Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Saturday 2 October 2010

මගේ හිතට අල්ලපු වීශ්වාසදායක,අපේ blogs වලට Ads දෙන විශ්වාසවන්ත වෙබ් අඩව් කිහිපයක් ගැන ලියන්න හිතුනා අද උදෙ ඉදන්ම මගෙ Blog එකට ads ටිකක් දාගන්න කට්ටක් කෑව නීසා සහ අලුතින් blog එකට ads publish කරන්න  හිතන් ඉන්න අයට පහසුවක් වෙන්න. ආ..මුලින්ම කියන්න ඕනේ අපිට ads දෙන සහ ඒවට මුදල් ගෙවන බොහොමයක් වෙබ් අඩව් top level domain names (උදා-www.yourname.com වගේ) වලට විශේෂ සැලකීමක් දක්වනවා..එත් ටිකක් try කලොත් top level domain names නැති වෙබ් අඩවියකට උනත් දැන්වීම් ගෙන්න ගන්න පුලුවන්.

මේ දවස් වල ඉතින් හුගක් අය අන්තර්ජාලෙන් සල්ලි  හොයන්න විවිධ ක්‍රම (ad Publishing,Ad clicking etc) භාවිතා කරනවනේ.මමත් කලින් google adsence ඉල්ලා ලැබුනේ නැති නිසා කාලයක් Geegain ads දාගන හිටියා උනත් Geegain ads load විමේදි සැලකිය යුතුකාලයක් ගත උන නිසා ඒවා අයින් කරලා දැම්මා.ලසිදු නදීශාන් සොයුරා ලියන SL blogs අඩවියේ පලවුන Google Adsense වෙනුවට කියන ලිපිය දැක්කම ඉතින් මටත් හිතුනා අයෙත් මේක ටිකක් try කරලා බලන්න..අර කවුද මනුසෙයකුත් කියලා තිබුනනේ Try and try, one day you can fly” කියලා..:D ඉතින් ඕං මාත් blog එකේ ඇදුම එහෙම අලුත් කරලා බැස්සා ගේම‍ට.

මුලින්ම ඉතින් හැමෝම හොදයි කියන infolinks.com අඩවියේ register උනා..ඒත් ඒක තාම active උනේ නෑ.ව්‍යාපාරික දින (Business days ) 2ක් ඇතුලත Active කරනවා කියලා තිබ්බේ.ඊ‍ට පස්සේ ගියා adbrite.com අඩවියට.මේකේ වැඩි කරදරයක් නැතුව register උන ගමන්ම වගේ account එකත් active උනා.මුලින්ම මේකේ ads ටික දැම්මා මේ blog එකකට.අවුලක් නැතුව Script එක වැඩකරා උනත් add පෙනුනේ නෑ.Advertise on this site කියලා වැටිලා තිබුනේ මේ විදියට.

 1

ඒපාර මම කලින් හදපු adbrite acconut එකේ ඉදන්ම පරීක්ෂණ මට්ටමේ තිබුන මගේ  English blog එකටත් adbrite ads දැම්මා. දැම්මා විතරයි Google ගෙන් Email එකක් අවා “Unusual behavior detected…….Your URL is no longer valid”ඒ පාර ටක් ගලා ඒ blog එකට අදාල blogger account එකට log වෙලා බලද්දි තිබුනා blog එක restore කරන්න link එකක්.ඒක follow කරගෙන ගිහින් අන්තිමට SMS verification එකකුත් කරලාත් active වෙලා තිබුනේ නැ.ඒත් ඒ වෙනුවට massage එකක් තිබුනා Restore request එක ලැබුනා,Restore කිරීම ගැන දින කිහිපයක් ඇතුලත සලකා බලනවා කියලා.එෙක් Blog එක disable කිරීමට හේතුව ලෙස දාලා තිබ්බබේ Spam Blogging කියලා..මොනාකරන්නද ඉතින් නඩුත් හාමුදුරැවන්ගේ,බඩුත් හාමුදුරැවනගේ වගේ case එකක් නිසා දැන් ඉතින් ඉවසීමෙන් බලන් ඉන්නවා restore වෙනකම්.වාසනාවට වගේ මේ blog එකටනම් කෙල උනේ නෑ.නැත්නම් Sorry.com තමා.

මොනවා උනත් කොල්ලා ගේම ඇතැරියේ නෑ..ඊළගට ගියා Kontera.com එකට.ගිහින් මේකෙත් Sign up වෙලා account එකක් එහෙම හදාගෙන ads ‍‍ගෙන්න ගැනීමට දුන්න Script එකත් blog එකට දාලා බලාගෙන ඉන්නවා දැං වෙනකම්.තාමනම් ads ආවේ නෑ.මේකෙන් ads දෙන්නේ blog එකේ  අන්තර්ගතය අනුව නිසා සමහරවිට තාම මගේ blog එකෙන් ads එවීමට සුදුසු key word එකක් මේකට හම්බුනේ නැද්ද දන්නේ නෑ..කොකටත් ඒක ගැන තාම ඉවසීමෙන් බලන් ඉන්නවා තාම.

ඊට පස්සේ ගියා Clicksor වෙබ් අඩවියට..ගිහින් මේකෙත් account එකක් හදලා Script එක දැම්මා එකට..අපරාදේ කියන්න බෑ දැම්ම ගමන් බඩු වැඩ..උදේ ඉදන් කෙලවගෙන ඉදලා එපා වෙලා හිටිය මට ඒ පාර පට්ට ආතල්.. හැබැයි මේකෙන් ads දෙන්නෙත් blog එකේ  අන්තර්ගතය අනුව.මේ site එක බොහොදෙනෙක් විශ්වාසෙන් භාවිතා කරන එකක්.ඒ හන්ද බය නැතුව භාවිතා කරන්න පුලුවන්.කාට හරි මේ site එකෙන් Ads ගෙන්න ගන්න ඕනේ නම් පහල තියන Banner Link එකෙන් ගිහින් Register වෙන්න.

 

ඊටත් පස්සේ ගියා Bidvertiser අඩවියට..‍ගිහින් මේකෙත් sign Up වෙලා account එකක් හැදුවා.හදලා script එක එහෙම blog එකට දැම්මා.මේ සයිට් එකේ තියන විශේෂම දේ තමා සිංහල භාෂවෙන් ඇති අඩව් (Sinhala Unicode or Sinhala Fonts මගින් සකස් කරනු ලබන) Register කරන විට blog language එක ලෙස සිංහල (Sinhalese) භාෂාවම ලබා දීමට හැකිමීම.හැබැයි මේකෙන් අපිට ads එවන්න පටන්ගන්නේ ඒගොල්ලොන් site එකේ සාමාජිකයෙක් විසින් අවේ blog එක review කලාට පස්සේ ඒ හන්දා තාම ads නම් ආවේ නෑ.නමුත් දැනට දැනුට අන්තර්ජාල දැන්වීම් කරනයේ ඉදිරියෙන්ම ඉන්න Google Adsense පවා ලබා නොදෙන සිංහල භාෂා පහසුකම ලබා දීම.මේ අඩවියේ ලියාපදිංචිවෙන්න කැමති අය ඉන්නවා නම් පහල කසබන එකෙන් ගිහින් Sign Up වෙන්න.

 

 

14 comments :

  1. සිංහල දෙනව කියපු එකනම් ගොඩක් අලුත් ඒවගේම මාර වැදගත්...එල එල,දිගටම ලියන්න

    ReplyDelete
  2. @Lasindu Nadishan | Admin - www.Slbloggs.com
    ස්තූතියි සහෝ

    ReplyDelete
  3. Dan geegain ads speed neda? Try karala balahan macho...

    ReplyDelete
  4. @Anonymous
    thankzz මචන්..මම try එකක් දාලා බලන්නම්

    ReplyDelete
  5. Hi Lahiru,

    Geegain ads is fast delivering now! But I think we can earn using the Geegain's referral links more than publish their ads.

    Jiffry

    ReplyDelete
  6. Yaluwa Puluwannam hamotama danagannath ekka kiyala denawada deta entery wage online job ekak gana... man ahala thiyenwa wada baara aragena karanna puluwan site thiyenawalu... sure eken gewanawalu.. bt danne naha.. puluwannam karana widihath kiyala denna.. loku deyak.... thanxx !!

    ReplyDelete
  7. @Jiffry
    Dear frnd,Thanks 4 tip..:D
    But Geegain is not provide yet any referral link for referr it to new Publisher.Geegain only provide referral link for referr it to new Advertiser.

    @nelik
    සහෝ ඔයාගේ අවශ්‍යතාවය www.odesk.com site එකෙන් කරගන්න පුලුවන් වේවි. ඒ ගැන වැදගත් ලිපියක් lankatha.com බ්ලොග් අඩවියේ තිබුනා.පහල link එකෙන් ගිහින් බලන්න
    http://lankatha.com/lets-make-some-money/%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8-%E0%B7%83%E0%B6%B8%E0%B6%9C-%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A-make-money-while-learning

    ReplyDelete
  8. මගේ නම උඩ ක්ලික් කරල ගියොත් තවත් අන්තර්ජාලයෙන් සල්ලි යොයන්න පුළුවන් හොඳම ක්‍රම දැන ගන්න පුළුවන්.

    ReplyDelete
  9. Wadak naha machan bux site chaamax...
    thanx...

    ReplyDelete
  10. @nelik
    අනිවා...එත් පොඩි try එකක් දලා බලනා වෙන වැඩක් නැති නිසා මේ දවස් වල

    ReplyDelete
  11. මේ සිරාවට ඔබ සත පහක් වත් හොයල නැ නේද? facebook.com/TharakaDevinda

    ReplyDelete
  12. http://softwarefreesl.blogspot.com/

    ReplyDelete

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න