික සේවා අධිකිරියට දන්වන්න

    ReplyDelete

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න