Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Tuesday 5 October 2010

වගකීමෙන් නිදහස් වීමේ නිවේදනය | Disclaimer
මෙහි ඇති ලිඛිතමය කොටස් අතීතයේ පැවති හෝ වර්තමානයේ පවතින කිසිදු ආගමකට හෝ දර්ශනයකට අපහාසයක් හෝ අගතියක් කිරීමේ අරමුණින් පල කර නොමැති අතර මෙය කිසිදු ආගමකට හෝ දර්ශනයක මතයක් නියෝජනය නොකරයි.මෙය100%ක්ම මාගේ පුද්ගලික මතයක් වේ. නොදක්වයි.එබැවින් මෙය හුදෙක් මාගේ පරිකල්පන විඥානය තුල ගොඩනැගී සයිබර් අවකාශයට පැමැණියේයැයි සැලකීම වරදක් නොවේ.එසේම මෙම ලිපිය තුල ඉදිරියේදි මා විසින් අපොහනය කර ඇති සංස්කෘතිය ගොඩනැගීම හා සම්බන්ධ තර්කය හා සමීකරණය මාගේ පුද්ගලික මතය පදනම් කරගෙන ඉදිරිපත් කර ඇති අතර කිසිදු විද්‍යාත්මක පරීක්ෂණයකියන් හෝ විද්‍යාත්මක ක්‍රමයට අනුකූල ක්‍රමයකින් එය ඔප්පු කර නොමැත.එබැවින් එහි නිවැරදි හෝ වැරදි බව ඍජුව ප්‍රකාශකල නොහැකි මුත් එය 100%ක් නිවැරදි යැයි මා විසින් පුර්වනිගමනයකට පැමිණ මෙම ලිපිය සකස්කොට ඇත.කෙසේ වෙතත් එම සමීකරණය සතු පුර්ණ අයීතීන් මා සතු වන අතර එය මාගේ පුද්ගලික බුද්ධිමට දේපලක් ලෙස සැලකිය හැක.නමුත් ඒ පිලිබද ඔබේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරයි.
Copyright © Lahiru Udayanga.[2010] ®



මාතෘකාව වෙත පිවිසීමට ප්‍රථම ඡේද (paragraph) කිහිපයක් වැය කොට ලිපියට පුර්විකාවක් (preface) සදහන් කිරීම වඩාත් සදුසු යැයි හැගේ.එබැවින් ඉදිරීයේදි අප මෘතෘකට පිවිසෙන විට ඒ බව දක්වා ඇත.යමෙකුට අවශ්‍ය නම් පුර්විකාව මගහැර මාතෘකාව සාකාච්චා කෙරෙන කොටසට ඍජුව පිවිසුණද කම් නැත.නමුත් පුර්විකාව මුලින් කියවා සිටින ලෙස මම යොජනා කිරීමට වඩාත් කැමැත්තෙමි.

images
මිනිසා යනු හුදකලාව වෙසන ජිවි කොටිඨාෂයක් නොවන බව අපි සැවොම දනිමු.මානව පරිණාමයේ (evolution of humans) මුල් යුගයේ සිටම මිනිසා කණ්ඩායම් වශයෙන් ජීවත් වූ බවට පරිණාම වාදය තුලින් නොමද සාක්ෂි ගෙන හැර දැක්විය හැක.යමෙක් මානව පරිණාම වාදය පිළිනොගන්නේ ගැටළුවක් නැත,ඔහුටද මිනිසා සිය ආරම්භක යුගයේ පටන් කණ්ඩායම් වශයෙන් ජීවත් වූ බවට සාක්ෂි ස්වකීය ආගමික පිලිගැනීම් වලට යටත්ව ඉතිහාසය තුලින් සොයාගත හැක. (ලිපියේ අරමුණ මානව ඉතිහසය හෝ පරිණාමවාදය ගැන කතිකාවතකට අවතිරණ වීම නොවන බැවින්  මානවයාගේ  ක්‍රමික විකාශනට ආදාල විද්‍යාත්මික පසුබිම මෙහිදි නොසලකා හැර ඇති අතර එම විද්‍යාත්මක පසුබිම ගැන දැනගැනීමට මෙම සබැදිය (‍follow this link to scientific basis) තුලින් පිවිසෙන්න)කෙසේ නමුත් මෙම ලිපිය තුල ඉදිරියේදි ලොව ආගම් බිහිවිමට (හෝ මැවිමට) පෙර මානවයා බිහිවි (හෝ මවා) ඇතැයි උපකල්පනය කර ඇති අතර ආගම සහ මානවයා එකම අවස්ථාවක ලොව බිහිවූයේ යැයි (හෝ මවන ලද්දේයැයි) යන මතය බැහැර කර ඇත.


මෙසේ අතීතයේ සිට කණ්ඩායම් වශයෙන් ජීවත් වූ මානවයා සිය ආරක්ෂාව සහ අඛන්ඩ පැවැත්ම උදෙසා විවිධාකාර වු රීතීන් (rules) අනුගමනය කර ඇත.බොහෝ විට මෙම රිති ගොඩනංවාගෙන ඇත්තේ සිය අත්දැකීම් තුලින් බව නිගමනය කල හැක.උදාහරණයක් ලෙස අතීතයේ සිටි ආදීවාසි ජනයා දඩයම් කිරිම වැනි දෑ සදහා වනය තුල සැරීසැරීමේදි සිය කාණ්ඩායමේ පිරිසට වැඩිම අනතුරු සංඛ්‍යාවකට මුහුණ දිමට සිදුවූ පෙදෙස් යකුන්ට අයිති පෙදෙස් (මෙම අනතුරු ස්වාභාවික හේතු හෝ යකුන් නම් අදෘශ්‍යමාන බලවේග මගින් සිදුකරනු ලැබවීම හෝ වෙනත් හේතු නිසා හෝ සිදුවි ඇතැයි උපකල්පනය කොට ඇති අතර ඊට හේතු සෙවීම මෙහිදි අපේක්ෂා නොකෙරේ) ලෙස නම් කොට නැවත නැවතත් එම පෙදෙස් වලට නොයෑමට ඔවුන් ඔවුන් වෙතටම රීතියක් පනවාගනු ලැබීමෙන් නැවත නැවත එම පෙදෙස් වෙත යෑමෙන් සිදුවිය හැකි හානී වලි බේරි සිටියේය.තමන්ට වැඩිවශයෙන් දඩයම් ලැබුණ හෝ වාසි සිදුවූ පෙදෙස් දෙවියන්ගේ අඩවි ලෙසත් ඔවුහු නම් කර ගත්තෝය.එසේම එම පෙදෙස් වෙත යම් ජූජනීයත්වයක් හෝ යම් බලයක් (creed)  ඇති  බව ස්වකීය චින්තනය තුලින් ආරොපණය කොට විවිධ ආකරයේ පුද පූජා යාග හෝම(obeisance) ආදිය කොට එම ස්ථාන වෙත ඔවුන්ගේ (faith) භක්තිය දැක්වීය.

 

BK068014

මෙසේ මානව ප්‍රජාව ක්‍රමිකව විකාශනය වෙත්ම ඔවුන් සතු වූ ජීවන අත්දැකීම් (Experiences via facing threat)  ප්‍රමාණයද වැඩිවිය.ඊට සාපේක්ෂව  ඔවුන් පනවාගත් රීති (rules) ප්‍රමානයද සංඛ්‍යාත්මකව  වැඩි වූ අතර එයට අනුරූපව විවිධ ආකරයේ පුද පූජා යාග හෝම(obeisance) ආදියද වැඩිවිය.පසුකාලීනව ඹවුන් ඹවුන් වෙත පුද්ගලිකව හෝ කුඩා කණ්ඩායම් වශයෙන් පනවාගෙන තිබූ රීතින් (rules) පොදු රීති මාලාවක්  ලෙස (precept) ලෙස කාලයට අනුරූප ලෙස සංවර්ධනය වෙමින් වෙනස් වූ අතර විවිධ ආකරයේ පුද පූජා යාග හෝම(obeisance) ආදීය මූලික ගණයේ ආගමක් (basic religion) (මෙම මූලික ආගමක් යන්න වර්තමානයේ පවතින විවිධ සංකීරණ ආගමක් ලෙස වටහා නොගත යුතු අතර මෙහිදී මුලික ආගමක් යන්නෙන් අදහස් කෙරෙනුයේ ඉපැරණි මානවයා තුල වූ නොපෙනෙන අදෘශමාන හා භෞතික දේ මගින් පිහිට හා ආරක්ෂාව පැතීමේ ගුණාංගය පදනම් කොටගෙන බිහිවූ ඇදහිලි හා විශ්වාස පද්ධතියක්ය)ලෙස සංවර්ධනය විය.කාලයත් සමග අද දක්වා මෙම රීති මාලාව (precept) විවිධ අදියර පසුකරමින් විවිධ වූ හැල හැප්පීම් වලට මුහූණ දෙමින් සංවර්ධනය වු අතර මූලික ගණයේ ආගමක් (basic religion) ලෙස සංවර්ධනය වු අතර ලොව විවිධ යුගයන්හි පහල වූ විවිධ ආගම් මගින් මෙම පොදු රීති මාලාව පෝෂණය වීම තුලින් අද පවතින විවිධ වර්තමාන ආගම් (well grown religion) ලෙස සංවර්ධනය විය.(Buddhism, Christian etc) (ඉහත දැක්වූ රිති මාලාව හෝ ආගමික ඇදහිලි සංවර්ධනය වෙමින් පෝෂණය වූ ආකාරය පියවරින් පියවර ගෙනහැර දැක්වීම මෙම ලිපියේ අරමුණ නොවේ)

ලිපියේ මාතෘකාවට සත්‍යවශයෙන්ම අප පිවිමසන්නේ දැන්ය.මුලින්ම ලිපියේ මාතෘකාවේ මුල් කොටස වු සංස්කෘතියනු කුමක්ද,එය කෙසේ ගොඩනැගේද යන්න විමසා බලමු.

 ඉහත පුර්විකාවේ දැක්වූ පොදු රීති මාලාවන්(precept) හා විවිධ වර්තමාන වර්තමාන ආගම් (well grown religion) වලින් අවම වශයෙන් එක  බැගින් හෝ ඊට වැඩි අනුපාත වලින් (එනම් පොදු රීති මාලා (precept) කුලකයෙන් අවම වශයෙන් එකක් හා වර්තමාන ආගම් (well grown religion) කුලකයෙන් අවම වශයෙන් එකක් බැගින් ලෙස) එකතු වූ විට එකතු වු අගම් හා පොදු රීති මාලාවන්ගේ ගුණාංග රැගත් සංස්කෘතියක් ගොඩනැගේ.එසේම යම් නව සංස්තෘතියක් බිහිවීම උදෙසා දායක වන පොදු රීති මාලාව වෙත විවිධ ආගම් වලින් වන බලපෑම එම සංස්කෘතිය සදහා එම ආගම එකතු වී ඇති අනුපාතයට අනුලෝමව සාමානුපාතික වේ.පොදු රීතිමාලවන් එකතු වී ඇති අනුපාතයන් විචලනය වන්නේ අනෙකුත් සමාජීය අවශ්‍යතා වලට ගැලපෙන පරිදි ය.
  
BK018283 උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ වැසීන් තුල වූ පොදු රීති මාලාවත් විශාල වශයෙන් බෞද්ධ ආගමත් ඉතාම ස්වල්ප වශයෙන් ශිව ආගමත් එකතුවීමෙන් ශ්‍රි ලාංකීය සිංහල සංස්කෘතිය බිහිවිඇත.එනම් බෞද්ධ ආගම ඉතා ප්‍රබල ලෙස ලංකාවේ වැසීන් තුල වූ පොදු රීති මාලාවට බලපෑමෙන් සිංහල සංස්කෘතිය බිහිවී ඇත

 

 



P088එසේම ශ්‍රී ලංකාවේ වැසීන් තුල වූ පොදු රීති මාලාවත් විශාල වශයෙන් ක්‍රිස්තියානි ආගමත් ස්වල්ප වශයෙන් බෞද්ධ ආගමත් එකතුවීමෙන් ශ්‍රි ලාංකීය ක්‍රිස්තියානි සංස්කෘතිය බිහිවිඇත.එනම් ක්‍රිස්තියානි ආගම ඉතා ප්‍රබල ලෙස ලංකාවේ වැසීන් තුල වූ පොදු රීති මාලාවට බලපෑමෙන් ක්‍රිස්තියානි සංස්කෘතිය  බිහිවී ඇත.

 

 

 වර්තමාන ලෝකය තුල මෙවැනි සංස්කෘතීන් හා ඒවායේ උප සංසකෘතීන් විශාල ගණනක් පවතී.


සංස්තෘතිය යනු පොදු රීති මාලාවන්(precepts) හා ආගම්(religions) යම් අනුපාතයන්ගෙන් මිශ්‍රවීමෙන් සැදෙනක් බව මා විසින් ඉහත දැක්වු අර්ථදැක්වීම වඩාත් පැහැදිලිවීමට පහත උදාහරණය සලකමු.
 
T යනු ඕනෑම සංස්කෘතියක් නම් හා  A1,A2,A3,…..A(n-2),A(n-1),An ලෙස වු  ආගම්  n ගණනක් හා එම ආගම් වල බලපෑම හෙවත් එකතු විමේ අනුපාතයන් වන p,q,r,s,t,u,…අනුපාතයන්ගෙන් එකතුවීමෙන් හා  B1,B2,B3,…..,B(m-2),B(m-1),Bm ‍‍‍‍ලෙස වූ  පොදු රීති මාලාවන් m ගණනක් හා එම පොදු රීති මාලාවන්  එකතු විමේ අනුපාතයන් වන a,b,c,d,e,f,…. අනුපාතයන්ට එකතු වීම මගින්  ගොඩනැගී ඇතැයි සලකමු.


Einstien_amp_amp_amp_amp
a,b,c,d,e,f,….යනු ධන සංඛ්‍යා කුලකයේ සංඛ්‍යා m ගණනක් හා p,q,r,s,t,u,…යනු ධන සංඛ්‍යා කුලකයේ සංඛ්‍යා n ගණනක් හා n හා m යනු ධන පුර්ණ සංඛ්‍යා කුලකයේ අවයව වන විට මා විසින් ඉහත දැක්වු අර්ථදැක්වීට යටත් සම්බන්ධයට අනුව 
T={[pA1+qA2+rA3+…+sA(n-2)+tA(n-1)+uAn]+[aB1+bB2+cB3+…+dB(n-2)+eB(n-1)+fBn)]} වේ.

මෙහි [pA1+qA2+rA3+…+sA(n-2)+tA(n-1)+uAn]=Y ලෙස හා [aB1+bB2+cB3+…+dB(n-2)+eB(n-1)+fBn)]=X ලෙස සැලකු විට  ඉහත T ලෙස දැක්වු සමීකරණයම වඩාත් සරලව T=X+Y ලෙස දැක්විය හැකිය. මෙහි X හා Yයනු ධන සංඛ්‍යා කුලකයේ සංඛ්‍යා දෙකකි.

නමුත් T නම් සංස්කෘතිය ‍ගොඩනැගිමට දායක වී ඇති ආගම් වර්ධිත ආගම්(well grown religion) බැවින් එම ආගම් වල ආගමික දර්ශනයන් හා මතිමතාන්තර සහ එම ආගම් මගින් අදාල සංස්කෘතිය කෙරෙහිවන බලපෑම හෙවත් ආගම සංස්කෘතිය තුලට එකතුවීමේ අනුපාතයන් නියතයැයි උපකල්පනය කරනවිට  [pA1+qA2+rA3+…+sA(n-2)+tA(n-1)+uAn]=Y=නියතයක් වේ. (ලෝකයේ පවතින බොහොමයක් ප්‍රබල යැයි සම්මත ආගම්(well grown religion) වල කාලයත් සමග යම් වෙනස් වීම සිදු වුවද ආගමේ මුලික හරයේ වෙනස් වීම ඉතාමත් කුඩා බැවින් හා එම ආගම මගින් සිය අනුගාමිකයන් කෙරෙහි දක්වන ආකල්පයේ වෙනස් වීම ඉතා කුඩා බැවින් මෙ‍ම වෙනස නොසලකා හැර ඇත.)

නමුත් T නම් සංස්කෘතිය ‍ගොඩනැගිමට දායක වී ඇති පොදු රීති පද්ධති කාලයට අනුරූප ලෙස සංවර්ධනය වෙමින් වෙනස් වන බව පුර්විකාව තුල අවසන් ඡේදය තුල සදහන් කලේය.එසේම මෙම පොදු රීතීන් එකතු විමේ අනුපාතය අනෙකුත් සමාජීය අවශ්‍යතා වලට ගැලපෙන පරිදි වෙනස් වන බවද ඉහත සදහන් විය.එමනිසා යම් පොදු රීතියක් සලකන විට එම රීතිය හා එම රීතිය සංස්කෘතියට එකතු වීමේ අනුපාතය වෙනස් එකින් එකට වෙනස් හා ස්වායත්ත සාධක මත බැවින් එම රීතිය හා එම රීතිය සංස්කෘතියට එකතු වීමේ අනුපාතය අතර අතර සාමානුපාතික සම්බන්ධයක් ඇතවීමට ඇති හැකියාව ඉතා විරල බැවින් එසේ සාමානුපාතික සම්බන්ධයක් ඇති වන්නේ කිසිවිටක ඇතිනොවේ යැයි උපකල්පනය කිරීම සාධාරණය.එවිට එකින් එකට වෙනස් යුග දෙකක් සදහා [aB1+bB2+cB3+…+dB(n-2)+eB(n-1)+fBn)]=X සම්බන්ධය මගින් ලැබෙන අග‍යන් කිසිවිටකත් සමාන විය නොහැක.එනම් X කාලය සමග ධනව වෙනස්වන අගයකි.
දැන් ඉහත T නම් සංස්කෘතියක් සදහා වු සමීකරණය T=X+K ලෙස දැක්විය හැක.(‍‍මෙහි K යනු සෑමවිටම ධනව පවතින නියතයක් වන අතර Xයනු ධන සංඛ්‍යා කුලකයේ සංඛ්‍යාවකි)


දැන් ලිපියේ මාතෘකාවේ දෙවන කොටස වු යල් පැන ගිය සංස්කෘතියෙන් වන බාධාවකොටසේ දැක්වෙනයල් පැන ගිය සංස්කෘතිය යනු කුමක්ද,එයින් ඇතිවන බාධාව කුමක්ද යන්න විමසා බලමු.
අප ඉහතදී ඕනෑම T සංස්කෘතියක් සදහා සදහා අපෝහනය කරන ලද T=X+K සම්බන්ධය නැවත සලකමු.සලකන T සංස්කෘතිය උදෙසා කාලය සමග K නියතව පැවතුනද X ‍කාලයේ ශ්‍රිතයක් බැවින් එනම් කාලය සමග වෙනස් වන බැවින් නියත වශයෙන්ම T වෙනස් විය යුතුය.එනම් කාලයෙන් කාලයට සංස්කෘතිය වෙනස් විය යුතුමය.ඒ අනුව අප නිරන්තරයෙන්ම අපගේ සංස්කෘති‍ය අලුත් කරගත යුතුය,යාවත්කාලීන කරගත යුතුය.එනම් අපේ සංස්කෘතිය real time update විය යුතුය.සංස්සකෘතිය අලුත් වීම යනු අපගේ  සභ්‍යයත්වය හා අපගේ අපගේ සංස්කෘතියට අනන්‍ය වූ වටිනාකම් බල්ලට දමා බටහිරට ආවැඩීම හෙවත් සුද්දට කඩේ යාම නොවන බව අප වටහාගත යුතුය.මක් නිසාද යත් බටහිර සංස්කෘතිය ගොඩනැගීමට අදාල වු සුද්දාගේ පොදු රීති මාලාව ලාංකික අපේ සංස්කෘතියේ සාධකටක් නොවන බැවින්ය.අප අපට අනන්‍ය වූ සංස්කෘතියක් ගොඩනැගුවේ සුද්දා වැද්දා සිටි කාලයේ බව අමතක නොකල යුත්තකි.කෙසේ නමුත් අවසනාවකට ශ්‍රී ලාංකික අපේ විඥ්ඥානයන් තුලට කවුරුන් කොතනකදී හෝ සංස්කෘතිය අලුත් කරගැනීම වරදක් ලෙස ඇතුල් කර ඇත.ඒ නිසා අප අද ජීවත්වන්නේ යල් පැනගිය හද්ද පරණ සංස්කෘතික රාමුවක් තුලය.මේ තත්වය නාගරාසන්නව දක්නට නොලැබුනත් ගම්බදට ගිය විට මනාව පෙනේ.නගාරාසන්නවා සංස්කෘතිය අලුත් වී ඇතැයි එයින් අදහස් නොවන බව තේරුම් ගත යුතුය.නගරාසන්නව තරමක් දුරට පමණක් සංස්තෘතිව අලුත් වී ඇති බව මමද පිළිගනිමි.එහෙත් එහි අතුරුපලයක් ලෙස නගරයත් ගමත් අතර කාලාපය හෙවත් අර්ධ නාගරික කලාපයේ සංස්කෘතිය අච්චාරු වී ඇත.අර්ධ නාගරික කලාපයේ ජිවත්වන්නවුන් ගෙන් බහුතරයක් කෙලින්නේ පිස්සුය.උන් සිතන්නේ පරිගණයයක් යනු කුණුහරප පෙන්වීමට නිපදවා ඇති මැසිමක් ලෙසය.3G mobiles යනු උන්ට කුණුහරප අඩවි (porn_site) නැරඹිමට මෙවලමකි.ඉන් එහා දෙයක් උන්ට පෙනෙන්නේ නැත.කෙල්ලෙක් යනු අසහනය හොදකරගැනීමට යොද ගන්නා දෙයක් පමණය.උන් ආදරය කියනුයේ රාගයටය.උන්ට සියල්ල හොල්මන් වී ඇත.මේ යල් පැන ගිය සංස්කෘතියක් කරපින්නාගෙන යෑමෙන් අර්ධ නාගරිකයන්ට ලැබෙන අතුරුඵලය.ආකල්පමය සංවර්ධනයක් හා නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබා දීමට වැඩපිලිවලක් නොමැතිව ලංකාවේ porn_site ban කර adults movie ban කර එහෙම නැත්නම් 3G mobiles 18 අඩු උන්ට තහනම් කර  මේ යල් පැනගිය සංස්කෘතියෙන් වන හානිය වැලකීම තැත් කීරීම අතීසාරෙට අමුඩේ ගසාගැනීමට දෙවැනි නැත.නාගරික හා ගම්බද තත්වය මෙච්චරම භායානක නැති වුවත් භායානකය!..උදාහරණයක් ලෙස පහත අවස්ථාව සලකන්න.කාන්තාවන්ට කියා විශේෂයෙන් සැලසුම් කර නොමැති racing type එකට හදපු motor bike පදින කාන්තාවක් දැකීම නගරයකදී දුලබ දසුනක් නොවේ.එය වරදක් ලෙස මා දකින්නේ නැත.නමුත් ගමෙන් නගරයට පැමිණි පුද්ගලයෙක් හා මෙවැනි කාන්තාවක් සමග විවාහ වූයේ යැයි මොහොතකට සිතන්න.දැන් අලුත් ජෝඩුවට ගමට ගොස් ජිවත්වන විට ගම්මුන්ට racing type එකට හදපු motor bike පදින කාන්තාවක් දැකීම  මැජික්ය.මේ කාන්තාවගේ හැදියාව පිළිබද ඔවුන්ට ඇතිවන්නේ හෙනම අවුලක්ය.ගමේ මිනිහා වු මේ කාන්තාවගේ සැමියා ඉවරෙටම ඉවරය.කැලෑපත්තර කටකථා බෙදෙන්නේ email වලටත් වේගෙන්ය.දැන් එක්කෝ ජෝඩුව ගම් බිම් දමා යා යුතුය.නැත්නම් අද ගොලු බිහිරන් ලෙස ජිවත්විය යුතුය.අප පරිසරයේ මෙවැනි සිද්ධි දුලබ නොවේ.මේ යල් පැන ගිය සංස්කෘතියෙන් වන බාධාය.සමාජ ප්‍රගමනය‍ට ඇති වන බාධකය.

දැන් ලිපියේ මාතෘකාවේ අවසන් කොටස වු පවතින සංස්කෘතිය ඉක්මවීම තුලින් පුද්ගල සංවර්ධනයයනු කුමක්දයන්න විමසා බලමු.නැණවත් විප්ලවීය අදහස් වලින් හෙබ් මනසකින් යුතු පුද්ගලයන් පවත්නා සමකාලීන සංස්කෘතියේ සමාජ වටිනාකම් වල දුබලතා දකී.ඊට අභියෝග කරයි.සමාජයේ අන් අයට වඩා වෙනස් දර්ශනයකින් යුක්තව ඇතිව ජීවත් වෙයි.මුලදී සමාජායේ සෙසු පුදගලයන් ඔහුව විවේචනය කරමින් ගරහයි.කාලයත් සමග සෙසු සමාජය ඉදිරියට යත්ම ඔහුට ගැරහු පුද්ගලයන්ම ඔහුගේ නව අදහස් වල වටීනාම තේරුම් ගනී.අවසානයේදී එය බහුතර මතය බවට පත්වේ.එත් සමගම ඔහුගේ නවමු අදහස් වලින් හෙබි හරපද්ධතීන් සමාජයේ මුල්බැසගනී. උදාහරණයක් ලෙස ඔබ ඔබේ ආගම තුල දැක්වෙන නිසාම ලොව දෙවියන් මැව්වා යයි සිතීම කොතරම් දුරට තාර්තිකද කියා.ලොව බොහොමයක් විද්‍යාත්මක සොයාගැනීම් සිදුකර ඇත්තේ දේව නිර්මාණවාදය පවතින රටවල නිර්මාණවාදි සමාජ වලට අයත් පුද්ගලයන්ය.එහෙත් ඔවුහු දෙවියන් අභියෝගයට ලක්කර ඇත.මිනිසාව නිරිමාණය කරනුලැබුවේ දෙවියන්නම් කෘතිමව ක්ලෝනිකරණයෙන් බිහිවන දරුවන් නිර්මාණය කරණු ලබන විද්‍යාඥ්ඥයන් වෙත නිතර්කයෙන්ම දේවත්වයක් ආරෝපණය නොවේ යැයි කිව හැකිද? පෘථෘවිය මැව්වේ දෙවියන්නම් දෙවියන් හා ස්වර්ගය මැව්වේ කව්දැයි තර්ත කරනු ලැබු විද්‍යාඥ්ඥයනගේ අපිරිමිත උත්සහය නිසා මිනිසා සද මත පා තැබීය.ලොව දෙවියන්නම් ‍රෝගකාරක මැව්වේද දෙවියන් විය යුතුයැයි සිතා දෙවියන් නොසලකා හැරි විද්‍යාඥ්ඥයනගේ අපිරිමිත උත්සහය නිසා දහස්ගණනක් රෝග සදහා ඖෂධ සොයාගත්තේය.දෙවියන් මැවු රෝගකාරක ජයගත් බැවින් ඔවුන් දෙවියන් ඉක්මවා ගියේ යැයි සිතීම අසාධාරණයැයි නොසිතම්.මක් නිසාද යත් මෙවැනි විශිෂ්ඨ සොයාගැනිම් කල ව්ද්වතුන් දේව නිර්මාණවාදි මතයන් මුල් බැස ගත් සමාජතුල උපන්නන් වීම නිසාය.එබැවින් යමක් පිලිබදව සංස්කෘතිය මගින් වන බධාව  නොසලාකා හැර සිතන විට නිදහස් චින්තනයක් බිහිවී ඇති බව මනාව පෙනේ.එසේ සිතූ පුද්ගලයින් ලොව ජයගෙන ද ඇත.

මෙය සෑම කාලයකම නොකඩවා සිදුවේ.එම නිසා පවතින සංස්කෘතිය ඉක්මවා යාම යනු එක්තරා ආකාරයකට කාලයට ඉදිරියෙන් සිටීම ලෙසද හැදින්විය හැක.ඒ පවතින සංස්කෘතිය ඉක්මවා යන පුද්ගලයෙකුගේ ‍පෞද්ගලික සංස්කෘතිය නියත වශයෙන්ම ඔහුගේ සමකාලීන සංස්කෘතියට වඩා අනාගත සංස්කෘතියට සමීප වන බැවිනි.උදහාරණයක් ලෙස ලෝකය නව මගකට යොමු කල දාර්ශනිකයෙක් වු සොක්‍රටීස් ගේ අදහස් වලට සමකාලීන සමාජය එකගවූයේ නැත.ඔහුගේ ජීවිතය නැතිකිරීමට තරම් සැහැසි විය.එහෙත් අද ඔහුට එරෙහිවූවන්ම ඔහුගේ අදහස්වලට මහත් සේ ගරුකරයි.එනම් සැබැවින්ම කාලයට ඉදිරියෙන් සිට ඇත.ඔහුගේ පුද්ගලික සංස්කෘතිය සමකාලීන සංස්කෘතිය ඉක්මවා ගොස් තිබී ඇත.ප්ලූටෝ,අරිස්ටෝටල් වැන්නවුන් ගැනද එසේමය.ඇල්බට් අයින්ස්ටයින් නැමැති මහා විද්වතාද පවතින සංස්කෘතිය ඉක්මවා ගිය අයෙක්විය.ඔහු එකල සංස්කෘතිය තුල පිළිගත් ප්‍රබල මත අභියෝගයට ලක්කලේය.අද අපි සියල්ලෝම ඔහු විසින් ඉදිරිපත් කල මතයන් යොදා ගනී.මෙවැනි සමකාලීන සංස්කෘතිය ඉක්මවා ගොස් ජීවිතය ජයගත් පුද්ගලයෝ අප අතීතයේ ජීවත් විය.වර්තමානයේද ජිවත් වෙති.අනාගතයෙත් ජිවත් වනු ඇත.අද සංස්කෘතිය ඉක්මවා යන ඔබ අනාගතයේ ජීවත්වන යුග පුරුෂයන්ගෙන් කෙනෙකු වීම අරමුණ කරගත්තෙකු වීම නොවැලැක්විය හැකිය.


LiveJournal Tags: ,,

 

 




 


 


 


8 comments :

  1. Most of the modern day cultures have some religious background; if you have been to Middle East you can see this very clearly. Compared to those Middle Eastern countries we are in a much better place, but are we moving forward?

    And most importantly "moving forward" does not mean that we have to force everyone to change their way of living.

    Culture is a personal matter; as long as your culture does not affect the others in a harmful way you are free to do whatever you like, dress the way you like, watch movies as you like, etc...

    I would like to highlight a paragraph from Sri Lanka’s current constitution

    "the freedom by himself or in association with others to enjoy and promote his own culture and to use his own language"

    Chapter 3 - Article 14 (1) (F) of the 1978 Constitution
    Source - http://www.priu.gov.lk/Cons/1978Constitution/Chapter_03_Amd.htm

    But can we live the way we like? Especially for women who want to be a little "westernized" there are lots of cultural barriers. These barriers are coming from the people who don't be westernized or hates west. Well if you don't want be westernized then don't be, but don't complaint the people who wants to be saying they are destroying the culture and so on.

    It's all about having the freedom to choose how you want to live.

    We have slightly touched this topic in "Secular Sri Lanka" ( www.secularsrilanka.com )
    Check the SSL discussion forum for more topics ( http://forum.secularsrilanka.com/ )

    ReplyDelete
  2. @Secular Sri Lanka
    As u described, you & me on the same place in this topic. Because I’m also want to say, “Every one has the freedom to live as they wish without harming to others” Anyone never should criticize other’s culture. To fulfill this spiritual developing process every one should come to one main culture, which contains all other independent cultures. As example, we are the one nation, but that one nation contains many local parentages.

    ReplyDelete
  3. මෙවන් බ්ලොගයක් දැකීම ඉතා සතුටට කරුනකි. Keep up the good work Lahiru and if you have time, please visit us in Secular Sri Lanka web site and also let us know if you are OK in syndicating whole or part of this blog post in Secular Sri Lanka discussion board found here -> http://www.secularsrilanka.com/discussions (you can mail to admin@secularsrilanka.com and let us know this)

    ReplyDelete
  4. @Ritigala Jayasena
    It's okay to syndicating whole or part (if you can when syndicating part provides a link to whole post) on your site (www.secularsrilanka.com). AnyhowYou can copy, syndicate or publish elsewhere as you wish. No matter with that. I read your site few times, but I couldn’t find any link to set the syndicating settings self. So please be kind enough to make required settings as need as your site. However please do not edit any post as change its basic essence.

    ReplyDelete
  5. @Lahiru
    You might not be able to syndicate the site, but you should be able to do that with our blog ( http://blog.secularsrilanka.com ) and with Twitter ( http://twitter.com/SecularSL ) etc...

    ReplyDelete
  6. Re-published at http://www.secularsrilanka.com/discussions/lahiru-udayanga/go-beyond-the-status-quo

    ReplyDelete
  7. අමුතු විදිහට හිතන කෙනෙක් වගේ මම සේව් කරගත්තා කියවලා බලලා ආයි කමෙන්ට් කරන්නම්

    ReplyDelete
  8. @dedunu
    මේ පැත්තට පෑව්වට ස්තූතියි....‍දේදුනු...නෑ..නෑ..දේදුනුවා..
    :D

    ReplyDelete

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න